ශ්‍රී ලංකාවේ ද්වීපාර්ශ්වික ණයහිමියන්ට ඉන්දියාවෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති සියලුම ද්විපාර්ශ්වික ණයහිමියන් එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියාකාරීව දායක වියයුතු බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා පැවසීය.

කොළඹ දී පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු එසේ පැවසීය.

“අපි කල්පනා කරන්නේ ඔවුන් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට උදව් කළ යුතුයි. අන් අය කරන තුරු බලා නොසිට නිවැරදි යැයි අපි විශ්වාස කරන දේ කිරීමට අපි තීරණය කළා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මූල්‍ය සහතිකයක් ලබා දුන්නා. එමගින් ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට පහසුවෙයි. අපේ බලාපොරොත්තුව වන්නේ එමගින් ශ්‍රී ලංකාවේ ස්ථානය තවත් ශක්තිමත් වෙයි. එසේම සියලු ද්වීපාර්ශ්වික ණයහිමියන් සමග සමානව කටයුතු කරයි කියන එක.”   

ඔහු තවදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ඉන්දියාව හැමවිටම උදව්කර ඇති බවය.

“දේශපාලන බලය බෙදීම සහ ඔහු ඒ ගැන සිතන දේ ගැන ජනාධිපතිවරයා මට පැවසුවා. මම ඔහුට පැවසුවා ඒ සම්බන්ධයෙන් 13 ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනට පැවැත්වීම වැදගත් බව. ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස්වලට බලපාන ලෙස සංහිඳියාව ඇතිකිරීම සඳහා කල්පවතින උත්සාහයක් ගැනීමේ වැදගත්කම සහ ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාවගේ අවශ්‍යතාවයන් ගැන සොයාබැලීම අවශ්‍ය බව මම පැවසුවා.

අද දෙරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *