13 සංශෝධනය ගැන මුනිවත රකින්න ජාජබ තීරණය කරයි

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය ගැන පක්ෂව හෝ විපක්ෂව කිසිවක් ප්‍රකාශ නොකර සිටීමට ජාතික ජන බලවේගය තීරණය කොට ඇති බව තතු දත් දේශපාලන අංශ ප්‍රකාශ කරයි.

13 වැනි සංශෝධනයට තමන් පක්ෂ බව ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසුරිය මහත්මිය ප්‍රකාශ කිරීමෙන් පක්ෂය තුළ ඇතිවූ මත ගැටුමකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.

ජාජබ ප්‍රධාන පක්ෂය වන ජවිපෙය 13 වැනි සංශෝධනයට එරෙහිව ප්‍රචණ්ඩ අරගලයක් කළ පක්ෂයක් වන අතර ජාජබ ට එක් වී සිටින වාමාංශිකයන් සහ බුද්ධිමතුන් 13 වැනි සංශෝධනයට මෙන් ම දේශපාලන බලය බෙදීමකට පක්ෂ පිරිසක් වීම නිසා එම සන්ධානය මෙම අර්බුදයට මුහුණ දී සිටින බව කියති.

එයට එක්ව සිටින ඇතැම් වාමාංශික පක්ෂවල සාමාජිකයින් ද ජවිපෙ විසින් ඝාතනය කරනු ලැබුවේ 13 සංශෝධනයට පක්ෂ වීම හේතුවෙනි.

මේ නිසා 13 සංශෝධනය රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක නොකරන බවත්, එසේ කියන්නේ බොරුවට බවත්, කියමින් ප්‍රශ්නය මග හරින ලෙස ජාජබය තම සංවිධානයේ ප්‍රචාරකයන්ට උපදෙස් දී තිබේ.

එමෙන් ම, පක්ෂයේ ප්‍රචාරක රැස්වීම්වල දී මෙම ප්‍රශ්නය ගැන කතා නොකිරීමට ද උපදෙස් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *