සැබෑ දේශප්‍රේමය රටට බදු ගෙවීම යි – සජබ මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න

 

ආණ්ඩුව බදු පනවා ඇත්තේ ඉහළ ආදායම් ලබන්නන්ට බවත්, එලෙස බදු අය කරන්නේ දුප්පත් මිනිසුන්ට කන්න දෙන්න බවත්, සැබෑ දේශප්‍රේමය නම් රටට බදු ගෙවීම බවත් ,සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

බදු වැඩි කිරීමෙන් තමන්ද බලවත් අපහසුතාවයට පත්ව සිටින නමුත් තමා කියන්නේ අපෙන් බදු ලබාගෙන දුප්පත් මිනිසුන්ට කන්න දෙන්න කියා බව ද ඒ මහතා කීය.

රජයට මුදල් ලබාගත හැක්කේ ණය, බදු සහ මුදල් අච්චු ගැසීමෙන් යන ක්‍රම තුන මගිනි. රටට දැන් ණය ගන්නට බැරිය. මුදල් අච්චු  ගසන්නට ද බැරිය. කරන්නට තිබෙන්නේ බදු ගැනීම යි. එහි දී හිගන්නාටත් ගෙවන්න වන වක්‍ර බදු වෙනුවට ඍජු බදු ගහන්න කියා කීවේ ද අප ම ය. දැන් රජය කර තිබෙන්නේ එය යි. කන්න නැති මිනිස්සුන්ට කන්න දෙන්න මේ බදු අය කළ යුතු ය. අපට කියන්න තියෙන්නේ අපෙන් බදු අරන් දුප්පත් මිනිස්සුන්ට කන්න දෙන්න කියලා යි. ඒ මහතා වැඩි දුරටත් කී ය.

මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්න කිරීමක දී පිළිතුරු සපයමින් ඒ මහතා වැඩි දුරටත් කීවේ 13 වැනි සංශෝධනයක් දැන් නැති බව සහ එය දැන් ව්‍යවස්ථාවේ කොටසක් බව යි. මැති ඇමතිවරුන් සහ රජයේ නිලධාරීන් ද දිවුරුම් දී ඇත්තේ එම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට ය.  මෙයට එරෙහිව කප්පරක් බොරු කියා ඇත. පළාත් සභා ඇති කළ විට කොළඹින් වයඹට යාමට වීසා අවශ්‍ය බව ද කී ය. දැන් තිබෙන්නේ මෙම බොරු කීම නවතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කිරීම යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *