රනිල් 13 ගේන්නේ නැති බව අනුර සහතික කර කියයි

 

13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ ද ඔහු එසේ නොකරන බව සහතික යැයි ජවිපෙ නායක, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බව හැමදාම කිව්වත් කිසිදාක ඔහු එය නොකරන බව ඒ මහතා කී ය.

ඒ මහතා වැඩි දුරටත් කීවේ මෙය රනිල් වික්‍රමසිංහ මහතාගේ උගුලක් බව යි.

13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම ගැන ජාජබ මතය පිළිබඳව මාධ්‍යය කළ විමසුමකට පිළිතුරු ලෙස ඒමහත මෙම අදහස් පළ කළේය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හැරිණි අමරසුරිය මහත්මිය පසුගියදා ප්‍රකාශ කළේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට තම පක්ෂය කැමති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *