දැන් තියෙන විදුලි අර්බුදය උපයෝගිතා කොමිසමේ නිරමාණයක් – ජෙෂ්ට විදුලි ඉංජිනේරුවෝ කියති

 

පසුගිය වසරේ විදුලි අර්බුදය ඇති වුයේ ඉන්ධන ගෙන්වීමට ඩොලර් නැතිවීමෙන් බවත්, එසේ වුවත් , මේ දිනවල විදුලිය කපන්නට සිදු වී ඇත්තේ ඉන්ධන මිල දී ගැනීමට විදුලිබල මණ්ඩලයට මුදල් නැතිවීම නිසා බවත්, පසුගිය සැප්තැම්බරයේ ඉල්ලු ගාස්තු වැඩි කිරීම ලබා නොදීමෙන් මෙම තත්ත්වය ඇති කළේ මහජන උපයෝගිතා කොමිසන් සභාව බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ජෙෂ්ට ඉංජිනේරුවෝ කියති.

මේ වනවිට රටේ අවශ්‍ය තරම් ඉන්ධන ඇතත් ඒවා මිල ගී ගැනීමට විදුලිබල මණ්ඩලයට මුදල් නොමැති නිසා මේ සති අන්තයේ පවා විදුලිය කැපීමට සිදු වී තිබේ.

සැප්තැම්බරයේ මණ්ඩලය ඉල්ලු ගාස්තු වැඩි කිරීම නොදීමෙන් මෙම අර්බුදය ඇති වූ බවත්, එබැවින් එයට මැදිහත් වීමට කැබිනට් මණ්ඩලයට සිදු වූ බවත්,උපයෝගිතා කොමිසමේ සභාපති එයට ද එරෙහි වී ඇති බවත් ඉංජිනේරුවෝ පෙන්වා දෙති.

පවතින තත්ත්වය යටතේ උසස් පෙළ විභාග කාලයේ නොකඩවා විදුලිය ලබා දීම ද අපහසු වී ඇති බව ඔවුහු කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *