නව මැතිවරණ කොමිසමට හිටපු කොමසාරිස්වරු කිහිප දෙනෙක් !

 

අලුතින් පත්කරන මැතිවරණ කොමිසන් සභාවට මැතිවරණ කොමිසමේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරුන් කිහිප දෙනෙකු පත්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

මැතිවරණ ගැන ප්‍රයෝගික අත්දැකීම් ඇති පිරිසක් කොමිසමේ සිටිය යුතු බව සැලකිල්ලට ගනිමින් මෙම පත්කිරීම් සිදුකරනු ඇතැයි කියති.

මෙම කොමිසන් සභා සඳහා නාම යෝජනා භාරගැනීම අදින් අවසන් වෙයි. ඉන් පසු සුදුස්සන් තෝරා ගැනීම ව්‍යවස්ථා සභාව මගින් සිදුකළ යුතු අතර එම නිර්දේශ මත ඔවුන් පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කළ යුතු ය.

වත්මන් මැතිවරණ කොමිසමේ නිල කාලය පසුගිය නොවැම්බරයේ 21 වැනි සංශෝධනය බලාත්මක වීමත් සමග අවසන් වූ නමුත් නව කොමිසම පත් වන තෙක් වැඩ බැලීම පැරණි කොමිසම විසින් සිදු කළ යුතු වී ය.

නව කොමිසම පත්කිරීම මේ වනවිටත් මාස කිහිපයක් ප්‍රමාද වී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *