විභාග කාලයේත් විදුලිය කපන්න වෙනවා – විදුලිබල මණ්ඩලය උපයෝගිතා කොමිසමට දැනුම් දෙයි

ඉන්ධන මිල දී ගැනීමට මුදල් නොමැති වර්තමානයේ  පවතින තත්ත්වය හමුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී දෛනික විදුලි කප්පාදුව සිදුකළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම වෙත දැනුම්දී තිබෙන බව වාර්තා වෙයි.

විදුලි නිෂ්පාදනයට අධික පිරිවැයක් දැරීමට සිදුවීමත්, ඊට ප්‍රමාණවත් මුදල් නොමැතිවීමත් හේතුවෙන් මෙම පියවර ගත යුතු බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

විදුලි නිෂ්පාදනයට අවශ්‍ය මුදල් ලබාදෙන්නේ නම් විදුලි කප්පාදුව සිදු නොකිරීමට හැකියාව පවතින බවද එම මණ්ඩලය දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

කෙසේවෙතත් විදුලි කප්පාදුව සිදුකළ යුතු බවට කළ දැනුම්දීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව මේ වනතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

මහජන උපයෝගීතා කොමිසම මීට පෙර සඳහන් කළේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුව සිදු නොකරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *