|

රාජ්‍ය ආයතන පිලිබඳ හෙළි වූ යථාර් ථය – කීර් ති  ගොඩිගමුව

ඉතිහාසයේ යම් යම් වකවානුවල රාජ්‍ය විසින් භාරගනු ලැබූ හා අත්පත්කරගනු ලැබූ ආර්ථිකයේ යම් යම් ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා පිහිටවනු ලැබූ බොහෝ ආයතන මුල් කාල වකවානුවල දී එම අවශ්‍යතා ඉටු කළ බව පෙනෙන්නට තිබිණි. එසේ වුව ද, කල් ගතවීමේ දී විශේෂයෙන් ම දේශපාලන බලපෑම් වලට යටත්වීමේ සහ දේශපාලන අවශ්‍යතා ඉටු කරන ආයතන බවට පත්වීමේ තත්ත්වයක් තුළ රටට හා මහජනතාවට උසුලාගෙන යා නොහැකි බරක් බවට පත්වී ඇති බව මේ වන විට පැහැදිලි කරුණකි. තවදුරටත් මෙම ආයතන මේ ආකාරයෙන් ම නොවෙනස්ව දිගටම පවත්වාගෙන යා යුතුද යන්න ප්‍රශ්නයකි. එබැවින් රටේ මහජන අවශ්‍යතා අනුව ඒවා යාවත්කාලීන නොවිය යුතුද? මෙය විමසා බැලීම අද වනවිට අත්‍යවශ්‍ය කරුණක් බවට පත්වී ඇත.

රජය යටතේ පවතින ඒකාධිකාරී හෝ එසේ නොවන ආයතන දේශීය සම්පත් ලෙස සලකා ඒවා රජය යටතේ ම පවත්වාගෙන යෑම අවශ්‍ය බවට අදහසක් ජනප්‍රිය ලෙස  පවතින බව පැහැදිලි කරුණකි. මීට මූලික හේතුව වශයෙන් දැක්විය හැක්කේ එම ආයතන මඟින් අඩු මිලට හෝ නොමිලේ භාණ්ඩ හෝ සේවා හෝ සැපයීම වුව ද ඒවා යේ අයිතිය පිලිබඳ පවතින යම් අභිමානයක් ද මිට හේතුවී ඇති බව පෙනෙන්නට තිබේ. රජය යටතේ පවතින මෙම ආයතන අඩු මිලට හෝ නොමිලයේ භාණ්ඩ  හෝ සේවා හෝ සපයන්නේ කෙසේද? යන ප්‍රශ්නය මෙහි දී සලකා බැලිය යුතු කරුණකි.

රජය යටතේ පවතින ඒකාධිකාරී හෝ එසේ නොවන ආයතන දේශීය සම්පත් ලෙස සලකා ඒවා රජය යටතේ ම පවත්වාගෙන යෑම අවශ්‍ය බවට අදහසක් ජනප්‍රිය ලෙස  පවතින බව පැහැදිලි කරුණකි. මීට මූලික හේතුව වශයෙන් දැක්විය හැක්කේ එම ආයතන මඟින් අඩු මිලට හෝ නොමිලේ භාණ්ඩ හෝ සේවා හෝ සැපයීම වුව ද ඒවා යේ අයිතිය පිලිබඳ පවතින යම් අභිමානයක් ද මිට හේතුවී ඇති බව පෙනෙන්නට තිබේ. රජය යටතේ පවතින මෙම ආයතන අඩු මිලට හෝ නොමිලයේ භාණ්ඩ  හෝ සේවා හෝ සපයන්නේ කෙසේද? යන ප්‍රශ්නය මෙහි දී සලකා බැලිය යුතු කරුණකි.

අනිකුත් පරාමිතීන් නො නස්ව පවතින පසුබිමක අඩු මිලට භාණ්ඩ හෝ සේවා හෝ  සැපයීම සඳහා භාවිත කළ හැකි ක්‍රම දෙකක් ගැන සඳහන් කළ හැකිය. එනම් කාර්යක්ෂමතාවය වැඩිකිරීම හෝ සහනාධාර මඟින් වියදම් ප්‍රතිපූර්ණය කර අඩු මිලට සැපයීම යි. මේ ක්‍රම දෙක අතුරින් මෙරට රාජ්‍ය ආයතන භාවිතා කරන ක්‍රමය වී ඇත්තේ  සහනාධාර සැපයීම මඟින් අඩු මිල යටතේ හෝ නෙමිලේ භාණ්ඩ හෝ සේවා හෝ සැපයීම යි. අඩු මිලෙහි හෝ නොමිලේ හෝ ලැබීමේ වාසිය ජනතාවට පුද්ගලිකව ලැබෙන නිසා මේ සඳහා මහජන සහය දිගට ම ලැබෙන බව ඉතා පැහැදිලි ය.

රජයේ ආයතන වල මුදල් පාලනයේ තීරණාත්මක කොටසක් දේශපාලකයන් අතත් ඉතිරි කොටස නිලධාරීන් අතත් පවතින හෙයින් ද, ආයතන පාලනය සම්පූර්ණ වශයෙන් නිලධාරීන් අත පවතින හෙයින් ද, මේ සඳහා මහජන සහය දිගට ම ලැබෙන බැවින් ද, ඒ ආකාරයෙන් ආයතන පවත්වාගෙන යෑම එයට සම්බන්ධ සියලු පාර්ශව වල සතුටට කරුණක් වී තිබේ. මේ සඳහා අවශ්‍යවන දේශපාලකයන් සහ නිලධාරීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය  සහ සහයෝගය ඔවුනොවුන්ගේ යහපැවැත්ම සඳහාද අනිවාර්ය අවශ්‍යතාවයක්  බැවින් ඒ සඳහා ඔවුන් අදිසි සන්ධානයකින් බැඳී සිටින බව ද, නිරීක්ෂණය  කළ හැකිය. මෙම අදිසි සන්ධානයේ පැවැත්ම ඕනෑ ම ආයතනයක පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කරුණක් වුවත්, මෙම තත්වය ජනතාවට අවාසිදායක ලෙස බලපාන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතු කරුණකි.

පුද්ගලික ආයතනයක ක්‍රියාකාරිත්වය, පැවැත්ම සහ ලාභ අලාභ එහි හිමිකරුවන්ගේ ක්‍රියාකලාපය මත තීරණය වුව ද, පොදුවේ ගත් කල ඒවායේ දීර්ඝ කාලීන පැවැත්ම සඳහා කාර්යක්ෂමතාවය අත්‍යවශ්‍ය සාධකයකි. එහෙත්, රජයේ ආයතනයක ක්‍රියාකාරිත්වය සහ පැවැත්ම තිරණය වන්නේ කාර්යක්ෂමතාවය මත නොව මහජන කැමැත්ත මත බැවින් රජයේ ආයතන තවදුරටත් මේ ආකාරයෙන් පවත්වාගෙන යෑමේ ප්‍රශ්නයක් ජනතාවගේ පැත්තෙන් මේ දක්වා උද්ගතව නොමැති බවක් පෙනෙන්නට තිබේ. එම තත්ත්වය පවතින්නේ මෙම ආයතනවල දුෂණ සහ අකාර්යක්ෂමතා ගැන බරපතළ චෝදනා තිබිය දී ය. එලෙස මෙම ආයතනවල වෙනසක් ගැන මහජනයා එතරම් උනන්දුවක් නොදක්වන  මේ අවස්ථාවේ පවතින ආණ්ඩුව රජයේ ආයතන ප්‍රතිව්‍යහගත කිරීමට හෝ විකිණීමට උත්සහ කරන්නේ ඇයි? යන කරුණ ද සලක බැලිය යුතුව ඇත.

පුද්ගලික ආයතනයක නම් එම ආයතනය පිහිටුම් ප්‍රග්ධනය සහ කාරක ප්‍රග්ධනය එම ආයතනය හිමිකරුවන් විසින් ඔවුන්ගේ පුද්ගලික ධනය යෙදවීමෙන් හෝ ඔවුන් ඇපවීමෙන් ලබාගත් ණය මුදල් යෙදවීමෙන් සපුරාගෙන ඇත. එබැවින් ඔවුන් එමඟින් එම ප්‍රාග්ධනය වැඩි දියුනු කිරීමටත් ලබාගත් ණය ගෙවා දැමීමටත්, ජීවන තත්ත්වය නඩත්තු කිරීම සඳහා අවශ්‍ය ආදායම් ලබාගැනීමටත්, උත්සුක වෙති. මෙම ක්‍රියාවලිය කුඩා ව්‍යපාරවල නම් බොහෝ විට හිමිකරුවන් විසින් ම සිදුකරනු ලබන අතර විශාල ව්‍යපාරවල දී එම ආයතන හිමිකරුවන් විසින් හෝ ඔවුන් විසින් සේවයේ යොදවනු ලබන අධ්‍යක්ෂකවරුන් හා කළමනාකරුවන් විසින් සිදුකරනු ලබයි.

එහෙත් රාජ්‍ය ආයතනවල මෙම ක්‍රියාවලිය මේ ආකාරයෙන් සිදුවන්නේ නැත. බැලූ බැල්මට පුද්ගලික හා රාජ්‍ය ආයතනවල ව්‍යහයේ සැලකිය යුතු තරම් වෙනසක් නැතත් එවායේ ක්‍රියාකාරිත්වයේ විශාල වෙනසක් ඇත. රාජ්‍ය ආයතනයක හිමිකාරිත්වය ඇත්තේ ජනතාවට යි. එම හිමිකාරිත්වය ආයතනය තුළ නියෝජනය වන්නේ ජනතා නියෝජිතයන් මඟිනි. රාජ්‍ය ආයතනවල හිමිකාරිත්වය ඇති ජනතාව එමඟින් බලාපොරොත්තු වන්නේ පහසු මිල ගණන් යටතේ හොඳ තත්වයේ භාණ්ඩ හා සේවාවන් ලබාගැනීම ය.

පහසු මිල ගණන් හා යම් යම් තත්වයේ භාණ්ඩ  හා සේවාවන් රාජ්‍ය ආයතන මඟින් සපයමින් පවතින නමුදු ඒ සෑම ආයතනයක්ම පාහේ මේ වන විට දැඩි මූල්‍ය අර්බුදවලට මුහුණ දී ඇත. මෙයට හේතුව කුමක්ද? පුද්ගලික ආයතනයක නම් එම ආයතනයේ හිමිකරුවන්ගේ අනුදැනුම මත විවිධ ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගත්ත ද රාජ්‍ය ආයතන වල මෙය සිදුවන්නේ හිමිකාරිත්වයේ අනුදැනුමකින් තොර පසුබිමක ඔවුන්ගේ නියෝජතයින් ලෙස සැලකෙන දේශපාලකයන් යටතේ ය. රජයේ ආයතන වල මුදල් පාලනයේ තීරණාත්මක කොටසක් දේශපාලකයන් අතත් ඉතිරි කොටස නිලධාරීන් අතත් පවතින හෙයින් සේවක බඳවාගැනීම්, අමු ද්‍රව්‍ය හා සේවා මිලදී ගැනීම් සහ ආයෝජනය කිරීම් යනාදියේ පාරද්‍රෂ්‍ය භාවය සහ වගවීම ඉතා අඩු ය. ඒ අතර ම එම ආයතනවල සැබෑ  හිමිකරුවන් වන රටවැසි ජනතාවගේ මේ සම්බන්ධ බලපෑමක් නොමැති තරම් ය.

රජයේ ආයතන වල මුදල් පාලනයේ තීරණාත්මක කොටසක් දේශපාලකයන් අතත් ඉතිරි කොටස නිලධාරීන් අතත් පවතින හෙයින් සේවක බඳවාගැනීම්, අමු ද්‍රව්‍ය හා සේවා මිලදී ගැනීම් සහ ආයෝජනය කිරීම් යනාදියේ පාරද්‍රෂ්‍ය භාවය සහ වගවීම ඉතා අඩු ය. ඒ අතර ම එම ආයතනවල සැබෑ  හිමිකරුවන් වන රටවැසි ජනතාවගේ මේ සම්බන්ධ බලපෑමක් නොමැති තරම් ය.

තොරතුරු දැනගැනීමේ පනත සම්මත වන තුරු රජයේ ආයතනවල හිමිකරුවන් වන රටවැසි ජනතාවට මෙම ආයතනවල ගනුදෙනු පිලිබඳ කිසිම තොරතුරක් දැනගැනීමට ක්‍රමයක් තිබුණේ නැත. මේ හේතුව නිසා ම හිමිකරුවන් වන ජනතාවගෙන් වසන් කොට  සිදුකරන මෙම ක්‍රියාකාරකම් සියල්ලේ ම ප්‍රතිඵලය ලෙස  අකාර්යක්ෂමතාව මෙම ආයතනවලට ආවේනිකව පවතී.   රාජ්‍ය ආයතන එම ක්ෂෙත්‍රයේ ඒකාධිකාරයක් වුවත් තරඟකාරිත්වයට මුහුණ දී ඇතත්, මෙම ආවේනික අකාර්යක්ෂමතාවයේ වෙනසක් නැත.

පුද්ගලික ආයතනයක නම් එම ආයතනයේ හිමිකරුවන්ගේ ලාභ අපේක්ෂාව හා තරඟකරුවන්ගේ අභියෝග හමුවේ ආයතනයට තම පැවැත්ම සඳහා ඉතිරිව ඇත්තේ කර්යක්ෂමතාව වර්ධනය කිරීමේ මාර්ගය පමණක් බැවින් ඔවුන් එම මාර්ගයේ ඉදිරියට යති. එසේ නොහැකි ආයතන බංකොලොත් වී වසා දැමීමට සිදුවේ. නමුත් රජ්‍ය ආයතන කෙතරම් අඩු කාර්යක්ෂමතාවක ක්‍රියාත්මක වුවත්, ඒවාගේ පැවැත්මට ඒතරම් තර්ජනයක් මේ දක්වා කිසිම කඳවුරකින් එල්ලවූයේ නැත. හේතුව මෙම අකාර්යක්ෂමතාවය වසාදැමීමට ආණ්ඩුවලින් ජනතාවට අල්ලස් වශයෙන් අඩු මිලට හෝ නොමිලේ හෝ  දෙන භාණ්ඩ හෝ සේවා භුක්තිවිඳීමට සලසා එමඟින් ඔවුන් නිෂ්ශබ්ද කිරීමේ හේතුවෙනි.

මේ තත්වය යටතේ සිදුවන පාඩුව භාණ්ඩාගාරය  මඟින් පුතිපූර්ණය කළ බව පමණක් පැවසීමෙන් පමණක් මෙතෙක් කල් සියලු දෙනා සෑහීමකට පත්වූ බව නොරහසකි. භාණ්ඩාගාරයට මුදල් ලැබෙන්නේ කෙසේදැයි විමසුවහොත්, ඒ මහජනයාගේ බදු මුදල් බව බොහෝ දෙනෙක් විශ්වාස කළහ. මෙය සමාන්‍ය තත්ත්වය යයි මහජනතාව සිතා සිටිය ද, එය එසේ නොවන බවත්, රජය තමන්ගේ ආදායම් වලින් එහි වියදම් පියවා ගැනිමටවත් අසමත් තත්ත්වයක සිටිය ද මුල සිට ම එය ජනතාවගෙන් සඟවා සිට ඇති බවත්, අද වන විට හෙලිවෙමින් පවතී.

මේ තත්වය යටතේ සිදුවන පාඩුව භාණ්ඩාගාරය  මඟින් පුතිපූර්ණය කළ බව පමණක් පැවසීමෙන් පමණක් මෙතෙක් කල් සියලු දෙනා සෑහීමකට පත්වූ බව නොරහසකි. භාණ්ඩාගාරයට මුදල් ලැබෙන්නේ කෙසේදැයි විමසුවහොත්, ඒ මහජනයාගේ බදු මුදල් බව බොහෝ දෙනෙක් විශ්වාස කළහ. මෙය සමාන්‍ය තත්ත්වය යයි මහජනතාව සිතා සිටිය ද, එය එසේ නොවන බවත්, රජය තමන්ගේ ආදායම් වලින් එහි වියදම් පියවා ගැනිමටවත් අසමත් තත්ත්වයක සිටිය ද මුල සිට ම එය ජනතාවගෙන් සඟවා සිට ඇති බවත්, අද වන විට හෙලිවෙමින් පවතී.

එසේනම්  විවිධ ආණ්ඩු මෙතරම් කාලයක් ජනතාවගෙන් වසන්කොට තබාගත් රහස කුමක්ද? එනම් ඉහත සඳහන් කළ එම වියදම් පියවාගැනීම සඳහා විවිධ දේශීය හා විදේශීය මූලාශ්‍ර වලින් ණය ලබාගැනීම යි. මෙහි දී අප ලජ්ජා විය යුතු කරුණ වන්නේ අප අඩු මුදලකට පරිහරණය කළ ආහාර, භාණ්ඩ හා සේවා යන සියල්ල සඳහා වැය වූ අමතර මිල පොලියත් සමඟ ගෙවීමට ඊලඟ පරම්පරාවට බාර කිරීමට සිදුවී තිබීම යි.

එනමුත් මෙතෙක් පැවති තත්ත්වය මේ වනවිට පුපුරා ගොස් රට බංකොලොත් වී ඇති පසුබිමක රජයට තවදුරටත් විදේශ ණය ලබාගැනීමට නොහැකි වී ඇත. එබැවින් තවදුරටත් ජනතාවට අල්ලස් දීමට මේ වන විට ආණ්ඩුවට හැකියාවක් නැත. එබැවින්, රජයේ ආයතන පිලිබඳ යථාර්ථය හෙලිවෙමින් පවතින අතර ඒ සමඟම එම ආයතනවල පවතින අකාර්යක්ෂමතාවයේ බර ද මහජනතාවගේ කර මත පැටවෙමින් පවතී.

පවතින අඳුරු වලාවේ රිදී රේඛාව ලෙස මේ අවස්ථවේ දිස්වන්නේ රජයේ ආයතන ප්‍රතිව්‍යහගතකරණ ක්‍රියාවලිය යි. බොහෝ කලකට පෙර කලයුතුව තිබුණ ද, කිසිම රජයක් අත නොගැසූ මෙම ක්‍රියාවලිය මේ අවස්ථාවේ හෝ ක්‍රියාත්මක කර අවසන් කළ හැකි වුවහොත් එය රට සහ මහජනයා ලබන සියවසේ ජයග්‍රහනය වනු ඇත.

පවතින අඳුරු වලාවේ රිදී රේඛාව ලෙස මේ අවස්ථවේ දිස්වන්නේ රජයේ ආයතන ප්‍රතිව්‍යහගතකරණ ක්‍රියාවලිය යි. බොහෝ කලකට පෙර කලයුතුව තිබුණ ද, කිසිම රජයක් අත නොගැසූ මෙම ක්‍රියාවලිය මේ අවස්ථාවේ හෝ ක්‍රියාත්මක කර අවසන් කළ හැකි වුවහොත් එය රට සහ මහජනයා ලබන සියවසේ ජයග්‍රහනය වනු ඇත.

කීර් ති  ගොඩිගමුව

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *