පුනරුත්තාපන පනතට එරෙහි වෙන්න විපක්ෂයෙන් හයයි ; පක්ෂව ආණ්ඩුවෙන් 23 යි

 

ර්මදනකාරී පනතක් ලෙස විපක්ෂය හැඳින්වීම නිසා විශාල ලෙස විවාදයට ලක් වූ පුනරුත්තාපන කාර්යාංශ පනත් කෙටුම්පතට එරෙහිව චන්දය දීමට පාර් ලිමෙන්තුවේ සිටියේ විපක්ෂ මන්ත්‍රීවරුන් හය දෙනෙකු බව වාර්තා වෙයි. ආණ්ඩු පක්ෂයෙන් සිටියේ 23 දෙනෙකු පමණී.

225 ක් මන්ත්‍රී සංඛ්‍යාවෙන් පනත සම්මත කරන විට සිටියේ 29 දෙනකු පමණී.

ඒ අනුව  පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 17 කින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සංශෝධන සහිතව සම්මතවිය.

පනතට පක්ෂව ඡන්ද 23 ලැබුණ අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද හයක් පමණි.

ඒ අවස්ථාවේ සභාවේ සිටි සමගි ජන බලවේගය පක්ෂයේ සහ ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු 6 දෙනෙක් පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහවූ පුද්ගලයන් පුනරුත්ථාපනය විධිමත් කිරීම සඳහා ප්‍රතිපාදන සැලසීම මෙම පනතේ අරමුණයි.

කෙසේ වෙතත්, විපක්ෂය කීවේ විරෝධතාකරුවන් මර්දනය සඳහා මෙම පනත ඉදිරිපත් කොට ඇති බවයි.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ දවස පුරා පැවැත්වුණු අතර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 20 කට වැඩි පිරිසක් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *