චීනයේ සහතිකය වෙනුවට ශ්‍රී ලංකාවෙන් සහතිකයක් – අයි එම් එෆ් ණය ගන්න හැටි මහ බැංකු අධිපති කියයි

 

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ගැනීමට චීනයෙන් ශක්තිමත් සහතිකයක් නොලැබුන හොත් ශ්‍රී ලංකාවෙන් එම සහතිකය ලබා දීම මගින් ණය අනුමත කර ගත හැකි වන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

සියලු ණය හිමියන් වෙත ශ්‍රී ලංකා රජය ලබා දෙන එම සහතිකය වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී කිසිදු රටකට විශේෂ සැලකිල්ලක් නොදක්වන බව සහ සියලු දෙනාට සමාන ලෙස සලකන බවයි.

එම සහතිකය ලබා දුන් විට ණය අනුමත කිරීමේ හැකියාව දැන් ඇති බවත්, ඉන්දියාවෙන්, පැරිස් සමාජයෙන් මුල්‍ය අරමුදලට අවශ්‍ය සහතිකය ලැබී ඇති අතර චීනයෙන් ද තරමක් ප්‍රබල සහතිකයක් ලැබී තිබෙන බවත්, මහා බැංකු අධිපතිවරයා කියයි.

ඒ අනුව මාර්තු මාසයේ එම නය මුදල ලැබෙනු ඇති බවත් ඒ සමග ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ආදී අනෙක් ආයතන ද ආධාර දීමට පොරොන්දු වී ඇති බවත් ඒ මහතා කියයි.

මෙම මුදල් ලැබුණු පසු බැංකු පොලිය සීග්‍රයෙන් අඩු වනු ඇති බවත්, විදේශ සංචිත වැඩි කරගත හැකි වන බවත් මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කරයි.

ශ්‍රී ලංකා බිස්නස් ටී වී සමග සම්මුක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

එම සාකච්ඡාව පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *