බදු ගෙවූ විට වැටුප් ඉතිරි නොවන කතා බොරු ; පළමු ලක්ෂයට කිසි ම බද්දක් නැහැ

 

උපයන විට බදු ගෙවීමේ දී කෙනෙකු කොපමණ අදායමක් ලැබුවත් පළමු ලක්ෂය සම්පුරණයෙන් බදුවලින් නිදහස් කොට ඇති බැවින් බදු ගෙවූ විට වැටුප් ඉතිරි නොවන බව කීම සම්පුර්ණ අසත්‍යයක් බව බදු ප්‍රතිපත්ති උපදේශකයෝ කියති. දශ ලක්ෂ ගණනක් ආදායම් ඇති අයෙකුට වුවත් පළමු ලක්ෂයට බදු අය නොකරන බව ඔව්හු පෙන්වා දෙති.

බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය රුපවාහිනී වැඩ සටහනකට සහභාගී වෙමින් ප්‍රකාශ කළේ ලක්ෂ දෙකක ආදායමක් සඳහා ද බදු ගෙවිය යුත්තේ රුපියල් 10,500 ක් බවයි. එහි දී ක්‍රියාත්මක වන සැබෑ බදු අනුපාතය සියයට 5.25 කි.

වැඩි බදු අනුපාත වලංගු වන්නේ වැඩිවන ආදායමට පමණකි.

ඒ අනුව වැටුප බදු සඳහා කැපෙන්නේ නම් එසේ විය හැක්කේ වෙනත් ආදායම් තිබීම සහ එම ආදායම් සඳහා වැටුපෙන් බදු ගෙවීම නිසා ය.

ගෝටාභය ජනාධිපතිවරයා බදු කැපීමට පෙර ලක්ෂයට වැඩි සියලු දෙනාට බදු ගෙවීමට සිදුව තිබිණි. ඒ අනුව 2018 දී බදු ගෙවූ සංඛ්‍යාව 664,231 ක් දෙනෙකි. මේ වන විට ද මෙම බදු ගෙවීමට වන්නේ ඊට මදක් වැඩි පිරිසකට ය.

ඒ අනුව රටේ බහුතර ජනයාට බදු පනවා ඇතැයි කියන කතාව ද බොරුවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *