විදුලිය ගොඩ දමන්න රාජ්‍ය බැංකු දෙකෙන් බිලියන 72 ක්

 

ලංකා විදුලි බල මණ්ඩලයට ලංකා බැංකුවෙන් රුපියල් බිලියන 22 ක් ද, මහජන බැංකුවෙන් බිලියන 50 ක් ද ඊයේ අනුමත කොට ලබා ගැනීමට හැකි වූ බව විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා අද පැවති මාධ්‍ය සාකච්ඡාව දී ප්‍රකාශ කළේය.

කලින් සාකච්ඡා කොට තිබු මෙම ණය මුදල් අනුමත කිරීම ප්‍රමදවෙමින් පැවතියේ ලංවිමයේ ආපසු ගෙවීමේ හැකියාව පිලිබඳ ගැටලුව මත ය. නව විදුලි ගාස්තු අනුමත වීමත් සමග එම ප්‍රශ්නය විසඳි ඇත.

ගල් අඟුරු නැව් සඳහා ගෙවීමට මෙන් ම ඉන්ධන මිල දී ගැනීමට තිබුණු ප්‍රශ්න මේ අනුව විසඳි තිබේ.

අර්බුදයකින් තොරව අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට මේ නිසා අද සිට හැකිවන බව ඇමතිවරයා කියයි.

ඒ සඳහා රජයකට , ජනාධිපතිවරයකුට සහ ඇමතිවරයකුට ගැනීමට සිදුවන අමාරු ම තීරණය ගත්  බව ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *