|

IMF අත ළඟයි! – ලංකාව වෙනුවෙන් පැරිස් සමාජයෙන් මූල්‍ය ඇපකර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට හිමිවීමට ඇති ණය මුදල වෙනුවෙන් මූල්‍ය ඇපකර ලබාදීමට ණය දෙන රටවල ප්‍රමුඛ කණ්ඩායමක් වන පැරිස් සමාජය පියවර ගෙන ඇත.ශ්‍රී ලංකාවේ මේ වනවිට උද්ගත ව ඇති දැඩි මූල්‍ය අවපාතය හේතුවෙන් ආර්ථිකමය වශයෙන් අසීරු අඩියක සිටින හෙයින් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ඇප පැකේජයක් සඳහා පැරිසි සමාජය මෙම සහාය ලබාදෙයි.පැරිස් සමාජය යනු 1956 වර්ෂයේ දී බටහිර රාජ්‍යයන් එක්ව ණයහිමි ප්‍රබල රාජ්‍යයන් එක්ව තැනූ සමාජයකි.

මෙම සමාජයේ ප්‍රධානතම අරමුණ වන්නේ නිල ණයහිමියන්ට ණයගැති රාජ්‍යයන් මුහුණදෙන ණයගෙවීම් දුෂ්කරතා සඳහා සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමයි. පැරිස් සමාජයේ පරමාර්ථය වන්නේ ද්විපාර්ශ්වික ණය ආපසු ගෙවීමට නොහැකි රටවල් සඳහා තිරසාර ණය සහන ලබා දීමයි.

පැරිස් සමාජයේ සාමාජිකයින් යටතට රටවල් 22 ක් ඇතුළත් වන අතර, ඒවා සියල්ලම ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ (OECD) සාමාජිකයින් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම රටවල් වන්නේ ඔස්ට්‍රෙලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඊශ්‍රායලය, ජපානය, නෙදර්ලන්තය, නෝර්වේ, රුසියාව, දකුණු කොරියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයයි.

වර්ෂ 1956 සිට මෙම සමාජය අමෙරිකානු ඩොලර් බිලියන 614ක් ගනුදෙනු කර ඇත.

ණයගැති රටවල් 102ක් සමඟ ගිවිසුම් 478කට එළැඹ ඇති බව ද පැරිස් සමාජයේ නිල වෙබ් අඩවිය පෙන්වා දෙයි.

පැරිස් සමූහයේ රටවල් අතීතයේ දී ප්‍රධාන ණය දෙන්නන් වූ නමුත් මෑත වසරවල දී චීනය විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාවේ, විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නන් වන්නේ ඉන්දියාව, චීනය සහ ජපානය වන අතර, චීනය ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණයවලින් 52% ක් ද, ජපානය 19.5% ක් ද, ඉන්දියාව 12% ක් ද දරයි.

ඉන්දියාව 2023 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කළ අතර ඒ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කළේය.

ලංකාවට අවශ්‍ය මූල්‍ය සහතිකයක් ලබා දෙන ලෙස ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිඛිතව දන්වා ඇති අතර, අනෙකුත් ජාතීන් එහි අඩිපාරේ ගමන් කරනු ඇතැයි ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

(hirunews.lk)

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *