|

මේ දැවැන්ත රාජ්‍ය අංශය තියාගෙන රට ගොඩ ගන්න බැහැ – ශ්‍රී ලංකා බිස්නස් ටීවී විශ්ලේෂක ජයන්ත කෝවිලගොඩගේ

 

 

මේ රටේ දැනට පවතින අති විශාල රාජ්‍ය අංශය නඩත්තු කරමින් රටේ ආර්ථිකය වර්ධනය කළ නොහැකි බව ශ්‍රී ලංකා බිස්නස් ටීවී ආර්ථික විශ්ලේෂක ජයන්ත කෝවිලගොඩගේ මහතා ප්‍රකාශ කරයි.

කිසිදු ඵලදායිතවයකින් තොර විශාල රාජ්‍ය අංශයක් පැවතීම රටේ ජනතාවට දැරිය නොහැකි බරක් බවත්, මේ සියලු බර දරන්නට වන්නේ සාමාන්‍ය ජනතාවට බවත් ඒ මහතා පෙන්වා දෙයි.

රටේ ජනතාවගෙන් බදු වශයෙන් එකතු කරන සෑම රුපියලකින් ම ශත 86 ක් වියදම් වන්නේ රාජ්‍ය අංශය නඩත්තු කිරීමට ය.රටේ   අනෙක් සියලු වියදම් සහ සංවර්ධන වැඩ සඳහා ඉතිරින්වන්නේ ශත 14 කි . එයින් අපගේ වියදම් පියවීමට නොහැකි නිසා අපට ණය වන්නට සිදු වී තිබේ. රට අගාධයට වැටී ඇත්තේ ඒ නිසා ය.

රජය සතු ආයතන සම්පත් යයි කීව ද, දැන් ඒවා පවතින්නේ සම්පත්  වශයෙන් නොවේ. ඒවා නඩත්තු කිරීමට ජනතාවට සිදු වී තිබේ.

රාජ්‍ය සේවකයකු වීමේ වහල් මානසිකත්වයෙන් අප මිදිය යුතු ය. ඒ සඳහා රටේ ඕනෑ තරම් ආර්ථික අවස්ථා ඇත.

අප රට ජනගහනයට සාපේක්ෂව විශාල ම රාජ්‍ය අංශයක් ඇති රටකි.

මෙම රාජ්‍ය අංශය කුඩා කිරීමකින් තොරව අප රට සංවර්ධනය කළ නොහැකි ය.

ශ්‍රී ලංකා බිස්නස් ටීවී වීඩියෝව පහළින් ..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *