මැයි 09 වනදා පහර දී ගිනිබත් කිරීමේ සිද්ධියට අදාළ රිට් පෙත්සම විභාගයට

මැයි 09 වනදා සිද්ධියට අදාළව අධිකරණයෙන් විශේෂ නියෝගයක්

දේශපාලනඥයින්ගේ නිවාසවලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් ගොන්කර තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (16) නියෝග කර තිබේ.

පසුගිය මැයි මස 09 වනදා දේශපාලකයින්ගේ නිවාසවලට පහර දී ගිනිබත් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අදාළ පෙත්සම ගොනුකර තිබුණි.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට පෙබරවාරි මස 24 වනදා කරුණු දක්වන ලෙස දන්වා අධිකරණය නොතීසි නිකුත් කළේය.

පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම් වරයා, යුද හමුදාපතිවරයා, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මහජන සාමය පිළිබඳ අමාත්‍යාශයේ ලේකම්වරයා ඇතුළු 18 දෙනෙකු එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

පසුගිය මැයි මස 09 වනදා නිවාස හානි සිදුවූ බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, සිරිපාල ගම්ලත්, එස්, එම්, චන්ද්‍රසේන, ශෙහාන් සේමසිංහ, රෝහිත අබේගුණවර්ධන, කෝකිලා ගුණවර්ධන, සහන් ප්‍රදීප් ඇතුළු දේශපාලනඥයින් 39 දෙනෙකු විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *