උපයෝගීතා කොමිසමේ සභාපති බලය ගැන මිත්‍යාවක : නීතිය තිබෙන්නේ සාමාන්‍ය පනතක : ව්‍යවස්ථාවේ නොවේ

 

මහජන උපයෝගිතා කොමිසම වෙනත් ස්වාධින කොමිසන් සභා මෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවා ඇති ආයතනයක් නොව පාර්ලිමේන්තුවේ සාමාන්‍ය පනතකින් පිහිටුවා ඇති ආයතනයක් නිසා ඒ පිළිබඳව තීරණ ගැනීමට පාර්ලිමේන්තුවට ඇති බලයට අභියෝග කළ නොහැකි බවත්, උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඔහුගේ බලය ගැන අධි විශ්වාසයක සිට කටයුතු කරන බව පෙනී යන බවත්, විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

තමන් ඉවත් කිරීම පහසු නැති බවට ජනක රත්නායක මහතා වහසි බස් දොඩන්නේ ඔහුගේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වාධින කොමිසමකට සමාන ලෙස සිතා විය හැකි බව එම ආරංචි මාර්ග කියයි.

ස්වාධින මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම ආදිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවා ඇති බැවින් එබඳු  කොමිසන් සභාවල පත් කිරීම් සහ ඉවත් කිරීම් නියමිත ක්‍රමවේදයට කළ යුතු අතර එසේ නොවන්නේ නම් අධිකරණයේ දී අභියෝග කළ හැකිය.

එසේ වුව ද , මහජන උපයෝගිතා කොමිසම පිහිටුවා ඇත්තේ සාමාන්‍ය පාර්ලිමේන්තු පනතක් මගිනි.  එය සංශෝධනය කිරීම ද පාර්ලිමේන්තුවේ සාමාන්‍ය වැඩි චන්දයෙන් සිදු කළ හැකිය. එමෙන් ම කොමිසමේ සාමාජිකයින් පත්කිරීමේ සහ අස් කිරීමේ ක්‍රමවේද ගැන ද පාර්ලිමේන්තුවේ සාමාන්‍ය වැඩි චන්දයෙන් තීරණය කළ හැකිය.

මෙබදු කරුනක දී අධිකරණයේ ප්‍රශ්න කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන්නේ නම් පමණක් බව තතු දත් අපගේ ආරංචි මාර්ග කියයි.

එම ආරංචි මාර්ග කියන්නේ තමන් ඉවත් කළ නොහැකි බව කොමිසමේ සභාපති ජනක රතනක මහතා කියන්නේ තම බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇතැයි වැරදි තක්සේරුවකින් බව පෙනී යන බවයි.

ඔවුන් කියන්නේ පාර්ලිමේන්තුවේ සම්මත කළ සාමාන්‍ය පනතක් වෙනස් කිරීමේ බලය ද පාර්ලිමේන්තුව සතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *