තැපැල් ඡන්දය නවත්තන්න අධිකරණයට තවත් පෙත්සමක් ?

 

 

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ටාධිකරණයේ ගොනු කොට ඇති නඩුව ගැන තීන්දුවක් ලැබෙන තෙක් තැපැල් ඡන්දය පැවැත්වීම කල් දමන ලෙස ඉල්ලා පෙතසමක් අධිකරණයට ඉදිරිපත් කිරීමට සුදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

එම පෙත්සම ඉදිරි සතිය තුළ ඉදිරිපත් වනු ඇතැයි ද කියති.

වෙනත් ආරංචි මාර්ගයකින් පැවසුණේ අලුත් පෙත්සමක් වෙනුවට 23 දාට දින නියම කර ඇති නඩුව මෝසමක් මගින් ඉදිරි සතියේ කැඳවීමේ හැකියාව සලක බලමින් සිටින බවයි.

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා තිබුණේ නඩු තීන්දු ලැබෙන තෙක් මුදල් ලබාදීම ප්‍රමාද කළහොත් ඡන්දය පැවැත්වීම පිලිබඳ අර්බුදයක් ඇතිවිය හැකි බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *