ජාත්‍යන්තර වෙළඳ හා සේවා ගිවිසුම් නැතිව යන්න බෑ- මහාචාර්ය රොහාන් සමරජීව

කාල් මාක්ස්ගේ දාස් කැපිටාල් ග්‍රන්ථයේ ප්‍රධාන සටන් පාඨයක් වෙලා තිබුණේ සහ කොමියුන්ට්ස් ප්‍රකාශනයේ සඳහන් වූයේ “සකල දේශවාසී කම්කරුවනි එක්වව්“ යනුවෙනි. ඒ දවස්වල දේශසීමා එතරම් වැදගත් වූයේ නෑ. එයා ජර්මනියේ කැරුල්ලක් ඉවර වෙලා එංගලන්තෙට ගිහින් ඉන්නවා. ඒ වගේ දේශසීමා, වීසා අඩු කාලෙක තමයි ඒ කටයුතු සිද්ධ වුනේ. ට්‍රොස්කිවාදි හා ස්ටැලින්වාදී අදහස් අතර ප්‍රධාන වශයෙන් වෙනසක් වුනේ තනි රටක සමාජවාදයක් ගොඩනැගිය හැකි ද ?, එහෙමත් නැතිනම් මුලු මහත් ලෝකයේම එය කළ යුතු ද ? යන සංකල්ප වැනි දේ ය. යම්කිසි ජාත්‍යන්තර පදනමක්, වෙළෙඳ පොළක්, ජාත්‍යන්තර ආර්ථිකයක් යන අදහස තුළ තමයි ඔබ තුමාලගේ හැදියාව තියෙන්නේ. ඒ හින්දා මං ඔය ජාතිකවාදී, ආරක්ෂණවාදී කතා වැඩිපුර කියන්න ඕනේ නෑ. අවාසනාවට ඒවා තමයි අද රටේ ප්‍රමුඛ වෙලා තියෙන්නේ. දෙවෙනි ලෝක යුද්ධයට කලින් අඩු තහංචි තියෙන ආර්ථිකයක, සමාජයක තමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. ඒ දවස්වල එංගලන්තයට, ඉන්දියාවට යෑමේ ඒමේ හැකියාව මිනිසුන්ට තිබුණි. එකම අධිරාජ්‍යක් යටතේ සිටිය නිසා තමයි එහෙම යන්න හැකියාව තිබුණේ. වීසා ලබාගැනීමේ ප්‍රශ්න නෑ, බඩු එහා මෙහා ගෙනයාම සහ කෝපි වගාවට, තේ වගාවට ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට කිසිම සීමාවක් තිබුණේ නෑ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජාතික රාජ්‍යයන් ගොඩනැගීමත් සමඟ තමයි මේවාට සීමා ඇති වුණේ. ඒවා හරි හෝ වැරදි වුවත් අපි ඒවා විවාදයට ලක්කළ යුතු නෑ. ජාතික රාජ්‍යයන් ගොඩනැංවීමට පෙර සමසමාජ පක්ෂයේ එක්තරා මුලක් තිබුණා, ඉන්දියානු බෝල්ෂෙවික් ලෙනින් පක්ෂයේ ශ්‍රී ලංකා ශාඛාව කියලා. කොල්වින්ගේ පක්ෂයේ නම බොල්ෂෙවික් ලෙනින්ස්ට් ප්ෂය ලෙස සඳහන් වුණා. ජාත්‍යන්තර වශයෙන් එහි ආකෘතිය සැදිය යුතු යැයි ඔහු කල්පනා කර තිබුණි. ඒ යුගය දැන් අවසන්. දේශපාලන ඉතිහාසය කියවන අපට පමණයි ඒවා මතකයේ තිබෙන්නේ.
ඉන් පසු වාමාංශික සහ දක්ෂිණාශික අපි සෑහෙන දුරට ජාතිකවාදී වෙනවා. මමත් තරුණ වයසේදී ජාතික ආර්ථිකයක් පිළිබඳ සිහින මැව්වා. ඒ දවස්වලත් විජේවීර මහත්මයා වගේ අයත් එක්ක කතා කරනකොට මම කිව්වා චීනෙට හරියන දේවල් ලංකාවට හරියන්නේ නැති බව. ඒකට මේ ආර්ථිකය පොඩි වැඩියි කියලා. කෙසේ හෝ මේ ප්‍රවාහය සමඟ ජාතික ආර්ථිකයක් ගොඩනැගීමේ යුගයක් එනවා. ජාත්‍යන්තර වශයෙන් ඉන් පස්සේ ජාත්‍යන්තර ප්‍රාග් ධනය ඒ ඒ සමාගම් විසින් ඉදිරියට ගෙන යන්නට රාජ්‍ය බලයන් කල්පනා කරනවා. මේ පොඩි පොඩි කොටස් හදනවාට වඩා පුළුල් කිරීම තුළින් ඔවුන්ගේ පාර්ශවයන්ට වර්ධනයක් ඇති කර ගත හැකි යන මතයක් එතන තිබුණේ. උදාහරණයක් හැටියට යුරෝපය ගත්තාම ඒ වන විට මහ දරුණු විනාශකාරී යුද්ධ දෙකක් ඇති වුණා. අවසානයේ තව දුරටත් යුද්ධ ඇති නොවන්නට යුරෝපයේ එක් වෙළෙඳ පොළක් වගේ දෙයක් බවට පත් කරමු යන මතය ආවා. ඒ ගොල්ලෝ පටන් ගත්තේ වානේ සහ ගල් අඟුරු ක්ෂේත්‍රයන් එක් කරලා, දෙපාර්ශවයක සිටින ප්‍රංශය සහ ජර්මනිය යුද්ධයක් කළොත් මේ දෙගොල්ලන් ලාභ ලබා ගැනීමට නොහැකි වුණා. ඒ ආර්ථිකය ඒ තරම් ගැටගැහිලා. මේ ආකාරයට යුරෝපා සංගමයත් ආරම්භ වුණා.
දකුණු ඇමරිකාවේ වාමවාදී චින්තකයෙක් වන රවුලු රෙබිෂ් කියන පුද්ගලයා, (එයාගේ ලංකාවේ ගෝලයා තමයි ගාමිණී කොරයා) ඔහු කියලා තිබුණා දකුණ දකුණ සහයෝගිතාවය කියන අදහසක්. අපි ඒක සාධාරණය කළේ නෑ. ඒක තුළින් නොදියුණු රටවල් අතර වෙළෙඳ සම්බාධක අඩුකර ගැනීම සඳහා අන්‍යෝන්‍ය සුහඳත්වය ඇති වුණා. 1976 මූලික වශයෙන් ආර්ථික වැඩ පිළිවෙලක් ලෙස ලංකාවේ තිබුණු නොබැඳි සමුළුවෙන් ඉදිරිපත් වුණේ ඒක. ඒ කාලේ එනවා “ආධාර නොව වෙළඳාම“ කියලා සටන් පාඨයක්. ආධාර වලින් යැපෙමින් මෙය ක්‍රියාත්මක කරන්න නොහැකියි. වෙළෙදාමට තියෙන අසාධාරණකම් බාධක අයින් කළ යුතුයි යන්න මෙහි අදහස වේ. වෙළදාමට තියෙන එක් අසාධාරණයක් තමයි ඉහල තීරු බදු, ඉහල තිරුබදු තියනවා කියලා තර්කයනක් තියනවා. 1960 ගණන්වල සිට ඔය තීරු බදු අඩු කිරීම කරගෙන කරගෙන ආවා. ඒවාට උරුගුවේ රවුන්ඞ් වැනි නම් යොදලා සාකච්ඡා වට පවත්වනවා. එක් සාකච්ඡා වටයකට අවුරුදු 3- 8ක් වගේ කාලයක් යනවා. ඉන් පසුව ඒවා පහල සමාජයට ගේනවා. ඒ කාලයේ තිබුණේ භාණ්ඩ පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුමක් පමණයි තිබුනේ. ජාත්‍යන්තර වෙළෙද ආයතනයක් පිහිටුවන්න ගිහින් එයට ඇමෙරිකාවේ ව්‍යවස්ථාදායකය පක්ෂ වුණේ නැති නිසා එය ක්‍රියාත්මක වුණේ භාණ්ඩ සම්බන්ධයෙන් පමණි. මේ භාණ්ඩ ගිවිසුමට ලංකාව ප්‍රාරම්භක සාමාජිකයෙක් වුණා. නිදහස ලබාගන්න පෙර සිට අපි මෙහි සාමාජිකයෝ ය.
එහි මේ විදියේ සරල ප්‍රතිපත්ති කිපයක් සඳහන් වෙනවා.
1 තමන්ගේ සාමාජික රටකට දෙන අඩුම තීරු බද්ධ එම සෑම රටකටම දිය යුතුය.
2 සෑම රටකම සැපයුම් කරුවන්ට එකවිදියට සැලකිම සිදුකල යුතුය.
පිටරට ආයනයක් මේ අවස්ථාවට සහභාගි වෙනවා නම් 25්‍ර අඩුවෙන් කරන්න කියලා විශේෂ කොන්දේසි පනවන්න බෑ. එයට අපි කියන්නේ ජාතික සැළකීම කියලාග ඔය විදියේ මුලික ප්‍රතිපත්ති කිපයක් උඩ මේ තීරු බදු අඩු කරගෙන යෑමේ ප්‍රතිඵලයක් ලෙස 60 ගණන් වල සිට ලෝකයේ තීරු බදු සැහෙන දුරට අඩුයි. එක්දහස් නවසිය තිස් ගනන් පනස් ගනන් වලට වඩා අද එය අඩුවෙලා තියෙන්නේ. ඊලඟට එනවා තීරුබදු බාධක ඉවත් කිරීම යන අදහසක්. උදාහරණයක් තමයි ගිවිසුම්. මුල් දවස් වල ලංකාවේ නිපදවන සොසේජස් ඉන්දියාවට පැටෙව්වා. ඕනෑම ආහාර භාණ්ඩයක් පිටරට පටවන විට සෞඛ්‍ය සම්පන්න බව සහතික කිරීම සැපිරිය යුතුයි. සෞඛ්‍යයට අදාල ආරක්ෂික විධිවිධාන අනුව නිසි ආකාරයට නිෂ්පාදනය කර ඇත්දැයි සොයා බලන කොන්දේසියක් වන ඒ සහතිකය රැගෙන චෙන්නායි නුවර ගෙන ගියාම ඔවුන් කිව්වා එම සහතිකයේ වලංගුතාවයක් නැහැ කියලා. අපේ අය ඇහුවා කොහෙන්ද ඒ සහතිකය ලබාගන්නේ කියලා. ඒ අය පැවසුවේ කාන්පුර්වල රසායනාගාරයෙන් අවසර ගත යුතු බව, චෙන්නායි සහ කාන්පුර් ගොඩක් තිබෙන්නේ ඈත, ඒ සියලු කටයුතු සිදුකරගෙන් එනවිට කන්ටේනර් එක විකිණීමේ අපහසුතාවයක් ඇති වෙනවා. මේකට තමා බාධක කියල කියන්නේ. 1980-1990 වන විට භාණ්ඩ වෙළදාමේදී සිදුවන මෙ බාධා ගැන අවධානය යොමු වෙනවා. අපේ ප්‍රශ්නය තමයි මොකක්ද මේකට තියෙන විසඳුම කියන එක, ඕනෑම කෙනෙක්ට තේරෙනවා මෙතන ලොකු අසාධාරණයක් සිදු වෙනව කියල, කාන්පුර් වලට ගිහින් සාම්පල් ලබාදීමෙන් පස්සෙ මේ කටයුත්ත කිරීමේ අපහසුවක් පවතිනවා. මෙයට තියෙන විසඳුම තමයි ලංකාවේ ප්‍රමිති සහතිකේ සහ ඉන්දියාවේ ප්‍රමිති සහතිකේ සමාන විය යුතුයි කියන එකගතාවයකට පැමිණිම. රසායනාගාර වල ප්‍රමිතිය සහතික කළ යුතුයි. එවිට අර බාධක අඩුවෙනවා. මෙවැනි දේවල් වලින් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමක් ද ඇතිවෙනවා,
ඇමෙරිකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ මහාචාර්යවරු ප්‍රකාශ කළා තමන්ගේ ආහාර භාණ්ඩ සඳහා යුරෝපයේ වෙළඳ දුන්වීම්වලට අවස්ථාවක් ලබාදෙන්නෙ නැ කියල, චිත්‍රපටයක් ප්‍රචාරය වීමේ අතර මැද එහෙ දැන්වීම් දාන්න දෙන්නේ නෑ. ඒක අපට බාධාවක් බවත්, භාණ්ඩ විකිණීමට ප්‍රචාරණය අවශ්‍ය බවත් ඔවුහූ එහිදී පෙන්වා දුන් හ. මෙවැනි බාධා කිරීම් රාජ්‍යයේ ඇඟිලි ගැසීමක් කියල කෙනෙක් නිර්වචනය කරන්න පු`ළුවන්. මේවායේ සමබරතාවයක් ඇතිකරගන්න දෙපැත්තේ භාවිතයන් වල සමාන බවක් පැවතිය යුතුයි, උදාහරණයක් ලෙස ලංකාවේ සහල් නිෂ්පාදනයට තියෙන බාධක තීරුබදු, ආරක්ෂණ විධිවිධාන සියල්ලම ඉවත් කලොත්, අම්පාරෙ හා පොළොන්නරුවේ ගොවීන් පමණයි ඉතිරි වෙන්නෙ. අනිත් සිය`ළු දෙනාගේම නිෂ්පාදන වියදම ඒ තරම් ඉහලයි. ඒ ඔක්කොටම වඩා ලාබෙට වියට්නාමෙන්, තායිලන්තෙන් සහල් ගෙනත් දෙන්න හැකියාව තියෙනවා, මියන්මාරය ආපසු ලෝක වෙළඳපොළට ආපු දවසට හාල් මිළ ඊටත් වඩා පහලට වැටෙනවා. නමුත් අපි ඒක කරන්නෙ නෑ. මක්නිසා ද යත්, ආහාර සුරක්ෂිත භාවය, සංස්කෘතිය ආරක්ෂා කරගැනීම වගේ දේවල් නිසා අපේ කෘෂිකර්මය අපි ආරක්ෂා කරගන්නවා. ඒ වගේ දේවල් කරන්න සිදු වෙන්නේ ආර්ථික ප්‍රතිපත්තිය පදනම් කරගෙන නෙවෙයි සංස්කෘතික සාධකය මත පදනම්ව ය, ජාත්‍යන්තර ගිවිසුම් වලින් රට ඇතුළේ වෙන වෙනස්වීම් ජනතාවට තේරුම් යන්න පටන් ගන්නවා, අපේ රටේ තීන්දු වෙනස් කරන්නේ අපේ අය නෙවෙයි වෙනත් අය කියන අදහස ඇති වෙනවා. බොහොමයක් ජාතිවාදීන් අතර විශාල ප්‍රශ්නයක් වෙනවා මේක. අපි ඉස්කෝලෙ යන කාලෙ තිබුණා මෙට්ලික්ස් කියල කවකටු පෙට්ට් වර්ගයක්, ඒක බාල ප්‍රමිතියෙන් යුක්ත එකක්, 2002 වෙනකොට තාක්ෂණයට සම්බන්ධ තිරුබදු මොනවද කියල සොයන විට ලංකාවෙ තීරුබදු හරි අඩුයි. මෙට්ලික්ස් කවකටු පෙට්ට්යත් එක් උප කුලකයක තියෙනවා ලංකාවට ගෙන්වන කවකටු පෙට්ටි වලට තීරුබද්ධ 80්‍ර ක්. මේකෙන් තේරුම් යන්නේ මෙට්ලික්ස් කවකටු පෙට්ට් හිමිකාරයා මොකක් හරි කූඨ ක්‍රමයකින් තීරු බද්ධ වැඩි කරගෙන තියෙන බව, මේ වැඩෙන් වෙන්නේ දුප්පත් අපි වගේ අයට ගන්න පු`ළුවන් මෙට්ලික්ස් කවකටු පෙට්ට් විතරයි. අනෙක් ඒවා ගණන් වැඩියී.
මම ඉගෙන ගන්න කාලෙ කැනඩාව හා ඇමරිකාව අළුත් ගිවිසුමක් අත්සන් කළා. කැනඩාව ඇමරිකානු ආර්ථිකයේ 1/10 ක්. මේ වගේ පොඩි රටක් තමා ඇමරිකාවෙන් මේ වගේ ගිවිසුමක් ඉල්ලන්නේ. මේක මට පුදුමයක්, මේක ජාත්‍යන්තර සේවා ගිවිසුමක්. සෞඛ්‍යය සේවයවගේ එකක් ගත්තොත් වෛද්‍යවරු වෙනත් රට වල සේවය කරනවා. නැතිනම් වෙන රටවල් වලට ගිහින් ප්‍රතිකාර ගන්නවා. මේක දෙවනි මාදිලියේ සේවා වෙළඳාම කියලත් හදුන්වනවා, පාලනය කිරීම හරි අමාරුයි. මේකෙන් ආණ්ඩුවට හරිම අවාසිදායකයි, කිසිම තීරුබදු වාසියක් නෑ ඒ නිසාම දෙවැනි මාදිලියට කව්රුත් කරදර කරන්නේ නෑ. තුන්වෙනි මාදිලියේ කියන්නේ උදාහරණයක් විදියට ඉන්දියාවේ රෝහල්වලට ලංකාවේ ජනතාව පෙළගැහිලා යනවා. ඒ අය කියනවා අපේ රෝහල්වලට පුදුම ඉල්ලුමක්නේ තියෙන්නේ කියලා. ඒගොල්ලෝ අනෙක් රටෙත් ඉස්පිරිතාලයක් ආරම්භ කරනවා. මේක බැලූ බැල්මට පේන්නේ විදේශ ආයෝජනයක් විදියට. මේක තමයි හතරවෙනි මාදිළි ය. (ස්වාභාවිකව පුද්ගලයන්ගේ එහාට මෙහාට යාම) සමාගමක් නැතිව ස්වාධීන පුද්ගලයෙක්ට වැඩ කරන්න පුළුවන් කියලා න්‍යායේ තියෙනවා, බොහොම අඩුවෙන් තමා ඒක කරන්නෙ. ඒ තමා සේවා වෙළදාමේ ප්‍රභේද. පළමු මාදිලියේ වෙළඳාම කියන්නෙ සැපයුම්කරුවා හා පාරිභෝගිකයා අතර වෙළෙදාම රටවල් දෙකක් අතර සිදුවීම. ඒ දෙපිරිස දේශසීමා කරා යන්නේ නෑ සේවාව පමණක් ලබාදෙයි. මේක තාක්ෂණය තුළින් කිරීම ඉතාම පහසුයි. එච්.එස්.බී.සී. බැංකුව හොඳම උදාහරණයක්. සේවය කරන අය ඉන්නේ ලංකාවේ. සේවයට යොදවන අය ඉන්නේ වෙනත් රටක. දෙගොල්ල සම්බන්ධ වන්නේ විදුලි සංදේශ සංඥා මඟිනි. ඒවාට තිරුබදු ගැසීමට වෙළෙදාමක් වෙන්නේ නෑ. එය බැංකුවේ රහස්‍යමය භාවය මත පදනම් වී තියෙනවා. ආණ්ඩුව මේක වෙළෙදාමක් හැටියට පාලනය කරන්නේ නෑ. පාලනය වන්නේ තුන්වෙනි මාදිලිය හා හතරවෙනි මාදිලිය පමණයි. තුන්වෙනි මාදිලිය විදේශ ආයෝජන හා සමානයි. ලාභාංශ නැවත අරන් යා යුතුයි. විදේශ ආයෝජනවලට අදාල සියලුම තර්ක තුන්වෙනි මාදිලියට අදාලයි. මේ සේවය පිළිබඳ ආයෝජන පමණයි. භාණ්ඩ පිළිබඳව කතා කරනවා නම් එය වෙනම සාකච්ඡා කළ යුතුයි. හතරවෙනි මාදිලිය වැඩියෙන් විවාදාත්මකයි. වෘත්තිකයන් පවසන්නේ තමන්ගේ ගොදුර නැතිවන බවයි. අපට තියෙන ආරක්ෂාව හා ප්‍රමිතීන් අඩුවන බව ඔවුන් පවසයි. මේක තමයි සේවා වෙළෙදාම පිළිබඳ මතුවන ප්‍රශ්නය. 1995 වනකොට අපි ජාත්‍යයන්තර වශයෙන් ගිවිසුමක් අත්සන් කළා. ඒක පාලනය කරන්න ලෝක වෙළෙඳ සංවිධානය කියලා එකක් පිහිටෙව්වා. එහි යාව ජීව සාමාජිකයෙක් හැටියට ලංකාව අත්සන් කලා. ඒක ලංකාවේ 1995 ඉදන් ක්‍රියාත්මක වුනා. 1998 ඉදන් විදුලි සංදේශ සේවයත් ඒකට සම්බන්ධ කළා. ඉන් පසු තවත් ලිහිල්කරණයකට මේ අය සුදානම් වුනා. ලෝකයේ රටවල් සියලු දෙනාම දෝහා නගරය කේන්ද්‍රකර ගනිමින් දෝහා රවුන්ඞ් ලෙස එක්රැස් වුනා. මේක අකර්මන්‍ය වෙලා මේ වන විට අවසන් ගමන් යන තත්ත්වයක තියෙන්නේ. ඉන් පසු ලෝකයේ විවිධ රටවල් තීරණය කළා ලෝකය සඳහන් ජගත් ගිවිසුමක් අත්සන් නොකර විකල්ප සැලසුමක් හදාගත යුතුයි කියලා. ඉන් පසු ද්වී පාර්ශවික සහ බහු පාර්ශවික ගිවිසුම් අත්සන් කීරීමට පටන් ගත්තා. වියටනාමය ලෝක වෙළෙඳ ගිවිසුමට සම්බන්ධ වන්නේ 2004දීය. භාණ්ඩ සහ සේවා සම්බන්ධයෙන් ඇතුලත් වීමක් සිදුවුණා. නමුත් ඔවුන්ගේ වැඩි විශ්වාසයක් තිබුණේ නෑ මේක දුවයි කියලා. ඒ අය වෙනත් ගිවිසුම් රාශියකට අත්සන් තැබුවා. ආසියානු සංගමයේ සාමාජිකත්වය ගත්තා. දැන් ආසියානු සංගමයේ යුරෝපය වගේ ලොකු වෙළෙඳ පොළක් ඇති කිරීමට සියළු දෙනා එකඟ වෙලා තියෙනවා. ඒ වගේ ආසියාව, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය, චීනය වගේ රටවල් එක්ක ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. ඒ වෙළෙඳපාදක ලිහිල් කීරීමේ යම්කිසි ස්ථාවර රාමුවක් සපයන්නයි. වියට්නාමය, ආසියානු සංගමය නොමැතිව තනියම රුසියාව කිරිකිස්ථානය, උස්බෙකිස්ථානය වැනි රටවල් සමඟ ගිවිසුම් අත්සන් කරනවා. නමුත් අද වන විට ඒක පුද්ගල ආදායම අතින් වියට්නාමය සිටින්නේ ලංකාවටත් පිටුපසින්. කොමියුනිට්ස් පක්ෂයක් විසින් පාලනය කරන වියට්නාමයට සිදුවුයේ කුමක්දැයි සොයා බලන විට ඒ රට අපට වඩා විශාලත්වයෙන් වැඩියි. මිලියන 90ක් විතර ජනතාව ඉන්නවා. අපට වඩා තරුණයි. ලොකු ශ්‍රම බලකායක් සිටිනවා. ඒ අයට රැකියා සැපයීම සඳහා තමයි මේ දේ කරන්නේ. ලංකාවෙයි වියට්නාමෙයි විදේශ ආයෝජන සංසන්දනය කරන විට අපේ දෙගුණයක් වෙලා තියෙනවා. ඒගොල්ලොන්ගේ තුන් ගුණයක් වෙලා තියෙනවා. නමුත් අපේ අපනයන දෙගුණෙකින් වැඩිවෙනකොට වියට්නාමයේ නව ගුණයකින් වැඩිවෙලා තියෙනවා. නමුත් ආයෝජන වලින් මේ ප්‍රශ්නය විසඳෙනවා නම් රටවල් දෙකෙහි අවසාන ප්‍රතිඵල වෙනස් විය නොහැකියි. ආයෝජනවලට අමතරව ස්ථායී නෛතික රාමුව ඉතාම වැදගත් වියට්නාමය දෙස බලනකොට.
පහුගිය අවුරුදු 10 ඇතුලත මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2008 වසරේදී වෙළෙඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නවතා දැම්මා. ඊට කළින් ඉන්දියාව, පකිස්ථානය වැනි රටවල් සමඟ භණ්ඩ ගිවිසුම් දෙකක් අත්සන් කරලා තිබුණා. ඉන්දියාවේ ගිවිසුම සේවා ගිවිසුමක් බවට විස්ථීරණය කිරීිමේ කටයුතු ආරම්භ වී තිබුණා. එහි සෑහෙන භූමිකාවක් මටත් තිබුණා. මාස තුනෙන් ඒ රිපෝර්ට් එක අපි කළා. අරමුණ වුනේ 2014 වෙනකොට මේක වෙනස් කරන්න. නමුත් ආණ්ඩුව පෙරළුණ නිසා අපිට ඒක කරගන්න බැරි වුනා. ඉන්දියාව මුළින්ම ගිවිසුම අත්සන් කළේ අපිත් එක්ක. මා දන්නා තරමට ඉන්දියාවට ඒ කාලය වන විට විශේෂ තාක්ෂණික හැකියාවන් තිබුණේ නෑ. නමුත් ඉන් පසුව ආසියානු සංගමය, යුරෝපා සංගමය වැනි සංවිධාන සමඟ ගිවිසුම් අත්සන් කලා. අපි ඒ වගේ ගිවිසුම්වලින් අයින් වුණා. දැන් අපේ දුර්වල ටීම් එක දාලා ඉන්දියාවේ අයගේ ශක්තිමත් කණ්ඩායමත් එක්ක සටන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ගැන මං ටිකක් බයෙන් ඉන්නේ, ගණුදෙණු හොඳින් කර ගන්න පුළුවන් වෙයිද කියල. කෙනෙක් කියන්න පුළුවන් සංඛ්‍යා ලේඛණ අනුව ලංකාවේ විරැකියාව 4% ක් විතර කියලා. ධනවාදී ආර්ථිකය තුළ 4%ක් කියන්නේ පූර්ණ එකට කිට්ටුයි. නමුත් ලංකාවේ ගොඩනැගිලි කර්මාන්තය තුළ විශාල වශයෙන් පුරප්පාඩු පවතිනවා. ඉන්දියානු අය දැනටත් ලංකාවේ වැඩකරනවා. අම්පාර වැනි පැතිවල අස්වනු නෙලන්නේ යන්ත්‍ර මඟින්. ඒවා පාලනය කරන්නෙත් ඉන්දියානු අයයි. අපි යාන්ත්‍රීකරණය වුනොත් කුඹුරුවල වැඩකරන්න ලංකාවේ සේවකයෝ නෑ. එහෙම ප්‍රශ්නයක් රටේ තියනවා. එවැනි ප්‍රශ්නයක් උඩ රනිල් වික්‍රමසිංහ මහත්තයා රැකියා දසලක්ෂයක් දෙනවා කියලා තමන්ගේ මැතිවරණ පොරොන්දුවට දැම්මේ කුමන හේතුවක් නිසාද කියලා කෙනෙක් ප්‍රශ්න කරන්න ඉඩ තියෙනවා. ඒකට හේතුව කොරියානු වගේ රටවල රැකියා කරන්න අපේ මිනිස්සු පෙළඹෙනවා. මොකද අපේ මිනිස්සු පෙළඹෙන්නේ අව්වට පිච්චෙන්නේ නැති රස්සා කරන්න. ඒක විවේචනය කරන්න මට නම් අයිතියක් නෑ,ම අපිට තියෙන්නෙ පුළුවන් නම් එවැනි රැකියා හදල හදල දෙන එක, ඒ තර්කය යටතේ තමා ඔය දස ලක්ෂෙ කතාව එන්නෙ .වඩා ඉහළ හොඳ වැටුප් තියෙන විශේෂයෙන් කෘෂිකාර්මික ක්ෂෙත්‍රයේ නම් සුපරීක්ෂක තනතුරු වගේ රැකියා වගේ දේවල් වලට පාර හැදීමට මෙවැනි ගිවිසුම් අවශ්‍යයි කියන මතය තමයි එතුමා සහ ඒ විෂය ගැන දන්න ආර්ථික විද්‍යාඥයෝ වන අපි ඉන්න මතය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *