එන්න අපි පාරට බහිමු – නවන් පතිරත්න – Chatham Street journal
කියාය. ජවිපෙ නායකයා මෙවැනි ප්‍රකාශයක් සිදුකළේ එදින පෙබරවාරි මැතිවරණ කොමිසම කරන ලද ප්‍රකාශයක් පාදක කරගෙනය. ඒ මුදල් ගෙවීමකින් තොරව පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සිදු කළ නොහැකි බවට රජයේ මුද්‍රණාලයේ අධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දීමෙන් පසු ඇති වී තිබෙන තත්ත්වය ගැන මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර පැවැත්වූ සාකච්ඡාවක් අවසානයේ දී පෙබරවාරි 15 සැලසුම් කළ පරිදි තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීමට නොහැකි බව කරන ලද ප්‍රකාශයයි. මෙම ප්‍රකාශය ජනමාධ්‍ය හරහා ප්‍රචාරය වූයේ දින නියමක් නොමැතිව තැපැල් ඡන්දය කල් දමා ඇත කියාය.
මෙම ප්‍රකාශය පාදක කරගෙන ජවිපෙ නායකයා සිය දේශපාලන ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින් බරපතළ තීන්දුවක් ගෙන ඇති බව පැහැදිලිය. ඒ ආර්ථික අර්බදුයකින් පීඩා විඳින රට අරගලකාරී අරාජිකත්වයකට ඇදදැමීමට උත්සාහ කිරීමයි. ඔවුන්ගේ උත්සාහය මැතිවරණය කල් දැමීම ආණ්ඩුවේ වැඩක් බව සමාජය ඒත්තු ගන්වා නැවතත් මහපාරට මිනිස්සු ගෙන්වා ගෙන, රාජ්‍ය මර්දනය කැඳවාගෙන රට තවදුරටත් බරපතල අරාජිකත්වයකට ඇද දැමීමටයි. එවිට මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි ද අර්බුදයෙන් අර්බුදයට රට තල්ලු කරමින් සිටිනවා යැයි ද වහාම ආණ්ඩුව පන්නා දැමිය යුතු යැයිද ඔවුන් විසින් සමාජගත කරමිනි ඇති කුප්‍රකට පණිවිඩය මුවහත් කර ගත හැකිය.
ඉන් ලැබන වාසි සහගත අවස්ථාවේ මේ අර්බුදයෙන් රට මුදවා ගත හැකි එකම ගැලවුම්කරුවා තමන් යැයි පවසා සිය ඡන්ද ගොඩ වැඩිකරගෙන රාජ්‍ය බලය ඩැහැගැනීමට උත්සාහ කිරීමයි. එය එක්අතකින් විපක්ෂයේ දේශපාලන පක්ෂයක් ලෙස අතිශය සාධාරණ විය හැකිය. නමුත් එය අපරාධයක් නොවන්නට නම්, අර්බුදය විග්‍රහා කරන අටුඅටිකා ටිප්පනීවලට එහා ගිය අර්බුදයෙන් රට මුදවා ගත හැකි යැයි විශ්වාස කළ හැකි මට්ටමේ පැහැදිලි සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔවුන් සතුව තිබිය යුතුය. අද තව වෙනතුරු එවැනි පැහැදිලි නිසි වැඩපිළිවෙළක් ඔවුන් සතුව ඇතැයි සමාජය හමුවේ තහවුරු කිරීමට අසමත්වීමම රැලි දේශපාලනයේ ඛේදවාචකයකි.
අනෙක් පසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය නම් කළේ ද තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනයට බෙදාහැරීමට නොහැකි බව ප්‍රකාශ කළේ ද මැතිවරණ කොමිසන් සභාව විසිනි. එය ද මැතිවරණ කොමිසමේ පෞද්ගලික වුවමනාවට ගත් තීන්දුවක් නොවන අතර මේ වනවිට රටේ පවතින බරපතල මූල්‍ය අර්බුදය හේතුවෙන් මැතිවරණයක් වෙනුවෙන් මුදල් වෙන් කිරීමට මහා භාණ්ඩාගාරය සතුව මුදල් නොමැතිවීම හේතුකොටගෙනය. මේ බව විපක්ෂයේ උදවිය මැනවින් දැන සිටිය ද ඔවුන් කියන්නේ, කෙසේ හෝ මැතිවරණය පැවැත්විය යුතු බවය.
පොකට් පිරෙන කොට පිකට් නැතිවෙනවා
එපමණක් නොව කිසිවකු අත්නොහැරෙන සේ සමාජ සුබසාධන කාර්ය සැලසුම් සහගතව දියත් කරමින් සිටියි. තවද ආර්ථික කළමනාකරණය නිවැරදිව සිදුකළ යුතු බැවින් පුද්ගලිකවත් දේශපාලනිකවත් අවාසි සහගත වුව ද අසීරු තීන්දු තීරණ ගනිමින් රට යහමගට ගැනීමේ වැඩපිළිවෙළ පෝෂණය කරමින් සිටියි. මේ වැඩපිළිවෙළ තව කෙටි කාලයක් මේ ආකාරයට සාර්ථකව ක්‍රියාත්මක වුවහොත් විපක්ෂයේ බලදේශපාලන වුවමනාවන් සහිත පුද්ගලයන්ට බරපතළ අවාසියක් බව ඔවුන් තේරුම් ගෙන ඇති බව පැහැදිලිය.
ඒ නිසාම හැකි සෑම අවස්ථාවක්ම උපයෝගී කොටගෙන ඔවුන් සිදුකරමින් සිටින්නේ, සමාජ ආර්ථික අර්බුදය නඩත්තු කිරීමට කටයුතු කිරීම සහ එය තව තවත් පීඩාකාරී වන තැනට කටයුතු කිරීමයි. විපක්ෂයේ උදවිය පසුගිය කාලය පුරාම සිදුකළ සෑම ක්‍රියාකාරකමක් දෙසම විමසිලිමත්ව බැලූ කළ එය පැහැදිලිව හඳුනාගත හැකිය.
විපක්ෂයේ උදවියගේ සූදානම පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව පෙරළා දැමීමටය. මැතිවරණ සමීක්ෂණ වාර්තා නිරීක්ෂණ කිරීමේදී පැහැදිලි වන්නේ, එය එතරම් පහසුවෙන් සිදුකළ හැක්කක් නොවන බවය. මන්ද සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් තුන්කොන් සටනක නිරතව ඇති බැවිනි. මෙකී සමීක්ෂණ වාර්තා අනුව පළාත් පාලන මැතිවරණයේ පැහැදිලි තනි බලයක් එක් පක්ෂයකට ලැබෙන ආකාරයක් නිරූපණය නොකරන අතර බහුතරයක් පළාත් පාලන ආයතන තුළ අකමැත්තෙන් වුවද සන්ධාන ආණ්ඩු ගොඩනැගීමට සිදුවනු ඇත. එය ප්‍රාදේශීය පරිපාලනයට එතරම් හිතකර තත්වයක් නොවනු ඇත. ඒ මෙතෙක් කලක් සන්ධාන ආණ්ඩු අටවාගත් කිසිදු පළාත් පාලන ආයතනයක සාර්ථක පාලනයක් සිදු කර නොමැති බැවිනි. එය එසේ වුවද විපක්ෂයට අවශ්‍ය මැතිවරණය කෙසේ හෝ පවත්වා තමන්ගේ ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කිරීමය.
විපක්ෂයේ මේ වැඩවලින් රට අරාජික වුවද අර්ථික අර්බුදය තව තවත් දරුණු පීඩාකාරී වුවද එය ඔවුන්ගේ ප්‍රශ්නයක් නොව ආණ්ඩුවේ ප්‍රශ්නයකි. විපක්ෂයේ පැහැදිලි කිරීම එයය. ඒ අනුව විපක්ෂය දැන් දැන් අරඅදින්නේ නැවතත් ආණ්ඩු විරෝධී අරගලයකට ජනතාව පොළඹා ගැනීමටය. ජවිපෙ නායක අනුර දිසානායකගේ මොණරාගල කන්නලව්ව ඒ වෙනුවෙන්ය.
කෙතරම් ම්ලේච්ඡ වුවද එය විපක්ෂයේ මහත්වරුන්ට අදාළ නැත. ඒ බල දේශපාලන පෙරේතකම අන් සියල්ලටම වඩා උසස් යැයි ඔවුන් කල්පනා කරන බැවිනි.
ඡන්ද තියන්න රටක්
ඕනෑම ආණ්ඩුවක මහ භාණ්ඩාගාරය මුදල් වෙන් කරනු ලබන්නේ, නිසි ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුවය. මේ මොහොතට අදාළව ගත්විට ලංකාවේ ප්‍රමුඛතම කාර්ය රටේ මිනිසුන් ජීවත් කරවීමය. ඒ වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට සිදුව ඇත. සමාජ සුබසාධන වැඩපිළිවෙළ දියත් වන්නේ ඒ වෙනුවෙනි. එවන් මොහොතක මැතිවරණයකට රුපියල් මිලියන 10,000ක් වැනි අති විශාල මුදල් සම්භාරයක් යට කිරීම යනු අර්ථික අවපාතයේ පහළම ස්ථරයේ අසීරුවෙන් දිවි ගෙවන දහස් ගණනක මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් නොවේ යැයි කිසිවකුට සාධාරණීයකරණය කළ හැකි නොවේ.