ජනාධිපතිගේ සාකච්ඡාවට ජනක රත්නායක නොකැදෙව්වේ ඔහු ලැදියාවන්ගේ ගැටුමක සිටින නිසා

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් සමග පැවති සාකච්ඡාවට එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නොකැදවීමට හේතු වුයේ ඒ මහතා ලැදියාවන්ගේ ගැටුමකට ( Conflict of Interest ) මෑදි වී සිටින බවට පැහැදිලි තොරතුරු ජනධිපතිතුමා වෙත ලැබී ඇති නිසා බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

ජනක රත්නායක මහතා නිවාස ව්‍යාපෘති රැසක හිමිකරුවෙකු වන නිසා විදුලි බිල වැඩිවීම ඔහුට පෞද්ගලිකව බලපාන කාරණයක් වෙයි. මෙබඳු ලැදියාවන්ගේ ගැටුමක් ඇති විට එම තැනැත්තා එම තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් ඉවත් වී සිටිය යුතු වුව ද, ජනක රත්නායක මහතා එසේ නොකර කොමිසමේ සෙසු සාමාජිකයන්ගේ අදහස් ද යටපත් කරමින් ක්‍රියාත්මක වෙමින් සිටියි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිගේ මෙම ලැදියාවන්ගේ ගැටුම ගැන රනිල් වික්‍රමසිංහ මහතා පාර් ලිමෙන්තුවේ ද ප්‍රකාශයක් කළේය. ජනක රත්නායක මහතා එම කරුණ පිළිගත් නමුත් දිගටම එම ගැටුම්කාරී ක්‍රියාවේ නිරතව සිටියි.

උපයෝගිතා කොමිසමේ තීරණ ලෙස ජනක රත්නායක මහතා ඇතැම් ප්‍රකාශ කරන්නේ කොමිසමේ සාමාජිකයින්ගෙන් නොවිමසා බවට ද චෝදනා එල්ල වී තිබේ.

මෙම තත්ත්වය තුළ කොමිසමේ එක් සාමාජිකයෙක් කල් තබා ඉල්ලා අස් වී ඇති අතර අනෙක් තිදෙනා දැන් තමන්ගේ වෙන ම තීරණයක් ප්‍රකාශයට පත්කොට ඇත.

කොමිසමේ සභාපති රත්නායක මහතා ඊයේ ප්‍රකාශ කළේ කොමිසමේ සෙසු සාමාජිකයින්ට එරෙහි ව නඩු පවරන බව යි.

මහජන උපයෝගිතා කොමිසම ජනාධිපතිවරයාගේ අමාත්‍යංශය යටතේ ඇති ස්වාධින ආයතනයකි.

එම කොමිසමට විශේෂිත බලතල ලබා දී ඇති නමුත් සභාපතිවරයාට කිසිදු විශේෂ බලයක් ලබා දී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *