ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් වසර දෙකකට අත් හිටුවන්න චීනය එකඟ වෙයි

 

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම වසර දෙකක කාලයක් සඳහා අත් හිටුවන බවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය මුදල ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය සහතික ලබා දෙන බවත් පවසමින් ලිපියක් ඊචීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව ආරංචි මාර්ග උපුටා දක්වමින් එන්.ඩී.ටී.වී පුවත් සේවය පෙන්වා දී තිබේ.

මෙම කාලය තුළ අනෙකුත නය හිමියන් සමග එක්ව ඉදරියට ලබා දිය හැකි සහන පිළිබඳව තීරණ ගැනීමට චීනය එකඟ වී ඇති බව ද වාර්තා වෙයි.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට නිල වශයෙන් සහාය ලබා දෙන බව ඉකුත් 16 වැනිදා ලිඛිතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දෙන ලදි.

ශ්‍රී ලංකාව චීනයට ගෙවීමට ඇති ණය කෙටි කාලීනව අත් හිටුවීමට චීනය තීරණය කර ඇති බවත් මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලැස්මක් ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා ණයහිමියන් එකතු වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රකාශ කළ බව එන්.ඩී.ටී.වී පුවත් සේවය පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *