ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයන් තිදෙනා පත්කරයි

 

අලුතින් පිහිටුවීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවෙි සිවිල් නියෝජිතයන් ලෙස ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ වෛද්‍ය වැලිගම විදාන ආරච්චිගේ දිනේෂා සමරරත්න මහත්මීන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවෙි සාමාජිකයන් ලෙස වසර  තුනක කාලයක් කටයුතු කිරීම සඳහා අදාළ පත් කිරීම් සිදු කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අග්‍රාමාත්‍ය  සහ විරුද්ධ පක්ෂයේ නායක යන දෙදෙනාගේම නාමයෝජනා මත මෙම තිදෙනා නම් කරන බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර එම යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබූ අදාල නම් ජනාධිපතිවරයා වෙත යැවූ පසුව ජනාධිපතිවරයා විසින් මෙම පත්  කිරීම සිදු කර තිබේ.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *