වාරියපොල එජාප කාර්යාලයට ගිනි තබයි

 

එක්සත් ජාතික පක්ෂයේ වාරියපොල කාර්‍යාලයට පිරිසක් විසින් ඊයේ රාත්‍රියේ ගිනි තබා ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.

වාරියපොල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධනුෂ්ක බාලසූරිය මහතා විසින් කරන ලද පැමිණිල්ලේ දැක්වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් විසින් මෙම ගිනි තිබීම කරන ලද බවයි.

තමාට තර්ජනය කරමින් එම ගිනිතැබීම සිදුකර ඇති බවත් තමන් විසින් එම පිරිස හඳුනා ගත් බවද ඔහු පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

ජනාධිපතිවරයා ගේ පින්තූරය සහිත කටවුට් කිහිපයකට ද මෙම පිරිස ගිනි තබා ඇති බව ද සංවිධායකගේ පැමිණිලි දැක්වෙයි.

lanka C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *