ඡන්දයට පෙර අලුත් මැතිවරණ කොමිසමක්

 

මාර්තු 9 දාට නියමිත පළාත් පාලන මැතිවරණයට පෙර නව මැතිවරණ කොමිසමක් පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ව්‍යවස්ථා සභාව පත්වීමෙන් පසු එම සභාව මගින් ස්වාධින කොමිසන් සභා අලුතින් පත් කළ  යුතු බව එම සංශෝධනය සඳහන් වෙයි.

මේ වනවිට ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් පත් කරනු ලබා ඇති අතර එය රැස්වී ස්වාධීන කොමිසන් සභා පත් කළ යුතුව ඇත.

ඒ අනුව නව මැතිවරණ කොමිසමක් ද ඉදිරි සති කිහිපය තුළ පත් කළ යුතු බව කියති.

මාර්තු 9 දා පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නම් එය සිදුවනු ඇත්තේ නව මැතිවරණ කොමිසමක් යටතේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *