‘නාමයෝජනා ගත් පසුත් ඡන්දය කල්දැමිය හැකියි’ – හිටපු මැ.කො. කියයි

නාමයෝජනා කැඳවීමෙන් පසු වුව ද මැතිවරණය කල්දැමීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ ‘දිවයින’පුවත්පත කල විමසිමකදීය.

එලෙස කල්දැමිය හැක්කේ මැතිවරණ කොමිෂන් සභාවට, නිසි බලය සහිත අධිකරණයකින් හා පාර්ලිමේන්තුවට පමණක් බව ද ඔහු කියා සිටියි.

ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව විශේෂිත තත්ත්වයක් උදා වුවහොත් මැතිවරණ පනතේ 38/3 වගන්තිය යටතේ මැතිවරණය කල්දැමීමට කොමිසමට බලය තිබෙන බව මහින්ද දේශප්‍රිය පවසයි. 38/3 වගන්තිය අනුව කොවිඩ් සමයේදී එවකට පැවැති කොමිසම මැතිවරණයක් කල්දැමූ බව ද ඔහු සිහිපත්කර සිටියි.

එමෙන්ම නිසි බලය සහිත අභියාචනාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට හා පාර්ලිමේන්තුවට මැතිවරණය කල්තැබීමේ තීරණයක් ගත හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා එම කාරණය සඳහන් කරන්නේ  මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (19) සම්මත කර ගැනීමෙන් පසු ආණ්ඩුව අධිකරණ ක්‍රියාමාර්ගයක් තුළින් මැතිවරණය කල් දැමීමේ සුදානමක් පවතින බවට විපක්ෂය සැක මතුකරමින් සිටින තත්ත්වයක් තුලයි.

(මුලාශය – divaina.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *