උපයන විට බදුවලට සජිත්, අනුර කිසිදු විකල්පයක් ඉදිරිපත් කළේ නැහැ – ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුලංගමුව

 

බදු ප්‍රතිසංස්කරණ පිළිබඳව කළ සාකච්ඡාවල දී සජිත් ප්‍රේමදාස මහතා හෝ අනුර කුමාර දිසානායක මහතා හෝ කිසිදු විකල්පයක් ඉදිරිපත් නොකළ බව ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුලංගමුව මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා කියන්නේ තමන් සමග පසුගිය කාලයේ පැවති සාකච්ඡා වල දී මෙම බදු ප්‍රතිසංස්කරණ හැර වෙනත් මගක් නැති බව සියලු දෙනා පිළිගත් බවයි.

වෘත්තිකයන්ට ඇති මෙම බදු අඩු කළහොත් එම ආදායම ලබා ගැනීමට  සමාගම් සඳහා ඇති සියයට 30 ක බදු ප්‍රමාණය සියයට 50 දක්වා වැඩි කළ යුතු වන බවත්, එසේ කළහොත් මෙරටට ආයෝජන ලබා ගැනීමට නොහැකි වන බවත්, ඒ මහතා පැවසීය.

නව බදු ප්‍රතිසංස්කරණ ගැන රුපවාහිනී වැඩ සටහනකට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *