තෙල් ගන්න සල්ලි නැහැ ; විදුලිය කැපීම අඩු කරන්න බැහැ ; විදුලිබල මණ්ඩලය දන්වයි

 

නොකඩවා විදුලිය සැපයීමට අවශ්‍ය බලාගාර ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් ඉන්ධන සපයා ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලයට හැකියාවක් නැති නිසා උසස් පෙළ විභාග සමයේ විදුලි කැපීම අඩු කිරීමේ ඉල්ලීම ඉටුකළ නොහැකි බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී තිබේ.

විදුලි කැපීම සම්පුරණයෙන් නතර කිරීමට රුපියල් බිලියන 6.7 ක් මුදලක් අවශ්‍ය වන බව මණ්ඩලය දන්වා තිබේ.

විදුලි බල මණ්ඩලයේ මුල්‍ය ස්ථාවරත්වයක් පෙන්නුම් කළ නොහැකි නිසා බැංකු ණය ලබාගැනීමට ද නොහැකි වී තිබේ.

පසුගිය සැප්තැම්බරයේ ඉල්ලු ගාස්තු වැඩිකිරීම නොදීමෙන් මෙම අර්බුදය ඇති කළේ මහජන උපයෝගිත කොමිසමේ සභාපතිවරයා බවට ලංවිම ජෙෂ්ට ඉංජිනේරුවෝ චෝදනා කරති.

මේ දිනවල කොමිසමේ තීරණ ලෙස එවන කිසිදු නියෝගයකට කොමිසමේ අනුමැතියක් ලබාගෙන නැති බවත්, එබැවින් ඒ කිසිවක නීතිමය වලංගු භාවයක් නැති බවත් ඔවුහු කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *