යලිත් දීර්ඝ විදුලි කප්පාදුවක් සමග දීර්ඝ ඉන්ධන පෝලිම් ?

 

රට පුරා නැවත වතාවක් දීර්ඝ විදුලි කප්පාදුවක් සහ දීර්ඝ ඉන්ධන පෝලිම් ඇතිවීමේ අවදානමක් මතුව තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති ගාස්තු වැඩි කිරීම නොකළහොත් අනිවාර්යෙන්ම විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවනු ඇති බව රජයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

එමෙන්ම නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල් අගුරු ආනයනයට ඩොලර් හිගතාවයක්ද මතුවීම මෙම තත්වය තවත් බරපතල කර ඇත.

එමෙන්ම විදුලිය උත්පාදනයට මණ්ඩලය විිසින් ලබාගත් ඉන්ධන වලට මුදල් නොගෙව්වොත් රටපුරා යලි වතාවක් ඉන්ධන පෝලිම් නිර්මාණය වන තත්වයක් පැන නැගී තිබේ.

ඒ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන ආනයනයට අවශ්‍ය ඩොලර් මිලදී ගැනීමට වුවමනා කරන රුපියල් ප්‍රමාණය නොමැති වීම මතයි

lanka C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *