|

ද්වේශ සහගතව චෝදනා කොට අපහාස කළයි සරුවා සුනිල් බිලියනයක් වන්දි ඉල්ලයි !

 

2012 වසරේ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවකින් නිදොස් කොට නිදහස් වූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් තමාට ද්වේෂසහගත චේතනාවෙන් චෝදනා එල්ල කළේ යැයි කියමින් නීතිපතිවරයාගෙන් සහ පොලිස් නිලධාරීන්  දෙදෙනෙකුගෙන්  රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර ඇත.

2012 වසරේ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම (ව්‍යවස්ථාපිත දූෂණය) සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සාරුව ලියනගේ සුනිල්  නමැත්තාට කොළඹ මහාධිකරණය වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කොට තිබිණි.

කෙසේ වෙතත්,ඔහු විසින් ගොනු කරන ලද අභියාචනා පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය, පැමිණිල්ල සාධාරණ සැකයෙන් ඔබ්බට නඩුව ඔප්පු කර නොමැති බවට නිගමනය කරමින් කොළඹ මහාධිකරණය නියම කොට තිබු දඬුවම ඉවත් කිරීමට පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 11 වැනිදා තීරණය කළේය.

ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත, පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බටුවිතවත්ත සහ නීතිපතිවරයා තමන්ට එරෙහිව  සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ නඩු පැවරීමට කටයුතු  කර ඇති බවට පැමිණිල්ලේ සාරුව ලියනගේ සුනිල් මහතා චෝදනාකොට තිබේ.

පැමිණිලිකරුගේ කීර්තිනාමයට හානි වීම හා දීර්ඝ කාලීන සිරගත කිරීම්වලට හා ව්‍යාපාර කඩා වැටීමට එහි බලපෑමට  රුපියල් බිලියන 1 ක අලාභයක් අයකර ගැනීම සඳහා පැමිණිලිකරු මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *