සමාජ ආර්ථික දේහය වෙනස් කිරීමේ වගකීම හෘදසාක්ෂියක් ඇති මිනිසුන්ටයි. – ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක

( 2015.07.22 සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ දී පැවති විශේෂ මහ සමුළුවේදී)

 

විශේෂ සමුළුව පවත්වන මේ අවස්ථාව වන විට මේ රට සංකීර්ණතා රැුසක ගිලී පවතිනවා. රටත් ජනතාවත් අර්බුද රැුසක වෙළී තිබෙනවා. මේ මොහොතේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය අගෝස්තු 17වැනිදාට ඉදිරි අවුරුදු 05 වෙනුවෙන් පැවරිය යුත්තේ කාටදැයි සාකච්ඡුාවක් පවතිනවා. මෙය මේ රටේ පළමු මහ මැතිවරණය නෙමෙයි. මේ රටේ ජනතාව මැතිවරණවලින් ආණ්ඩු හදා තිබෙනවා. නායකයින් මාරු කර තිබෙනවා. අවුරුදු 67ක් ආණ්ඩු පෙරළුවට, ආණ්ඩු මාරු කළාට, නායකයො මාරු කළාට අපේ සමාජයේ ගැඹුරුම අර්බුදවලට විසඳුම් ලබාගන්න අසමත් වී තිබෙනවා. ආර්ථිකය ණය කන්දකට යටවෙලා. එය රුපියල් කෝටි හත් ලක්ෂ හතළිස් දහස ඉක්මවනවා. එක පුරවැසියෙක් රුපියල් තුන්ලක්ෂ පනස් පන් දහසක් ණයකරුවෙක්. වර්ෂයක උපයා ගන්නා ආදායම, 2013 වසරේ රු. බිලියන 1183 යි. ඒ රටට ණය පොලී ගෙවන්න රු. බිලියන 1191 ක් ගෙවීමට සිදුව තිබෙනවා. උපයා ගන්නා මුදලෙන් ඒ වසරේ ණය පොලී වාරිකය ගෙවා දමන්නටවත් නොහැකියි. ආර්ථිකයේ ප‍්‍රතිලාභ දුප්පතුන් වෙත ගලා නොයෑමේ බරපතළ ගැටළුවක් තිබෙනවා. අපේ රටේ ජාතික ආදායමෙන් ඉහළම 20%ට රටේ ජාතික ධනයෙන් 55.1%ක් යනවා. ජනගහනයෙන් දුප්පත්ම 20%ට ජාතික ධනයෙන් ලැබෙන්නේ 3.6%යි. මෙහි සාධාරණත්වයක් තිබෙනවාද? ඔවුන්ගේ ජීවිතේ කවරාකාරද? ආණ්ඩුවෙම වාර්තා කියනවා ජනහනයෙන් 42%කට දිනක ආදායම ලැබෙන්නේ ඩොලර්කට අඩු බව රු.280 ට අඩුයි මේ ආර්ථික අර්බුදය වැළැක් විය නොහැකි ලෙසම සමාජ අර්බුදයක් බවට පත්වෙලා. දවසකට 14 දෙනෙක් දිවි නසා ගන්නවා. ඒ ලෝකයේ 04 වැනි තැන. වකුගඩු රෝගය නිසා දවසකට 06 දෙනෙක් මිය යනවා. හෘදයාබාධ නිසා දිනකට 102 දෙනෙක්, පිළිකා රෝගය නිසා 12 දෙනෙක් මිය යනවා. වාහන අනතුරු නිසා 08 දෙනෙක් මිය යනවා. මේ රට කවරාකාරද? මේ පාලකයන් 67 අවුරුද්දක් මේ රට පාලනය කරලා රටට ඉතිරි කොට තිබෙන ශේෂ පත‍්‍රය අර්බුදයන්ගෙන් පිරුණු, ඉදිරියට නොයන සමාජයක්. මෙය මිනිසුන් ගේ අවශ්‍යතා ඉටුකර ගත නොහැකි සමාජ ආර්ථික දේහයක් මේ මොහොතේ ජීවත්වන පුරවැසියන් ලෙස, හෘදසාක්ෂියක් ඇති මිනිසුන් ලෙස මේ සමාජ ආර්ථික දේහය වෙනස් කිරීමේ වගකීමක් අපට තිබෙනවා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ මේ සමාජ ආර්ථික දේහය වෙනස් කිරීම අරමුණු කොට ගෙන මේ රට ගොඩනැගීම සඳහා වූ හෘදසාක්ෂියේ සම්මුතිය නම් වූ රට ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙළ රට හමුවේ තබනවා.

අපේ රටේ ජනතාවගේ ප‍්‍රශ්න වුඩුු දුවලා. දරුවන්ට අධ්‍යාපනය දෙන්න බැරිනම්, පවුලකට ආදායම් මාර්ගයක් දෙන්න බැරිනම්, ඉන්න නිවාසයක් දෙන්න බැරිනම්, නිරෝගී සම්පන්න වන්නට සෞඛ්‍ය සේවයක් දෙන්න බැරිනම්,  කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් දෙන්න බැරිනම්, ඒ රටට පාලනයක් මොකටද? රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන්න බැරිනම්, ජාතික සමගිය ස්ථාපිත කරන්න බැරිනම්, රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරිනම්, ශක්තිමත් විදෙස් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්න බැරිනම් රටක ස්ථාවරත්වයක් ඇතිවෙයි ද? ජනතාවගේ මූලික ප‍්‍රශ්න විසඳීම වෙනුවෙනුත් රටේ මූලික ස්ථාවරයන් වෙනුවෙනුත් අප විසින් මෙම වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබෙනවා.

අපේ රට ඉදිරියට යෑමටනම් ආර්ථිකයේ මහත් වර්ධනයක් අත්පත් කරගත යුතුයි. ආර්ථික සාධාරණත්වයත් අත්පත් කරගත යුතුයි. ආර්ථිකයේ වර්ධනයකිනුත්, සාධාරණවයකිනුත් මිස අධ්‍යාපනයේ සාධාරණත්වයක් හදන්න බැහැ; රටේ ජනතාවට තමන්ගේ මූලික ආදායම උපයාගැනීමට නොහැකියි; නිරෝගී ජීවිතයක් දෙන්න බැහැ; ඉන්න නිවහනක් දෙන්න බැහැ; කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් දෙන්න බැහැ. රට වෙළා තිබෙන ගැඹුරුතම අර්බුදයන්ගේ පතුලේ තිබෙන ගැටළුව මෙයයි. එය විසඳිය යුතුයි. අපේ අර්ථිකය කවරාකාර දිශාවකට යායුතුදැයි අපි අපේ වැඩපිළිවෙළ තුළ සාකච්ඡුා කරනවා.

ලෝකයේ කිසිදු රටකට තවදුරටත් හුදකලාව ජීවත් වෙන්න බැහැ. ලෝකය තාක්ෂණයෙන්  එකට එක්කොට තිබෙනවා; සන්නිවේදනයෙන් එකට එක්කොට තිබෙනවා; ගමනාගමනයෙන් එකට එකතු කොට තිබෙනවා. දැනුමෙන් එකට එකතු කොට තිබෙනවා. ඒ නිසා කවුරුන් හෝ කල්පනා කල්පනා කරනවානම් හුදකලා වෙන්න, ඔවුනට යා හැකි වන්නේ ගල් යුගයකට පමණයි. ලෝකය වේගයෙන් සමීපවෙමින් පවතිනවා. ඒ සමීපවෙමින් පවතින ලෝකය තුළ අපේ පාලකයින් 67 වසරක් පුරා ලෝකය සමග අප ඉදිරියට ගෙනගියා වෙනුවට පසුපසට ඇද දැම්මා. ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික හා දේශපාලන වැඩපිළිවෙළ මුළුමනින්ම සමන්විත වන්නේ ලෝකය සමග සමාන්තරව. ලෝකය අත්පත් කරගන්නා ජයග‍්‍රහණ ලංකාවේ ජනතාවටත් අත්පත් කරදීම වෙනුවෙනුයි. ඒ වැඩපිළිවෙළ අප සාර්ථක කර ගත යුතුයි.

අපි ලෝක වෙළඳපොළේ භාණ්ඩ හා සේවාවේ පංගුවක් අත්පත් කරගත යුතුයි. එසේ නොකොට අපේ රටේ ආර්තික ගොඩනගන්න බැහැ. 1978 දී ලෝක වෙළඳපොළේ අපේ රටේ පංගුව .005%යි. ඩෙලර් 200ක වෙළඳාමක් සිදුවුණානම් ශ‍්‍රී ලංකාවට ඩොලරයක් ආවා. අද වෙනකොට ලෝක වෙළඳාමෙන් ශ‍්‍රී ලංකාවේ පංගුව .00045%යි. ඒ කියන්නේ අද ඩොලර් 200ක වෙළඳාමක් වුණොත් ලංකාවට එන්නේ සත 10යි. අපේ රට මේ තත්ත්වයට පත්කිරීම ගැන මේ පාලකයින් ලැජ්ජා විය යුතුයි.

අපි අපේ රටේ ආර්ථික උපායමාර්ගය සකස් කරන්නේ, අපේ රටේ නිෂ්පාදනය හා සේවාවන් ලංකාවේ ජනතාවගේ අවශ්‍යතාවය වගේම ලෝක වෙළඳපොළේ අවශ්‍යතාවත් සලකා බලමිනුයි. ලෝක වෙළඳපොළෙන් සැලකිය යුතු පංගුවක් අප විසින් අත්පත් කරගත යුතුව තිබෙනවා. අප ආර්ථික වැඩපිළිවෙළ සකස් කළ යුත්තේ එය ඉලක්කකර ගනිමිනුයි. ලෝකයේ විවිධ රටවලට තමන්ගේම වූ නිෂ්පාදනවලට ලෝක වෙළඳාමේ කොටසක් තිබෙනවා. ජපානයට මෝටර්රථ, කොරියාවට දුරකථන, ඉතාලියට සපත්තු, ස්විට්සර්ලන්තයට ඔරලෝසු, ප‍්‍රංශයට සුවඳවිලවුන් විය හැකියි. අපි අපේ කොටස අත්පත් කර ගත යුතුයි. එය ලෝකයට මෙහෙකරුවන් සැපයීම වැනි දෙයක් විය යුතු නැහැ.

අපි මෙතෙක් පැවති මෙම ආර්ථික උපායමාර්ගය මුළුමනින්ම වෙනස් කර දේශීය නිෂ්පාදනයත් ලෝක වෙළඳපොළත්, භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ පංගුවත් සැලකිල්ලට ගනිමින් ආර්ථිකය මෙහෙයවනවා. අපේ රටට අත්පත් කරගත හැකි ජයග‍්‍රහණය එයයි.
අපි මහත් ආඩම්බරයෙන් කතා කළ අපේ රට අද ලෝකය හමුවේ දණින් වට්ටවා තිබෙනවා. හිඟමනට පාත‍්‍ර කර තිබෙනවා. අපි නැවත අපේ රටට උරුම සශ‍්‍රීකත්වය, ආර්ථික ජයග‍්‍රහණ ලබා ගැනීම සඳහා ආර්ථිකය මෙහෙයවන්න සූදානම්. අපේ කෘෂිකර්මාන්තය අපි ගොඩනැගිය යුතු වන්නේ, අපේ ආහාර සඳහා පමණක් නෙමෙයි. ලෝක වෙළඳපොළත් සැලකිල්ලට ගනිමිනුයි. ආහාර සුරක්ෂිතභාවය වැදගත්. ඒ වගේම අපේ කෘෂිකර්මාන්තය ලෝක වෙළඳපොළේ පංගුවක් අත්පත් කරගැනීම වෙනුවෙනුත් මෙහෙය විය යුතුයි. එසේ නොකොට අපේ රටේ කෘෂිකර්මාන්තය ස්ථාවර කළ නොහැකියි. ඉන්දියාවේ අල හා ළුෑණු අඩු නිෂ්පාදන වියදමකින් අපේ රටට එනවා. ඒවා දඹුල්ලට, වැලිමඩට එනකොට මෙහෙ ඒවාට වඩා මිල අඩු වෙන්නෙ කොහොමද? අපේ රටේ කෘෂිකර්මාන්තයට අළුත් පර්යේෂණ, තාක්ෂණය ගේන්න බිනෑ. නිෂ්පාදන පිරිවැය අඩු කරීමට ඉලක්කයක් තිබිය යුතුයි. ලංකාවේ අල හොණ්ඩරයකින් අල හොණ්ඩර 08ක් ලැබෙනවා. ඉන්දියාවෙ 21ක් ලැබෙනවා. අළුත් බීජ, අළුත් පර්යේෂණ, තාක්ෂණය වගාවට යොදනවා. වගාවේ ඵලදායීතාව වැඩිකරලා නිෂ්පාදන පිරිවැය අඩුකරලා, පිරිවැය අඩුකිරීමකින් තොරව අපේ රටේ කෘෂිකර්මාන්තය ස්ථාවර කරන්න බැහැ. වී කිලෝවකට රු. 33.50ක් යනවා. අපේ උපරිමය අක්කරයකට වී බුසල් 100යි. ජපානයේ අක්කරයකින් වී බුසල් 300යි. මේ පාලකයෝ ලෝකයේ තාක්ෂණයේ, විද්‍යාවේ දියුණුව රටට ගෙනාවෙ නැහැ. අපේ කෘෂිකර්මාන්තය ඉබාගාතේ ගියා. අපි අපේ කෘෂිකර්මාන්තය නවීකරණය කරනවා.

ලෝක වෙළපොළේ පංගුවක් අත්පත්කරගැනීම සඳහා අපි අපේ රටේ පෞද්ගලික අංශයට ආරාධනා කරනවා. මේ ආර්ථික සැලැස්මේ ප‍්‍රධාන පංගුවක් ඔවුනට පැවරෙනවා. අද අපේ රටේ ව්‍යාපාරිකයාට, නිෂ්පාදකයාට සිදුවී තිබෙන්නේ තමන්ගේ ව්‍යාපාරික පැවැත්ම වෙනුවෙන් වැළැක්විය නොහැකි ලෙසම කළු ව්‍යාපාරයේ යෙදෙන්න ඔවුනට බලකෙරී තිබෙනවා. අපේ රටේ ව්‍යාපාර පිරිසිදු කර දෙන බවටත්, පිරිසිදු ව්‍යාපාරිකයින්ට ඉඩ ලබා දෙන බවටත් අපි සහතික වෙනවා. අපි ව්‍යාපාරිකයො නෙමෙයි. අනෙක් බොහෝ අය ව්‍යාපාරිකයො. මුදල් ඇමති ව්‍යාපාරිකයෙක් වුණාම බදු ගහන්නෙ තමන්ගෙ ව්‍යාපාරය ගැන හිතලා. කර්මාන්ත ඇමති සැලසුම් හදන්නෙ තමන්ගෙ ව්‍යාපාරය ගැන හිතලා. අපි ව්‍යාපාරිකයො නොවන නිසා අපි රට හදන ආර්ථික වැඩපිළිවෙළ හදන්නෙ අපිට ලැබෙන කොමිස් කුට්ටිය ගැන බලාගෙන නෙමෙයි. අපි රටත් ජනතාවත් වෙනුවෙන් වූ උත්තුංග පේ‍්‍රමයෙන් දේශපාලනය කරන මිනිස්සු. එවැනි මිනිස්සුන්ට විතරයි මේ රට හදන්න පුළුවන්. සමහරු අහනවා අපි බලයට ආවොත් ආයෝජනවලට මොකද වෙන්නෙ කියලා. අපි ආයෝජන කැඳවනවා. ඒ, රටේ ආණ්ඩුව හදන ආර්ථික උපායමාර්ගයට අනුවයි. මේ අය අයෝජන කැඳවන්නෙ තමන්ට ලැබෙන කොමිස් කුට්ටිය දිහා බලාගෙන. කැඳවනු ලබන ආයෝජනය ආර්ථික උපායමාර්ගයක කොටසක් විය යුතුයි. ඒ සඳහා ආයෝජන කැඳවිය හැකියි. ණය ලබාගත හැකියි. දේශීය ව්‍යාපාරිකයාට අවස්ථාව විවෘත වන්නේත් ආර්ථික උපායමාර්ගයට අනුවයි. ඒ අනුව අපි සියළුදෙනා එක් වුවහොත් අපේ රටේ නිෂ්පාදනයත් සේවාවත් ඉදිරියට ගෙනඑනවා සේම අවුරුදු 05ක් තුළ ලෝක වෙළඳපොළේ අපේ පංගුවක්අත්පත් කරගැනීමේ ඉලක්කයකට අප ළඟා වෙනවා.

ආර්ථිකයේ ප‍්‍රතිලාභ ලැබුණොත් විතරයි දරුවාට අධ්‍යාපනය දෙන්න පුළුවන් පළමු 360,000ක් ඇතුල් වෙනවා. සාමාන්‍යපෙළට කලින් 60,000ක් හැළෙනවා. සාමාන්‍යපෙළ විභාගෙන් 140,000ක් හැළෙනවා. සාමාන්‍යපෙළ සමත් නොවන ලක්ෂ 2ක ක දරුවන්ගේ  ජීවිතවලට මොකද වෙන්නෙ මොකක්ද ඔවුන්ගෙ අනාගතය? අපරාධ වැඩිවෙන එක, කුඩු ව්‍යාප්ත වෙන එක, බාර්වල සෙනඟ පිරෙන එක අහන්න දෙයක් නෙමෙයි. සමාජයක් ලෙස කඩා වැටෙන එක අහන්න දෙයක් නෙමෙයි. අපි සහතිකයක් දෙනවා මේ රටේ ජනතාවට, පළමු පංතියට ඇතුල් වෙන 360,000ම හැකියාවක්, දක්ෂතාවයක්, නිපුනතාවයක් සහිතව අධ්‍යාපනයෙන් එළියට ගන්න බවට, එය අපේ වගකීමක් අපි එය ඉටු කරනවා.

අද අධ්‍යාපනය දෙමව්පියන්ට බරක්. දරුවො ඉස්කෝලෙ යන නිසා දෙමව්පියන්ට අමාරුයි කියලා අපි  ඕනෙ තරම් අහලා තියෙනවා. දරුවෙක් පාසල් යන එක, උසස් අධ්‍යාපනය ලබන එක ගෙදරකට බරක් වී තිබෙනවා. දෙමව්පියන් මත පටවා තිබෙන බර මුළුමනින්ම අපේ ආණ්ඩුවක් විසින් භාරගන්නවා. ඒ බර දැරිය යුත්තේ අපයි. දැනුමක් සහිත අධ්‍යාපනයක් සහිත පරම්පරාවක් අවශ්‍ය අපිටයි. මේ රට හදන්න  ඕනෑ

ඉන් පස්සේ ඒ දරුවට රස්සාවක් හැදිය යුතුයි. රැුකියා නිර්මාණය වෙන්නෙ. නිෂ්පාදනය ඇරඹෙන කොට කර්මාන්ත ශාලාව ඇතුළෙ, සේවා මධ්‍යස්ථාන ඇතුළෙ මේ රටේ හැම පුරවැසියාටම අපි සාධාරණ ආදායම් මාර්ගයක් සහතික කරනවා. ඒ වගකීම අප භාරගන්නවා. හැම කෙනාටම නිවසක්  ඕනෑ. පුරවැසියන්ට නිවසක් ලබාදීම නොහැකිනම් ඔවුන් පාලකයොද? ඔවුන් ලැජ්ජා විය යුතුයි. නිවසක් ගන්න දේශපාලකයා පසුපස යාමට සිදුවී තිබේනම් රුපියල් ලක්ෂයක් හිඟාකන්න සිදුවී තිබේනම් මොකක්ද ඇතිවී තිබෙන තත්ත්වයි. ප‍්‍රමිතියෙන් යුතු වැසිකිළියක් හදන්නත් 58,000ක් යන බවට ගණන් බලා තිබෙනවා. ලක්ෂයක් දීලා ගෙවල් හදන බව කීම මේ අනුව ව්‍යාජයක් බව පැහැදිලියි. එසේ නිවාස ගැටළු  විසඳන්න බැහැ; ඊට ජාතික සැලැස්මක් අවශ්‍යයි. මේ රටේ අතින් විවාහවන හැම පවුලකටම නිවාසයක් ලබාදීමේ වගකීම ජ.ව.පෙ. රජය භාරගන්නවා.

හොඳ සෞඛ්‍ය සේවයක් අපිට  ඕනෑ. අද අපේ රටේ ජනතාව රෝගී ජනතාවක් බවට පත් කර තිබෙනවා. රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලට අවුරුද්දකට ලක්ෂ 500ක් එනවා. රටේ ජනගහනයත් ලක්ෂ 200යි. රෝහලේ නේවාසිකව බෙහෙත් ගන්නවා ලක්ෂ 60ක්. ලෙඩ ජාතියක් නිර්මාණය කරලා. සෞඛ්‍ය පුරුදු, ආහාර පුරුදු නැතිව ගිහින් කන දේකට කිසිවක් මිශ‍්‍ර කරන්නෙ නැති සංස්කෘතියක් තිබුණු රටේ දැන් ආහාරවලට විෂ මිශ‍්‍ර කරන තැනට ඇවිත්. මේ රටේ පුරවැසියන් මිලදී ගන්නා සෑම ආහාරයකම ප‍්‍රමිතියෙන් ආරක්ෂා කොට ලබා දීම ආණ්ඩුවේ වගකීමක් ලෙස භාරගන්න බවට අපි සහතික කරනවා. මහජන සෞඛ්‍ය සේවය, ප‍්‍රජා සෞඛ්‍ය සේවය පුළුල් කළ යුුතුය. ඒවා ඒකාබද්ධ වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි. ඒ අනුව බොහෙත් ගන්න එන ලක්ෂ 500ක ජනතාව වසරක් තුළ ලක්ෂ 250ට අඩුකරන්න පුළුවන්.

ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය පාලනයක්  ඕනෑ. අපේ රටේ උසාවිවලට අවුරුද්දකට නඩු ලක්ෂ 10ක් පමණ එනවා. පවුල් ලක්ෂ 50යි. ඒ කියන්නේ, සෑම වසරකම පවුල් 05කින් 01 පවුලකට නඩුවක් වැටෙන බවයි. එකෙන් ට‍්‍රැපික් නඩු විතරක් ලක්ෂ 350,000ක්. මොන වගේ රටක් ද? එක නඩුවට අවුරුද්දකට දවස් 3ක් යන්න වුණොත් ලක්ෂ 30ක් අධිකරණයේ ගත වෙනවා. මේ පිරිස ගෙනියන්න බස් කොච්චර  ඕනෑද? වාහන කීයක පෙට‍්‍රල් පුච්චන්න බිනෑද? මේක අකාර්යක්ෂමතාවයෙන් පිරිච්ච රටක්. අද ජනතාව නඩුවක් දාන්න බයයි. අපේ පාලනයක් යටතේ හැම කෙනාටම යුක්තිය ඉටු කෙරෙන බවටත් කාර්යක්ෂමව නඩුව විභාග කෙරෙන බවටත් සහතික වෙනවා. බදාදා දිනට රජයේ කාර්යාලයකට ගියොත් ඒ එන 100 දෙනාගෙන් 80 ක්ම එන්නේ තුන්වන වතාවටයි. පළවෙනි වතාවට ඒවායින් වැඩක් කරගන්න ලැබුණොත් ලොතරැුයියක් ඇදීම හා සමානයි. අපි අපේ රටේ ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබාදීම ප‍්‍රමුඛ කාර්යයක් සේ සලකා කටයුතු කරනවා.

රට ස්ථාවර වන්නටනම් ජාතික සමගිය ගොඩනැගිය යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යනුවෙන් මේ රටේ ජන කොට්ඨාසයන් ගණනාවක් ඉන්නවා. ඔවුන්ගේ මූලයන් ඉතිහාසයට අයිති දෙයක්. මේ ජන කොටස් අතර ජාතික සමගිය ස්ථාවර වීමෙන් තොරව රටට ඉදිරි ගමනක් නැහැ. ජන කොටස් අතර අවිශ්වාසය, සැකය වැඩිකරලා, ගැටුම වැඩිකරලා රටක ස්ථාවරභාවය සෑදිය නොහැකියි. ජාතික සමගිය ගොඩනගිය හැක්කේ සියළු  ජන කොට්ඨාසයන්ගේ ආගමික අයිතිය, සංස්කෘතියේ අයිතිය, ඇදැහිලිවල අයිතිය, භාෂාවේ අය භාෂාවේ අයිතිය ආදී සියල්ල සම අයිතියක් ලෙස පිළිගැනීමෙන් පමණයි. අපි ඒ අයිතිය පිළිගන්නවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *