ඉදිරි දින කිහිපය තුළ නව මැතිවරණ කොමිසමක්

 

 

පසුගියදා සම්මත කළ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කිරීම ඉදිරි දින කිහිපයේදී සිදුවනු  ඇතැයි පාර්ලිමේන්තු ආරංචි ප්‍රකාශ කරයි. 21 වැනි සංශෝධනයට අනුව ව්‍යවස්ථා සභාව පත් වී සති දෙකක් තුළ ස්වාධීන කොමිසන් සභා සඳහා නව සාමාජිකයින් පත් කළ යුතුව ඇත.

අලුතින් පත් වූ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (25) බදාදා රැස්වීමට නියමිතය.

මැතිවරණ කොමිසමට  අමතරව සෙසු ස්වාධීන කොමිෂන්  සභා සඳහාද නව සාමාජිකයන් ඉදිරි දින කිහිපයේදී පත්කිරීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ප්‍රධාන විපක්ෂය නොවන සෙසු විපක්ෂයේ පක්ෂවල නියෝජිතයා මෙතෙක් පත්කර ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන්ද  බදාදා රැස්වීමේදී  සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව සඳහා සිවිල් නියෝජිතයෝ තිදෙනා පසුගියදා පත් කරනු ලැබූහ.

21 වැනි සංශෝධනය සම්මත වූ වහා ම ස්වාධින කොමිසන් සභා අහෝසි වන බවත්, නව සාමාජිකයින් පත් වන තෙක් වැඩ බැලීමට පමණක් දැනට සිටින සාමාජිකයින්ට බලය ඇති බවත්, එම සංශෝධනයේ ඇතුළත් ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *