මාර්තු 9 ඡන්දය තියන්න බෑ – මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ?

 

කලින් නියම කරගත් පරිදි පළාත් පාලන ඡන්දය මාර් තු 9 දින පැවැත්විය නොහැකි බව මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමට මැතිවරණ කොමිසම තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

පසුගියදා පැවති පෙත්සම් විභාගවල දී මැතිවරණ කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ මැතිවරණයේ සියලු කටයුතු නියමිත පරිදි සිදුකරන බවයි.

කෙසේ වෙතත්, මාර්තු 9 දින මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පක්ෂ ලේකම්වරුන්ට මේ වන විටත් දැනුම් දී ඇති බව ද වාර්තා වෙයි.

මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස නියෝගයක් අධිකරණයෙන් ලබා ගැනීමට කොමිසම අපේක්ෂා කරන අතර එය නොලැබුණහොත් මැතිවරණය මාස හයකට කල් දැමීමට තීරණයක් ගනු ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *