ජනක රත්නායක දැන් හිටියත් එකයි , නැතත් එකයි ලු ; ඉවත් කරන්න හදිසියක් නෑ !

 

විදුලිය සැපයුම යතාවත් කිරීමේ උත්සාහයන්ට දිගින් දිගට බාදා කළ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා තනතුරින් ඉවත් කිරීමට මුලින් අදහස් කොට තිබුණ ද දැන් එබඳු හදිසියක්  නැති බවත්, ඔහුට දැන් කිසිවක් කළ නොහැකි බවත්, විදුලිබල අමාත්‍යංශයේ ඉහළ නිලධාරීහු කියති.

හිතුවක්කාර ලෙස ක්‍රියාකරන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට කිසිදු විශේෂ නීතිමය බලයක් ලබා දී නැති බවත්, ඔහු කළ යුතු වන්නේ කොමිසමේ තීන්දු ක්‍රියාත්මක කිරීම පමණක් බවත්, ඔවුහු කියති.

උපයෝගිතා කොමිසම යනු එහි කාර්ය මණ්ඩලය කියා සිතාගෙන ජනක රත්නායක මහතා ක්‍රියා කරන බව පෙනෙන්නට ඇති නමුත්, කාර්ය මණ්ඩලය කළ යුතු වන්නේ කොමිසම ගන්නා තීන්දු සහ දෙන උපදෙස් ක්‍රියාවට නැගීම පමණක් බවත් කියති.

උපයෝගිතා කොමිසමේ හිටපු සාමාජිකයින් තිදෙනකු ඉල්ලා අස් වුයේ ජනක රත්නායක මහතා සමග වැඩ කළ නොහැකි බව කියමිනි.

අධිකරණයෙන් ද ප්‍රකාශ කළේ රත්නායක මහතා හිතුවක්කාර ලෙස ක්‍රියාකරන බව ඔවුන්ට ද පෙනී යන බව යි. නඩු ගාස්තු ද පුද්ගලිකව ගෙවීමට අධිකරණය නියෝග කළේය.

මේ ආකාරයෙන් තව දුරටත් ක්‍රියා කළහොත් එහි ප්‍රතිවිපාකවලට ජනක රත්නායක මහතාට මුහුණ දෙන්නට සිදුවනු ඇති බව ද අමාත්‍යංශ නිලධාරීහු කියති.

කෙසේ වෙතත්, විදුලිබල ඇමති කංචන විජේසේකර මහතා කීවේ ඔහු ගැන සුදුසු තීරණයක් ඉදිරි කාලයේ ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *