ශ්‍රී ලංකාවට කොළ එළියක් රැගෙන විදේශ ඇමති ජයිෂන්කර් එයි

 

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙරට අවශ්‍යතාවයන්ට ඉන්දියාවෙන් ධනාත්මක පිළිතුරක් ලැබෙනු ඇතැයි ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් “ද හින්දු” පුවත්පත වාර්තා කර ඇත.

එසේම ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය වීම පිළිබඳ එස්.ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරනු ඇතැයි එම පුවත්පත පෙන්වා දී තිබේ. එසේම බලශක්ති සුරක්ෂිතතාව, ආහාර සුරක්ෂිතතාව, විදේශ මුදල් හුවමාරු පහසුකම් සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ දෙරට අතර සාකච්ඡා පැවැත්වෙන බවත් එස්.ජයිශංකර් මහතාගේ දෙදින නිල සංචාරයේදී ඒ පිළිබඳ නිවේදන කිහිපයක් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බවත්  “ද හින්දු” පුවත්පත වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහාය වීමට පසුගිය වසරේ ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ක පමණ සහායක් ලබා දුන් පරිද්දෙන් ඉදිරියටත් සහාය ලබා දෙනු ඇතැයි  “ද හින්දු” පුවත්පත සඳහන් කර ඇත.

ත්‍රිකුණාමල සංවර්ධන ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බලශක්ති සම්ප්‍රේෂණ සබඳතාවක් ඇති කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් වලට එළඹීමට  සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.

(විමුක්ති එස් රුද්‍රිගු)

ලංකාදීප 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *