|

වැරැද්ද රනිල්ගේය ! – කුලසිරි ලියනගේ

 

 

 

ජනාධිපති රනිල් රට බාර ගන්නා විට රටේ තිබුණේ ඉන්ධන පෝලිම්ය. ගෑස් පෝලිම්ය. කිරිපිටි පෝලිම්ය. ඖෂධ පෝලිම්ය. ආහාර පෝලිම්ය. ගොවියන්ට පොහොර නැත. පැය 10-12ක විදුලි කප්පාදුවක්ය. භාණ්ඩ මිල දවස ගාණේ ඉහළ යමින්ය. ව්‍යාපාර කර්මාන්ත වැසී යමින්ය. ආදායම් මාර්ග ඇහිරී යන එන මං නැතුවය. ජනතාවගෙන් දෙකෙන් පංගුවක් හිටියේ හෙට දවසක් ගැන කෙසේ වෙතත් වේලක් කෑවොත් ඊළඟ වේල කන්නේ කොහොමද යන ප්‍රශ්නය සමඟය. රටේ හිටීමෙන් කිසිම වගතුවක් නැතැයි කියා ලක්ෂ ගාණක් කොහේ හෝ රටකට යන්න පාස්පෝට් පෝලිමේය. ආරම්භයේ සාමකාමී කියූ අරගලය ප්‍රචණ්ඩත්වය වැලඳගෙනය. රට පැයෙන් පැය දරුණු අරාජිකත්වයකට ගමන් කරමින්ය. පොලිසිය මෙන්ම හමුදාව පත්ව සිටියේ තත්ත්වය පාලනය කරගන්න පවා හිතාගන්නවත් බැරිවය. රටේ නීතිය ඊනියා අරගලය අත්කරගෙනය. විපක්ෂයට ආණ්ඩුව බාර ගන්න කිවුවත්, ඒ අභියෝගය බාර ගන්න කොන්දක් විපක්ෂ නායකයාටද තිබුණේ නැත. දින ගණනක් රට කරවන කැබිනෙට්ටුවක් තිබුණේද නැත. හිටපු පාලකයා සිය වගකීම අත්හැර රටිනුත් පලා ගිහින්ය.

ඒ නිදහස් ලංකාව ඉතිහාසයේ කිසිම දිනයක අත්දැක තිබූ තත්ත්වයක් නොවීය. සියල්ල අග මුල නැති වැලක් බඳුව ව්‍යාකූලව තිබිණ. විපක්ෂයේ තනි මන්ත්‍රීවරයකුව සිට රනිල් පළමුව අග්‍රාමාත්‍ය ලෙසත් දෙවනුව ජනාධිපති ලෙසත් රට බාර ගත්තේ එහෙම පසුබිමකය. රට බාර ගත් රනිල් පළමුව පෝලිම් යුගය අවසන් කළේය. අනතුරුව විසඳුමක් පෙනෙන තෙක්මානයක නොතිබූ ආර්ථික අර්බුදය විසඳීම වෙනුවෙන් අතුරු අය-වැයක් හරහා මූලික පදනම දැමීය. බිංදුවට වැටී තිබූ රාජ්‍ය ආදායම ක්‍රමයෙන් ඉහළ දැමීමට මෙන්ම හදිසියට ඩොලරයක් හොයා ගන්නට නැතිව තිබූ විදෙස් සංචිතය ක්‍රමයෙන් ගොඩනැඟීම ඇරඹීය. ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ආධාර උපකාර ගත්තේය. එසේම පවතින දරුණු ආර්ථික අර්බුදය විසඳා ගැනීමේදී අනිවාර්යයක් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට ඇතළුවීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගත්තේය. ඊට ප්‍රධාන කොන්දේසියක් වූ ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් ණය හිමියන් සමඟ සාකච්ඡා ඇරඹීය.

රට බාර ගත් රනිල් පළමුව පෝලිම් යුගය අවසන් කළේය. අනතුරුව විසඳුමක් පෙනෙන තෙක්මානයක නොතිබූ ආර්ථික අර්බුදය විසඳීම වෙනුවෙන් අතුරු අය-වැයක් හරහා මූලික පදනම දැමීය. බිංදුවට වැටී තිබූ රාජ්‍ය ආදායම ක්‍රමයෙන් ඉහළ දැමීමට මෙන්ම හදිසියට ඩොලරයක් හොයා ගන්නට නැතිව තිබූ විදෙස් සංචිතය ක්‍රමයෙන් ගොඩනැඟීම ඇරඹීය. ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ආධාර උපකාර ගත්තේය. එසේම පවතින දරුණු ආර්ථික අර්බුදය විසඳා ගැනීමේදී අනිවාර්යයක් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට ඇතළුවීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගත්තේය. ඊට ප්‍රධාන කොන්දේසියක් වූ ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් ණය හිමියන් සමඟ සාකච්ඡා ඇරඹීය.

ප්‍රතිසංස්කරණය

මේ වන විට ඒ සියලු ප්‍රයත්නයන් සාර්ථක ලෙස අවසන් අදියරට පැමිණ ඇත. අනාගතයේ ආර්ථික වශයෙන් බලගතු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දී ඇත. රනිල් ජනාධිපතිව මාස කිහිපයක් තුළ රටේ ජනතාවටද යම් අස්වැසිල්ලක් ඇති තත්ත්වයක් නිර්මාණය වී ඇත. කොටින්ම ගත වූ මොහොතක් පාසා කඩාවැටුණු සියලු ක්ෂේත්‍ර සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇත.

රනිල් ජනාධිපති වූ පසුව රටේ සිදු වූ මේ වෙනස වරක් දෙවරක් නොව කිහිප වතාවක් සිහිපත් කළද වැඩි නැත. ඒ අර්බුදය සමාජ ව්‍යසනයක් බවට පත්වෙමින් තිබූ මොහොතේ ඒ ගැන වගේ වගක් නොමැතිව සිටි විපක්ෂය දැන් ආයෙත් ජන දුක නිවන්න “රනිල්ව ගෙදර” යවන්න සටන් පාඨ අතට ගෙන පාරට බැස ඇති නිසාය. මාස කිහිපයකට පෙර වේලක් කෑවා නම් ඊළඟ වේල කන්නේ කොහොමද යන ප්‍රශ්නයට මුහුනදී සිටි ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන දේශනා කරන්නට ගෙන ඇති නිසාය. විපක්ෂයේ මතය අනුව දැන් රටට අවශ්‍යම දේ මැතිවරණයක්ය. ඒ හරහා රනිල්ව ගෙදර යැවීමය. නමුත් විපක්ෂය කීවාට රනිල්ට යන්න ගෙයක්වත් නැත. ඒ තුන් බිය මකා රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමේ වරදට රනිල්ගේ පෞද්ගලික නි‍ෙවසත් විපක්ෂයේ නායකත්වයෙන් ඊනියා අරගලකරුවන් ගිනි තබා විනාශ කළ නිසාය.

රනිල් ජනාධිපති වූ පසුව රටේ සිදු වූ මේ වෙනස වරක් දෙවරක් නොව කිහිප වතාවක් සිහිපත් කළද වැඩි නැත. ඒ අර්බුදය සමාජ ව්‍යසනයක් බවට පත්වෙමින් තිබූ මොහොතේ ඒ ගැන වගේ වගක් නොමැතිව සිටි විපක්ෂය දැන් ආයෙත් ජන දුක නිවන්න “රනිල්ව ගෙදර” යවන්න සටන් පාඨ අතට ගෙන පාරට බැස ඇති නිසාය. මාස කිහිපයකට පෙර වේලක් කෑවා නම් ඊළඟ වේල කන්නේ කොහොමද යන ප්‍රශ්නයට මුහුනදී සිටි ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන දේශනා කරන්නට ගෙන ඇති නිසාය.

දැන් ප්‍රශ්නය වන්නේ විපක්ෂය කියන ලෙස ජනාධිපති රනිල් ගෙදර යැවිය යුත්තේ ඇයිද යන්නය. ඊට හේතුව ලෙස කියන්නේ ජනාධිපති රනිල්ට ජනවරමක් නෑ කියාය. ඊට වඩා වෙනත් කිසිවක් විපක්ෂය ඒ ගැන නම් කියන්නේ නැත. එපමණක් නොව රනිල් ජනාධිපති වූයේද ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන අනුව බවත් විපක්ෂය කියන්නේ නැත. ඒ අනුව නම් හිතන්න වෙන්නේ විපක්ෂය කියන ලෙස ජනපති රනිල් ගෙදර යැවිය යුත්තේ, ජනවරමක් නැතුව හෝ රනිල් කියපු කරපු දේවල් නිසා පැවති විනාශකාරී තත්ත්වය වෙනස් වීම නිසා විය යුතුය. නැතිනම් රට මිහිපිට අපායක් – අමු සොහොනක් වෙන්න ගිය ගමන ආපසු හැරවීම නිසා විය යුතුය.

ඒ පදනමින් රනිල් ගෙදර යැවීමට දැන් වර්ජන රැල්ලක් දියත් කිරීමටද විපක්ෂයේ වෘත්තීය සමිති වැඩ අල්ලා ඇත. වර්ජන රැල්ලේ තර්ජනය විපක්ෂයේ වෘත්තීය සමිති එල්ල කර සිටින්නේ ඍජු බදු ප්‍රතිශතය වැඩි කර රාජ්‍ය ආදායම ඉහළ දැමීමට ජනාධිපතිවරයා ගෙන ඇති ප්‍රතිපත්තිය නිසාය. නැතිනම් උපයන විට බදු අය කිරීම (PAYE TAX ) ප්‍රතිපත්තිය හඳුන්වා දීමට එරෙහිවය.

උපයන විට බදු අය කිරීම (PAYE TAX ) ප්‍රතිපත්තියට එරෙහි වර්ජන තර්ජනයේ පළමු පියවර පසුගිය 08 වනදා දියත් කෙරුණු අතර ඒ වර්ජනයේ බිල්ල ලෙස මූලිකව යොදාගත්තේ අහිංසක රෝගීන්ය. උපයන විට බදු අය කිරීමට (PAYE TAX ) එරෙහිව කැඳවා තිබුණු ඒ විරෝධතාවට සහය දෙමින් වෛද්‍යවරුන් දියත් කළ වැඩ වර්ජනය නිසා රට පුරා රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් ලක්ෂ ගණනක් දැඩි අපහසුතාවන්ට පත්ව තිබිණ. වැඩිපුරම අපහසුතාවන්ට පත් වූයේ සායනවලට සහ බාහිර ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් ය.

 

කුහක වීරෝධය

දෛනිකව බාහිර ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝගීන් 80,000ක් පමණ රජයේ රෝහල්වලට පැමිණෙන අතර සායන සඳහා රෝගීන් 65,000ක් පමණ පැමිණෙන්නේය. ඒ සියලු දෙනා එදා හිස් අතින් ගියේ ආර්ථික අර්බුදයට අමතරව රෝදුක් බියද ඇතිවය. එපමණක් නොව වරාය, ඛනිජ තෙල්, විදුලිබල, විශ්වවිද්‍යාල, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිකයින්ද රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව 08 වනදා විරෝධතා හා සංකේත වැඩවර්ජනවල නිරත වනු දකින්නට ලැබිණ.

වඩාත් නින්දා සහගත කරුණ වන්නේ දරුණු ආර්ථික අර්බුදයකට ලක්ව සිට ඉතා අසීරුවෙන් ගොඩනඟා ගනිමින් තිබෙන පසුබිමක රටේ ඉහළ ආදායම් ලබන, දැන උගත් කොටසේ මේ හැසිරීමය. ඊටත් වඩා උපයන විට බදු අය කිරීම (PAYE TAX ) ට අදාළව පෞද්ගලික ප්‍රතිලාභ සලකා බලන සීමාවන් සංශෝධනය කිරීමට තීරණය කර එය ක්‍රියාවට නංවා ඇති පසුබිමක මෙසේ වර්ජන සහ විරෝධතා දියත් කිරීමය.

මේ වන විටත් උපයන විට බදු අය කිරීමට (PAYE TAX ) අදාළව නිවාස, වාහන, ඉන්ධන, ගෘහ භාණ්ඩ, දුරකතන සහ සහනදායී පොලී සඳහා සංශෝධන එක් කර ඇත. දැනට රුපියල් ලක්ෂ දෙකට අඩු ආදායම් උපයන පුද්ගලයන්ගෙන් රුපියල් 20,000ක් හෝ මුළු වැටුපෙන් 12.5%ක් ලෙස සහ රුපියල් ලක්ෂ දෙකට වඩා ආදායම් උපයන පුද්ගලයන්ගෙන් රුපියල් 40,000ක් හෝ වැටුපෙන් 12.5%ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලික වැටුපෙන් 12.5%ක් ලෙස සංශෝධනය කර ඇත. ගෘහ භාණ්ඩ වෙනුවෙන් වූ රුපියල් 5,000 හෝ වැටුපෙන් 2.5% ප්‍රතිලාභය චක්‍රලේඛය මඟින් ඉවත් කර ඇත. වාහන – එන්ජින් ධාරිතාව ඝන සෙන්ටිමීටර් 1800ට අඩු සහ ඝන සෙන්ටිමීටර් 1800ට වැඩි ලෙස පිළිවෙළින් රුපියල් 50,000ක් සහ 75,000ක් ලෙස සැලකූ ප්‍රතිලාභය වාහනය සඳහා රුපියල් 20,000ක්, රියැදුරු සඳහා රුපියල් 10,000ක් සහ ඉන්ධන සඳහා රුපියල් 20,000ක් ලෙස සංශෝධනය කර ඇත. ඉන්ධන දීමනාවද 100%ක් ලෙස බද්දට යටත් වූ අතර එය 25%ක් දක්වා අඩු කර ඇත. මීට අමතරව ක්ෂේත්‍ර රාජකාරි සඳහා දී ඇති වාහන පෞද්ගලික භාවිතයේදී සීමා රහිතව කිලෝමීටරයකට රුපියල් 25ක් ලෙස සලකන ලද ප්‍රතිලාභය කිලෝමීටරයකට රුපියල් 25ක් හෝ රියැදුරු සහිතව රුපියල් 20,000ක් සහ රියැදුරු රහිතව රුපියල් 30,000ක් යන දෙකෙන් අඩුම ප්‍රමාණය ලෙස සංශෝධනය කර ඇත. 100%ක් බද්දට යටත් වූ දුරකතන දීමනාවෙන් 25%ක් පමණක් ප්‍රතිලාභ ලෙස නව සංශෝධන මඟින් සලකනු ලබන අතර සේවා යෝජකයන් විසින් සහන පොලී මත දී ඇති ණය සඳහා වන පොලී ප්‍රතිලාභය බදු සඳහා සලකා නොබලන තැනට ගෙනවිත් ඇත.

 

උපරිම කැපවීම

මේ අනුව උපයන විට බදු අය කිරීමට (PAYE TAX ) අදාළව රජය පාර්ශ්වයෙන් උපරිම කැපවීමක් සිදු කර ඇති බව පැහැදිලිය. ඒ පසුබිමේ තවදුරටත් රටේ ආර්ථිකය අස්ථාවර කර දැමෙන වර්ජන දියත් කිරීම කොහෙත්ම සාධාරණ නැත. සියල්ලට වඩා තීරණාත්මක කරුණ වන්නේ මේ මොහොතේ රට බරපතළ ආර්ථික අර්බුදයක පැවතීමය. මීට මාස කිහිපයකට පෙර තිබූ තරම් දුෂ්කරතා නැති නමුත් අර්බුදය අවසන්ව නැත. රාජ්‍ය ආදායම පවා තිබෙන්නේ දැඩි අවධානමකය. රජයේ අත්‍යවශ්‍ය වියදම් වන රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, පෝෂණ දීමනා, සමෘද්ධිය ඇතුළු සුබසාධක දීමනා, වකුගඩු රෝගීන්ට පිරිනමන මූල්‍යාධාර, ශිෂ්‍යත්ව ආධාර ඇතුළු දීමනා රැසක් වෙනුවෙන් වියදම් කිරීම පවා තිබෙන්නේ ඉතාම දුෂ්කර තත්ත්වයකය.

මුදල් අර්බුදයට විසඳුම ලෙස පසුගිය පාලනය සිදු කර සිටියේ ඉවක් බවක් නොමැතිව මුදල් මුද්‍රණය කිරීමය. ඒ නිසා සිදුවූයේ රට තුළ අධි උද්ධමන තත්ත්වයක් ඇති වීමය. එනම් භාණ්ඩ හා සේවා මිල පාලනයකින් තොරව ඉහළ යාමය. එම වරද ක්‍රමානුකූලව සකස් කළ නිසා දැන් උද්ධමනය ක්‍රමයෙන් පහළ යමින් ඇත. එසේ නම් මේ වර්ජන තර්ජකයන් මේ කියන්නේ යළිත් ඉවක් බවක් නොමැතිව මුදල් මුද්‍රණය කරන්න කියාද? එසේ නොමැති නම් උපයන විට බදු අය කිරීම (PAYE TAX ) වෙනුවට වක්‍ර බදු ප්‍රතිශතය වැඩි කිරීමට කියාද? වඩාත් අවාසනාවන්ත තත්ත්වය වන්නේ සමාජයේ දැන උගත් ඉහළ ආදායම් ලබන උදවිය මේ ප්‍රශ්නවලට නම් උත්තර දෙන්නේ නැත. සමහරු උත්තර දුන්නත් ඒ යන්නේ කොහෙද මල්ලේ පොල් පන්නයේ උත්තරය.

 

වසන් කරන කරුණු

මේ කුහක වෘත්තීය සමිති ජනතාවට වසන් කරන තවත් වැදගත් කරුණු කිහිපයක්ද ඇත. ඒ මේ රට නිල වශයෙන් බුන්වත් බව ප්‍රකාශයට පත්කළ රටක් බවය. එහෙම රටකට ලෝකයේ වෙනත් කිසිදු රටක් හෝ මූල්‍ය ආයතනයක් ණය දෙන්නේ නැත. ඒ අවස්ථාව යළි උදාකර ගන්නට ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනක් වෙත යාම හරහා පමණය. ඒ සඳහා ද පූර්ව මූලික කොන්දේසියක් ලෙස මෙරට ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට සිදුව ඇත. එනම් මෙරට ණය හිමියන් වෙතින් දැනට ගෙවීමට ඇති ණය කල්දමා ගැනීමක් සිදු කර ගැනීමය. ඒ වෙනුවෙන් ඇරඹි සාකච්ඡා මේ වන විට සාර්ථක ලෙස අවසන් අදියරට පැමිණ ඇති නමුත්, ණය ගෙවීම සම්බන්ධව විශ්වාසයක් ණය හිමියන්ට මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතද ලබා දීමට අප රටට සිදු වේ.

මේ කුහක වෘත්තීය සමිති ජනතාවට වසන් කරන තවත් වැදගත් කරුණු කිහිපයක්ද ඇත. ඒ මේ රට නිල වශයෙන් බුන්වත් බව ප්‍රකාශයට පත්කළ රටක් බවය. එහෙම රටකට ලෝකයේ වෙනත් කිසිදු රටක් හෝ මූල්‍ය ආයතනයක් ණය දෙන්නේ නැත. ඒ අවස්ථාව යළි උදාකර ගන්නට ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනක් වෙත යාම හරහා පමණය.

ඒ තුළ අනිවාර්ය අංගයක් වන්නේ රාජ්‍ය ආදායම ඉහළ නංවන ආකාරය තහවුරු කරලීමය. එහිදී උපයන විට බදු අය කිරීම (PAYE TAX ) සම්බන්ධව රටේ මෙතෙක් පැවති දුර්වලතාව අවසන් කළ යුතුමය. මන්ද මෙරටට ණය ලබා දුන් රටවල්ද ඒ මුදල් සපයා ගැනීම තුළ එම රටවල ජනතාවගෙන් බදු අය කර ඇති නිසාය. ඒ අනුව අප රටට ණය ගෙවීම කල්දැමීම සඳහා අනුමැතිය දීමේදී බදු ගෙවනු ලැබූ ඒ රටවල ජනතාව වෙනුවෙන් නියත වගවීමක් එම රජයන්ට ඇත. ලංකාව මේ ණය කොහොමද ගෙවන්නේ සහ කවදද ගෙවන්නේ යන්න ගැන සහතිකයක් අවශ්‍ය ඒ නිසාය. එහිදී ලංකාව රාජ්‍ය ආදායම ඉහළ දමා ගැනීම සිදු කරන ආකාරයත්, ඒ වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ගැනත්, එම රටවල් මෙන්ම මූල්‍ය ආයතන අනිවාර්ය ලෙස සලකා බැලීම සිදු වන්නේය. එහිදී රටේ ඍජු බදු ප්‍රතිශතය ඉහළ තැනකට ගැනීම අත්‍යවශ්‍ය නිර්ණායකයක්ය. එනිසා මේ මොහොතේ උපයන විට බදු අය කිරීම (PAYE TAX ) යන්න ආණ්ඩුවේ හුදු අත්තනෝමතිකත්වයක් හෝ නොහැකියාවක් විසින් සිදු කරන්නක් නොව, අකමැත්තෙන් වුවත් සිදු කිරීමට සිදුව ඇති කටයුත්තක්ය.

 

ගත යුතු පියවර

මෙම පියවර නොගතහොත් සිදු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනක් සඳහා යොමු වීමට අවස්ථාව අහිමි වීමය. එවිට ලෝකයේ කිසිම රටක් හෝ මූල්‍ය ආයතනයක් ලංකාව සමඟ ගනුදෙනු කරන්න එන්නේ නැත. එසේම ණය හිමියන්ද මේ වන විට නොගෙවා කල් දමා ඇති ණය ගෙවීම යථාවත් කරන ලෙස බල කෙරෙන අතර එවැනි තත්ත්වයක් ඇති වුවහොත් මෙරට ඉරණම අභාවාචකයක් වීමත් අනිවාර්යය. එනිසා උපයන විට බදු අය කිරීම (PAYE TAX) තවදුරටත් දේශපාලන පාපන්දුවක් කර ගැනීම ආණ්ඩුවට වඩා අහිතකර වන්නේ මෙරට මිලියන 22ක ජනතාවටය.

අන්න ඒ ජනතාවට කියන්න තවත් දෙයක් ඇත. උපයන විට බදු අය කිරීම (PAYE TAX ) ලංකාවට අලුත් දෙයක් නොවේය. එය මෙරටට හඳුන්වා දෙන්නේ 1973 වසරේ පමණය. නමුත් එම බද්ද මෙරට රාජ්‍ය ආයතන 22ක පමණ ක්‍රියාත්මක වුණේ, බදු මුදල වැටුපෙන් ගැනීම වෙනුවට ඒ ඒ ආයතනය විසින් ගෙවා දමන ආකාරයටය. ඒ කියන්නේ, බදු සම්බන්ධ දැවැන්ත විකෘතියක් මෙරට සිදුව ඇති බවය. නව ප්‍රතිපත්තිය තුළ එම අවස්ථාව අහිමිකර ඇති අතර, ඔය කරුණත් කුහක වෘත්තීය සමිති ජනතාවගෙන් වසන් කළාට වර්ජන තර්ජනය පිටුපස සඟවා ඇත.

දැන් බුදු අම්මෝහ් බදු ගහනෝ කියන්නේ මෙන්න මෙහෙම පිරිසක්ය. නොමිලේ විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනය හදාරා, වෘත්තියමය තත්ත්වය තවදුරටත් ඉහළ දමා ගැනීමට විදෙස්ගත වැඩිදුර අධ්‍යාපනය මේ පිරිසේ සාතිශය බහුතරයක් ලබන්නේ රජයේ වියදමින්ය. එනම් ජනතාවගේ බදු සල්ලිවලින්ය. ඒ බදු සල්ලිවලින් සමාජ ඉණිමගේ ඉහළට ගිය මේ පිරිස, ඉහළ ආදායම් ලබන තැනට පත්වූ මේ පිරිස අද රට පත්ව ඇති ඉතිහාසයේ දුෂ්කරම මොහොතේ වැටුපෙන් ඉතාම සුළු කොටසක් පෙරළා ඔවුන්ද ඇතුළත් මිලියන 22ක ජනතාව වෙනුවෙන් කැපකිරීමට සූදානම් නැත. වැටුපෙන් කොටසක් බදු ලෙස ගෙවුවා කියා ඔවුන් කාගේවත් මූලික ජීවන කොන්දේසි කිසිවක් අහිමි වන්නේද නැත. නමුත් මේ වන විට මිලියන 22ක ජනතාවෙන් සැලකිය යුතු පිරිසක් අවම ජීවන කොන්දේසි පවා අහිමිව සිටින මොහොතක්ය. දැන් මේ දැන උගත්, ඉහළ ආදායම් ලබන උදවිය, විපක්ෂය සමඟ එක්ව ජනාධිපති රනිල්ට ගෙදර යන්න කියන්නේ, අන්න ඒ අවම ජීවන කොන්දේසි පවා අහිමි ජනතාවගේ රැකවරණය වෙනුවෙන් වැටුපෙන් සොච්චමක් බදු ලෙස අය කර ගන්න කටයුතු කළ නිසාය.

දැන් බුදු අම්මෝහ් බදු ගහනෝ කියන්නේ මෙන්න මෙහෙම පිරිසක්ය. නොමිලේ විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනය හදාරා, වෘත්තියමය තත්ත්වය තවදුරටත් ඉහළ දමා ගැනීමට විදෙස්ගත වැඩිදුර අධ්‍යාපනය මේ පිරිසේ සාතිශය බහුතරයක් ලබන්නේ රජයේ වියදමින්ය. එනම් ජනතාවගේ බදු සල්ලිවලින්ය. ඒ බදු සල්ලිවලින් සමාජ ඉණිමගේ ඉහළට ගිය මේ පිරිස, ඉහළ ආදායම් ලබන තැනට පත්වූ මේ පිරිස අද රට පත්ව ඇති ඉතිහාසයේ දුෂ්කරම මොහොතේ වැටුපෙන් ඉතාම සුළු කොටසක් පෙරළා ඔවුන්ද ඇතුළත් මිලියන 22ක ජනතාව වෙනුවෙන් කැපකිරීමට සූදානම් නැත.

කුලසිරි ලියනගේ

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *