යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා තනතුරින් ඉවතට

යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරී ඇත. ඒ මහතා එම තනතුරට පත්ව ඇත්තේ 2011 වසරේදී ය.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී සිදු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය, ජෝශප් පරරාජසිංහම් ඝාතනය, ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කරවීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ද නේශන් කර්තෘ කීත් නොයාර්ට පහර දීම, මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහර දීම, රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම ඇතුළු සිදුවීම් ගණනාවක් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදුකෙරී ඇත්තේ යුධ හමුදා බුද්ධි අංශය විසින් බවට දැන් තොරතුරු අනාවරණය වෙමින් පවතී.

 

ඉහත සිදුවීම් සම්බන්ධව වගකිව යුතු යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධාන නිලධාරීන් ගණනාවකි. ඒ අතරින් බ්‍රිගේඩියර් අමල් කරුණාසේකර, බ්‍රිගේඩියර් අරුණ වන්නිආරච්චි, බ්‍රිගේඩියර් ජම්මික ලියනගේ, බ්‍රිගේඩියර් කපිල හෙන්දාවිතාරණ ප්‍රමුඛය. කෙසේවෙතත් මේ සියළුම දෙනාගේ ක්‍රියාවන්හි ප්‍රතිඵල වලට අද මුහුණ දීමට සිදුව ඇත්තේ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතාටය.

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *