තනිවම යන්න ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය තීරණය කරයි

 

උත්සව ශ්‍රීයෙන්  අලුතින් පිහිටුවාගත් නිදහස් ජනතා සන්ධානය සහ එහි ඡන්ද ලකුණ වන  හෙලිකොප්ටරය අතහැර පළාත් පාලන මැතිවරණය තනිව තරඟ කිරීමට ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය අද තීන්දු කළ බව එම පක්ෂය ප්‍රකාශ කරයි.

පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඒකමතිකව එම තීරණයට එළඹ තිබේ.

පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක රෙජිනෝල්ඩ් කුරේ මහතා මිය ගියේ වෙනත් පක්ෂවලින් එල්ල වූ පීඩනය නිසා බව ද එම පක්ෂය කියයි.

මෙම තීරණය අනුව ශ්‍රීලනිපය සියලු පළාත් පාලන ආයතන සඳහා අත ලකුණින් තරඟ වදිනු ඈත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *