සීඑස්එන් බලපත්‍රය අත්හිටුවයි


 සී එස් එන් රූපවාහනී නාලිකාවේ විකාශන බලපත්‍රය 24 දා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගැණිනි.

මෙම විකාශන නාලිකාව මෙම බලපත්‍රයේ සඳහන් වගන්ති ගණනාවක් උල්ලංඝනය කර තිබීම හේතුවෙන් එම බලපත්‍රයේ 3(1) වගන්තිය ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පරිදි එම බලපත්‍රය අවලංගු කළ බව අමාත්‍යාංශයේ ලේකම් නිතීඥ නිමල් බෝපගේ මහතා පැවැසීය.

ශ්‍රී ලංකාව තුළ භෞමික රූපවාහිනි විකාශන මධ්‍යස්ථානයක් පිහිටුවීම හා පවත්වාගෙන යාම සඳහා සී එස් එන් පාලනාධිකාරිය වෙත 2011. 03.03 දින මෙම විකාශන බලපත්‍රය නිකුත් කර ඇති අතර, එම බලපත්‍රයේ සඳහන් වගන්ති උල්ලංඝනය කරමින් එම නාලිකාව පවත්වාගෙන යන බවට ලද පැමිණිලි මත සිදුකරන ලද පරීක්ෂණවලින් ඒ බව තහවුරු වී ඇත.

එම පරීක්ෂණ වාර්තාවලට අනුව ඉහත කී සී එස් එන් නාලිකාවේ භෞමික රූපවාහිනී විකාශන බලපත්‍රය අවලංගු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *