නව සංශෝධනයෙන් ගෘහස්ත විදුලි ගාස්තුවේ උපරිම වැඩිවීම රුපියල් 3080 යි

 

ලංකා විදුලිබල මණ්ඩලය අද සිට ක්‍රියාත්මක කරන විදුලි ගාස්තු සංශෝධනයේ දී ගෘහස්ත පාරිභෝගිකයින්ගේ උපරිම ගාස්තු වැඩිවීම රුපියල් 3080 ක් බවට ගණන් බලා ඇත.

එම ප්‍රමාණයෙන් ගාස්තු වැඩි වන්නේ ඒකක 90 කට වැඩියෙන් පරිභෝජනය කරන ගෘහස්ත පාරිභෝගිකයින් සඳහා ය.

නව සංශෝධනය අනුව ඒකක 30 ක් පරිභෝජනය කරන පාරිභෝගිකයකුගේ ගාස්තු වැඩිවීම රුපියල් 940 ක් වන අතර ඒකක 60 ක් පරිභෝජනය කරන අයකුගේ වැඩිවීම රුපියල් 1880 කි. ඒකක 90 දී වැඩිවීම 2540 ක් වෙයි . ඉන් පසුව වැඩිවීම 3080 ක් වන අතර ඉන් ඉහළ සියලු පාරිභෝගිකයින්ගේ උපරිම වැඩිවීම වන්නේ එම සංඛ්‍යාවයි.

නව ගාස්තු අනුව ඒකක 30 පරිභෝජනය කරන්නකු ගෙවිය යුතු සම්පුර්ණ ගාස්තුව රුපියල් 1300 කි. ඒ ස්ථාවර ගාස්තුව රුපියල් 400 ක් සහ ඒකක 30ක් සඳහා රුපියල් 900 ක් වශයෙනි. ඒකක 60 කදී සම්පුර්ණ ගාස්තුව 2560 ක් වන අතර 90 ක දී ගාස්තුව 3920 කි.

මෙම ගාස්තු ක්‍රමය අද දින සිට ක්‍රියාත්මක වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *