මැතිවරණය කල්දාන සම්මුතියකට සාකච්ඡා ?

 

පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් සම්පාදනය කිරීමේ භාණ්ඩාගාරයේ හැකියාව අනුව නිශ්චිත කාලයක් සඳහා ඡන්දය කල් දැමීමේ එකඟත්වයක් සඳහා සාකච්ඡා ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

මැතිවරණ කොමිසමේ බලවතකු මෙම උත්සාහයට මුල් වී ඇති අතර ඔහු රජයේ ඉහළ බලවතෙකු හමු වී සාකච්ඡා කොට ඇති බව ද කියති. පසුගිය කාලයේ බලවත්ව සිටි දේශපාලන ප්‍රබලයකු මේ සඳහා පහසුකම් සපයා ඇති බව ද දැනගන්නට තිබේ.

දැනට පවතින තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට අධිකරණයේ පිහිට පැතීමේ හැකියාව ඇතත්, එය කල් ගතවන ක්‍රියාවලියක් විය හැකි බව මැතිවරණ කොමිසමේ ඇතැම් ප්‍රබලයන්ගේ මතය වී තිබේ.

මැතිවරණය පවත්වා ගැනීමට හැකි එකම ඉක්මන් ක්‍රමය ප්‍රතිපාදන සැපයීමේ භාණ්ඩාගාරයේ හැකියාව අනුව මාස කිහිපයකට ඡන්දය කල් දමා ගැනීමේ එකඟත්වයකට පැමිණීම බව එම ප්‍රබලයන්ගේ මතය වී තිබේ.

දැනට පවතින අවිනිශ්චිත තත්ත්වය යටතේ මාර්තු 9 දා ඡන්දය පැවැත්වීමේ හැකියාවක් නැති බව ද කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *