සජබ කොළඹ සටනින් මුජිබර් රහමන් පක්ෂ ගහයි ! හිරුනිකා ඉදිරියට !!

 

කොලඹ  පුරපති තනතුරට ඉදිරිපත්වීමට සුදානමින් සිටි සජබ පාර් ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් මහතා එම අදහස අත්හරින තත්ත්වයක් ඇති බව වාර්තා වෙයි . එම තරඟය සඳහා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉදිරිපත් කිරීමට යන බව එම වාර්තා වැඩි දුරටත් කියයි.

පුරපති තරගය සඳහා මුජිබර් රහමන් මහතා පාර් ලිමෙන්තුවෙන් ඉල්ලා අස් වුවහොත් එම මන්ත්‍රී ධුරය ඒ එච් එම් පවුසි මහතාට හිමි වීම මෙයට හේතුව බව වාර්තා වුව ද ඒ මහතා නගරාධිපති නතුරට තරග වදින බව කලින් නිවේදනය කළේ එම තත්ත්වය දැන දැන ම ය.

කෙසේ වෙතත්, නගරාධිපති තනතුර සඳහා එජාපයෙන් ෆවුසර් මුස්තාපා මහතා ඉදිරිපත් වන බව වාර්තා වීමෙන් පසු තත්ත්වය වෙනස් වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *