|

ශක්තිමත්ම ආදරයකට පවා නිවාඩුවක් අවශ්‍ය ය -ආචාර්ය මහේෂ් හපුගොඩ

ජසින්ඩා ආර්ඩන්. නවසීලන්තය මෑතකාලයේ තෝරාගත්ත ජනප්‍රියම අගමැති කෙනෙක්.

ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් ගොඩක් අගය කරපු කෙනෙක්. ලේබර් පක්ෂේ අපේක්ෂිකාව හැටියට දැනටත් එයාගේ ජනප්‍රිය බව එතරම් අඩුවෙලා නැහැ.

හැබැයි ජනප්‍රිය බව ඒ විදියටම තියෙද්දී එයා අගමැතිකමට සමුදෙන්න තමයි දැන් සුදානම. පෙබරවාරි මාසේ 7 වැනිදා එයා ඒ තනතුරට සමුදීල අළුත් කෙනෙකුට ඒ වගකීම් බාරදෙන්න තමයි ලෑස්තිය.

එයා මෙහෙම කියනවා. ”ආයෙත් පාරක් චන්දෙ ඉල්ලන්න තරම් මට ශක්තිය නැහැ කියල හිතෙනවා. රටක් පාලනය කරනවා කියන්නේ අතිශයින් දුෂ්කර සහ වෙහෙසකර වැඩක්. ඉතාම බාරදූර වැඩක්. ඉතින් තමන්ගේ ශක්තිය ටැංකි පුරවල තියෙන්න ඕනි. අමතරව එන එක එක අනපේක්ෂිත වැඩ වෙනුවෙන් පුරවපු ටැංකියට අමතරව තව පොඩ්ඩක් වැඩිපුරත් තියෙන්න ඕනි” (reserve).

”රටේ නායකත්වය නැවත ගන්න තරම් මගේ ටැංකියේ තෙල් තියනවා කියල මම හිතන්නේ නැහැ. ඒ නිසා ඒ වැඩේට සාධාරණයක් ඉටු කරන්න මට බැරිවේවි. ඒ නිසා මගේ රටේ මිනිස්සුන්ට සාධාරණයක් වෙන එකක් නැහැ”.

”අවුරුදු හයකට පස්සේ මට කියන්න තියෙන්නේ මෙච්චරයි…අපිත් මිනිස්සු. දේශපාලඥයෝ කියන්නෙත් මිනිස්සු. අපි හැමෝටම නිවාඩු ඕනි. පිටවීමේ තැනක් තියෙන්න ඕනි”.

”මගේ ජීවිතයේ මා දැරුව වැදගත්ම තනතුර වෙච්ච නවසීලන්ත අගමැතිධූරය මට ලබාදුන්න නවසීලන්ත වැසියන්ට ස්තුතිය…”

ඇයගේ මෙම නික්මයාමේ නිවේදනය නවසීලන්තය විතරක් නෙවෙයි ලෝකයම පුදුමයට පත්කරමින් තියනවා. මොකද ඇය ලෝකයේම ජනප්‍රියයි. විශේෂයෙන් වාර්ගික සහ ලිංගිකත්ව විවිධත්වයට ගරුකරපු කෙනෙක් හැටියට ජසින්ඩා ලෝකයේම අවධානය දිනාගත්ත ගෝලීය චරිතයක්.

එයා එහෙම යනකොට අපේ ටැංකි පුරවගත්ත අය හැරමිටියෙනුත් යනවා ජනතාවට කොරන්න….

Mahesh Hapugoda 1 1(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්…)

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *