රනිල්ට එරෙහිව සටන් කරන ගොඨාභයගේ හමුදාව – සී ජේ අමරතුංග  

 

පසුගිය දිනවල ඇතැම් වෘත්තීය සමිති මහා සටනක් ආරම්භ කළේ තමන්ට ඉසිලිය නොහැකි ලෙස බදු පනවා ඇති බව කියමිනි. ඔවුන් කීවේ ජනාධිපති රනිල්ගේ ආණ්ඩුව තමන්ට අසාධාරණ ලෙස බදු පනවා ඇති බව යි. ඔවුන් කියන පරිදි මේ සටන් කරන්නේ එම බදු ඉවත් කර ගැනීමට ය.

කෙසේ වෙතත්, මෙලෙස සටන් කරන පිරිස දෙස බලන විට පෙනී යන්නේ මෙහි හුදෙක් බදු පිලිබඳ ප්‍රශ්නයකට වැඩි දෙයක් තිබෙන බව ය. එය වඩාත් තහවුරු වන්නේ කිසිදු බදු ගෙවීමකට ලක් නොවන පිරිසක් සහ ඉතා සුළු බදු ගෙවීමකට යටත් කොට ඇති උදවිය ද උද්ඝෝෂණවලට එක් වී සිටින බව නිරීක්ෂණය වීම නිසා ය.

මෙලෙස සටන් කරන පිරිස දෙස බලන විට පෙනී යන්නේ මෙහි හුදෙක් බදු පිලිබඳ ප්‍රශ්නයකට වැඩි දෙයක් තිබෙන බව ය. එය වඩාත් තහවුරු වන්නේ කිසිදු බදු ගෙවීමකට ලක් නොවන පිරිසක් සහ ඉතා සුළු බදු ගෙවීමකට යටත් කොට ඇති උදවිය ද උද්ඝෝෂණවලට එක් වී සිටින බව නිරීක්ෂණය වීම නිසා ය.

බදු පනවා ඇත්තේ මසකට රුපියල් ලක්ෂයකට වඩා වැටුප් ලබන සේවකයින්ට ය. ලක්ෂ දෙකක් වැටුප් ගත් විට ඇත්ත බදු අය කිරීම සියයට 5.25 ක් පමණකි. වැඩි බදු ප්‍රතිශත වලංගු වන්නේ ලක්ෂ තුනහමාරකට වඩා වැටුප් ලබන විට ය. ඒ ඉතාම සුළු පිරිසකි.

කෙසේ වෙතත්, වෘත්තීය සමිති සහ ඔවුන්ට උඩ ගෙඩි දෙන මාධ්‍යය මහා ඝෝෂාවක් කරන්නේ සමස්ත ජනතාවට දරුණු ලෙස බදු පනවා ඇති බව කියමිනි.

හොඳින් බැලු විට පෙනෙන්නේ මේ සටන් බිමේ සිටින්නේ මීට පෙර ද, මෙබඳු ම විනාශකාරී සටන් කළ කණ්ඩායම් බව යි. එම සටන්වලින් රට අමාරුවේ දැමු පිරිස් දැන් අලුත් සළු පිළි පැළඳ කරළියට පැමිණ සිටින්නේ පෙර සිදුවීම් ගැන කිසිවක් නොදන්නා ලෙසට ය.

නවසිය හැත්තෑ ගණන්වල සිට ක්‍රියාත්මක වූ උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කර දැමීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ලනු දුන්නේ කවුදැයි ජනතාව මේ මොහොතේ මතක් කර ගත යුතුව ඇත. එහි පෙරමුණේ සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බව කවුරුත් දන්නා කරුණකි. ඊනියා වෘත්තීය වේදී සංවිධානවලට නායකත්වය දී මෙහෙයවන ලද්දේ එම සංගමය යි.

බදු කපා හරින්නට ගෝඨාභය ජනාධිපතිට ලණු දී රට බංකොළොත් කිරීමට පාර කැපූ  එම සංවිධාන ම දැන් එම බදු නැවත පනවනවාට එරහිව නැගී සිටීම ගැන පුදුම විය යුතු නැත. නමුත්, දැන් මොවුන් එන්නේ රට බංකොළොත් කිරීමේ තම වගකීම ගැන වගේ වගක් නැති ආකාරයෙනි. ඔවුන් දැන් කියන්නේ ඒ සියල්ල කළේ වෙනත් අය බවකි. තමන් සුදනන් බවකි.

බදු කපා හරින්නට ගෝඨාභය ජනාධිපතිට ලණු දී රට බංකොළොත් කිරීමට පාර කැපූ  එම සංවිධාන ම දැන් එම බදු නැවත පනවනවාට එරහිව නැගී සිටීම ගැන පුදුම විය යුතු නැත. නමුත්, දැන් මොවුන් එන්නේ රට බංකොළොත් කිරීමේ තම වගකීම ගැන වගේ වගක් නැති ආකාරයෙනි. ඔවුන් දැන් කියන්නේ ඒ සියල්ල කළේ වෙනත් අය බවකි. තමන් සුදනන් බවකි.

කාබනික ගොවිතැන ගැන දිරච්ච ලණුව දී ගෝඨාභය ජනාධිපතිවරයා නැත්තට නැති කළේ ද මේ කණ්ඩායම යි. වැඩේ වැරදුනාට පසු තම නායක පාදෙණිය බිල්ලට දී සුදනන් ලෙස පෙනී සිටින්නට මොවුහු උත්සහ දරති.

කාබනික ගොවිතැන ගැන දිරච්ච ලණුව දී ගෝඨාභය ජනාධිපතිවරයා නැත්තට නැති කළේ ද මේ කණ්ඩායම යි. වැඩේ වැරදුනාට පසු තම නායක පාදෙණිය බිල්ලට දී සුදනන් ලෙස පෙනී සිටින්නට මොවුහු උත්සහ දරති.

වෙළෙඳ ගිවිසුම් , එම් සී සී ගිවිසුම ආදියට මොවුන් විරුද්ධ වී ඒවා යටපත් කළේය. ඒ සඳහා බොරු කප්පරක් කී බව අද තහවුරු වී තිබේ. ඒ සියල්ල මගින් කළේ රටේ ආර්ථික වර්ධනය අඩාල කිරීම ය. මොවුන් ගෝඨාභය ජනාධිපති බලයට ගෙනාවේ ඉතිරි ටික සම්පුර්ණ කර ගන්නට ය. ගෝඨාභය ජනාධිපති කළේ මේ උදවිය කී දේ ය. ඒ අනුව මොවුන් රටේ විනාශයට ප්‍රධාන වගකිව යුත්තෝ වෙති.

මේ පිරිසට ලංවිම, තෙල් සංස්ථාව වැනි රජයේ ආයතනවල සේවකයින් ද සම්බන්ධ වී සිටින්නේ තම තමන්ගේ ආත්මාර්ථකාමී වෘත්තීය වුවමනාවන්  වෙනුවෙනි. ඒ සියලු දෙනාට රනිල් වික්‍රමසිංහ සමග විශාල ඇරියස් ඇති බව නොරහසකි. ඒ රනිල් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නට හදන නිසා ය. ලංවිම සමිති ගේමට බැස සිටින්නේ 2003 සිට ය. පළමුව ඔවුහු මහින්ද රාජපක්ෂ ගෙනෙන්නට කඩේ ගියහ. එමගින් 2003 දී ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට තිබු ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම ආපසු හරවා ගන්නට ඔවුනට හැකි වී ය. ඉන් පසුව, එය නැවත න්‍යාය පත්‍රයට පැමිණ තිබෙන්නේ මේ වන විට ය. මෙවර එය නවතා ගන්නට නම් රනිල්ගේ පාලනය බිඳ දැමිය යුතු ය. මේ සටන ඇත්තට ම පටන්ගෙන තිබෙන්නේ ඒ සඳහා ය.

වත්මන් සටනට එන වෘත්තීය සමිති සහ ආයතන ලැයිස්තුව බැලු විට පෙනෙන්නේ ප්‍රතිව්‍යුහගත කළ යුතු ආයතන ලෙස රනිල් පාර්ලිමේන්තුවට කී ආයතන ලැයිස්තුව සමග එය හරියට ම සමපාත වන බව යි. මේ සටන් කරන්නේ අද ගෙනැවිත් තිබෙන බදු වලට එරෙහිව නොවේ. හෙට කරන්නට තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහිව ය.

මේ පටන්ගෙන තිබෙන්නේ රට විනාශයෙන් ගොඩ ගැනීමට එරෙහිව කරන දුෂ්ට සටනකි. එයට පෙරමුණ ගෙන සිටින්නේ ගෝඨාභය ජනාධිපති බලයට ගෙනවිත්, ඔහුට ලණු දෙමින් රට විනාශයට තල්ලු කළ දුෂ්ට බලවේග ම ය.

මේ පටන්ගෙන තිබෙන්නේ රට විනාශයෙන් ගොඩ ගැනීමට එරෙහිව කරන දුෂ්ට සටනකි. එයට පෙරමුණ ගෙන සිටින්නේ ගෝඨාභය ජනාධිපති බලයට ගෙනවිත්, ඔහුට ලණු දෙමින් රට විනාශයට තල්ලු කළ දුෂ්ට බලවේග ම ය.

මෙම දුෂ්ට බලවේගවලට යලි හිස ඔසවන්නට ඉඩ දුනහොත්, එය රට තවත් විශාල විනාශයකට තල්ලු කිරීමට ඉඩ දීමක් බව ජනතාව තේරුම් ගත යුතුව ඇත.

දැන් ජනතාව එය තේරුම් නොගතහොත් සිදුවන්නේ ගෝඨාභය ජනාධිපති බලයට පත් කරගෙන සිදු කර ගත්තාට වඩා වැඩි විනාශයකි. එහි තරම දැන් හිතා ගන්නටවත් බැරි ය.

මේ වතාවේ වත් ජනතාව බුද්ධිමත් ලෙස තීරණ ගත යුතු වන්නේ එහෙයිනි.

සී ජේ අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *