පළාත් ඡන්දයේ ඉරණම තීන්දු කිරීමට පෙත්සම 21 අඟහරුවාදා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ?

 

පළාත් පාලන ඡන්ද විමසීම කල් දමන ලෙස ඉල්ලා ඉදිරිපත් කොට ඇති පෙත්සම 21 දා , අඟහරුවාදා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගනු ඇතැයි තතු දත් දේශපාලන අංශ කියයි

මෙම 23 දා කැඳවීමට දින නියම කර තිබු පෙත්සම මෙලෙස කැඳවනු ඇත්තේ ඒ සඳහා පෙත්සම්කාර පාර්ශවය මෝසමක් මගින් කළ ඉල්ලීමකට අනුව ය. පසුගිය 10 දා කැඳවීමෙන් පසුව එය 23 දා දක්වා කල් දමා තිබිණි.

කෙසේ වෙතත්, එම මෝසමෙන් ඉල්ලා සිටියේ තැපැල් ඡන්දය 22,23, දිනවල පැවැත්වෙන නිසා පෙත්සම ඊට පෙර විභාගයට ගන්නා ලෙසයි.

එසේ වුව ද, මේ වනවිට තැපැල් ඡන්දය දින නියමයක් නැතිව කල් දමා තිබේ.

ඒ අතර වාරයේ පෙත්සම 21 දා විභාගයට ගැනීමට අවශ්‍ය තීරණ ගෙන ඇති බව කියති.

මැතිවරණය යොදාගත් පරිදි පැවැත්වීමට නොහැකි බවට මැතිවරණ කොමිසම ඉදිරිපත් කිරීමට යන මෝසම ද 21 දා ඉදිරිපත් කරනු ඇති බව ද, අපගේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *