මැතිවරණ කොමිසම මැතිවරණය අවලංගු කිරිම හෝ කල්දැමීම කළ යුතුයි – මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය

ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

කැදවා ඇති 2023 පළාත් පාලන මැතිවරණය අවලංගු කිරිමේ හෝ කල්දැම්මේ වැදගත්කම පිළිබද.

රට බංකොලොත්භාවයට පත්වි මාසික රාජ්‍ය ආදායමට වඩා වියදම දෙගුණයකින් ඉහළ ගොස් තිබෙන අවස්ථාවකදි 2023 පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇත.

මෙම අවස්ථාවේ මැතිවරණය සදහා මුදල් ලබා දිම අතිශය දුශ්කර බව මහා භාණ්ඩාගාර ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයකින් ලිඛිතව දන්වා ඇත.

මෙවැනි වාතාවරනයක මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා ලිපි යැවිම නිශ්එල ක්‍රියාවකි.

මෙම අවස්ථාවේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් සිදුකල යුත්තේ වහාම පළාත් පාලන විෂය භාර ඇමතිවරයා සහ මහා භාණ්ඩාගාර ලේකම්වරයා සමග සාකචිජා කර කැදවා ඇති පළාත් පාලන මැතිවරණය අවලංගු කිරිමට හෝ කල්දැම්ම සදහා ව්‍යවස්ථාදායකය මගින් ගත යුතු ක්‍රියාමාර්ග කඩිනම් කිරිමය.

ජනාධිපතිවරයා ගේ උපදෙස් මත රාජ්‍ය ආයතන වල වියදම් දැඩිව සීමා කිරිමට චක්‍රලේකයක් නිකුත් කර ඇත.එමගින්ද මැතිවරණ සංවිධාන කටයුතු සදහා දැඩිව බාධා එල්ල වි ඇති බව අප සංවිධානයට නිරික්ෂණය විය.

මෙම අවස්ථාවේ රටේ පවතින ආර්ථික අර්බුදයේ දිග පළළ හොදින් අවබෝධ කරගෙන රාජ්‍ය නිළධාරින් මානසික පිඩනයකට ලක් නොකරමින් සහා මැතිවරණයට ඉදිරිපත් වි සිටින දේශපාලන පක්ෂ අපේක්ශකයින්ද අපහසුතාවයට පත් නොකර කඩිනමින් මැතිවරණය අවලංගු කිරිමට හෝ කල්දැම්ම සදහා සුදුසු ක්‍රියාමාර්ග ගැනිම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගේ වගකිමක් බව අප සංවිධානය අවධාරණය කරන්නෙමු.

එස්.බි හේරත්,
විධායක අධ්‍යක්ෂ,
ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය.

LANKACNEWS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *