කුරුණෑගල නගරාධිපති තනතුරින් ඉවත් කරයි

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ එම තනතුරෙන් ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව නගරාධිපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ විසින් අද (21) නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ කුරුණෑගල මහ නගර සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාව පරාජයට පත් වීමෙන් පසුව එය මහ නගර සභා ආඥා පනත උල්ලංඝනය වන ආකාරයට සම්මත කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් තුෂාර සංජීව විතාරණ කුරුණෑගල නගරාධිපති තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව තුෂාර සංජීව විතාරණ 2022.12.31 වන දින සිට කුරුණෑගල නගරාධිපති ධූරයෙන් ඉවත් කළා යැයි සැලකෙන අතර වහාම බල පැවැත්වෙන පරිදි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරය පුරප්පාඩුව ඇති බවද එම ගැසට් නිවේදනයෙහි සඳහන්වේ

අරුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *