මැතිවරණ දිනය ගැන නිල නිවේදන නිකුත් නොකෙරෙයි

 

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 දා පැවැත්වෙන බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශයක් කළ ද ඒ පිලිබඳ පවතින නීතිමය ගැටළුවක් නිසා නිල වශයෙන් නිවේදනය කිරීම මෙතෙක් සිදුකොට නැති බව දැනගන්නට ඇත.

මෙම දිනය මැතිවරණ කොමිසමෙන් තීරණය කොට දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට දැනුම් දුන් විට ඔවුන් එය නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ යුතු බව කියති. එම නිවේදන මෙතෙක් නිකුත් කොට නැත.

මැතිවරණ දිනය තීරණය කළ කොමිසන් සභා රැස්වීමට ගණපුරණයක් නොවීම නිසා එම තෙරණය නීත්‍යනුකුල නොවීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇත. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සාමාජික ආචාර් ය ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කොට තිබුණේ මැතිවරණ දිනය ගැසට් කොට නැති බව සහ ගණපුරණයක් නැතිව ගන්නා තීරණ නීත්‍යනුකුල නොවන බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *