අලුත් ව්‍යවස්ථාව සාමාජික හා ආර්ථික අයිතිවාසිකම් ඇතුළත් කල යුතු ද ? – මහාචාර්ය රසීන් සාලි

razeen salyනව ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු සාමාජික හා ආර්ථික අයිතිවාසිකම් පිළිබඳව ප්‍රසිද්ධ පුද්ගලයන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධානද උද්ඝෝෂණය කරති. මූලික අයිතිවාසිකම් යටතේ ඉහත සඳහන් අයිතිවාසිකම් පනත නීති ගත කරගැනීම ඔවුන්ගේ අවශ්‍යතාවයයි.

සාමාජික හා ආර්ථික අයිතිවාසිකම් මොනවාදැයි වර්ගීකරණය කර දක්වා ඇත. එහිදී අධ්‍යාපන, ආහාර, ජලය, නිවාස, ආරක්ෂාව ප්‍රමාණවත් වැටුප්, ආරක්ෂිත රැකියා, බලයෙන් පැහැර නොගැනීම්, සෞඛ්‍යය සේවා, සමාජමය ආරක්ෂාව සහ පිරිසිදු පරිසරය සමගම පුරවැසි සහ දේශපාලන නිදහස යන කරුණු දක්වා තිබුණි. මෙම සේවාවන් සැපයීම රජයකට ඇති අමාරුම සහ දුෂ්කරම කාර්යය වෙයි.

සීරුවෙන් ඉටු කළ හැකි අරමුණු නොවෙයි. මෙම අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාවලිය නීත්‍යානුකූල විය යුතුවාක් මෙන්ම අධිකරණයේ පරීක්ෂාවට ලක්කර වලංගුභාවය ලබාගත යුතු වෙයි. මෙය අතිශය භයානක අදහසකි. උපදේශකයින්ගේ අරමුණු නියත වශයෙන්ම පරාජය කරන බවට ශපථ කරයි. ඒ කෙසේ නමුත් ව්‍යවස්ථා සම්පාදනයේදී දේශීය හා විදේශීය පාලන ක්‍රමවේද පිළිබඳව සැලකිලිමත් වීම මෙහිදී ප්‍රථමයෙන් සිදු කළ යුතු කාර්යයි.

තෙවැනි කොටස වූ ආර්ථික, සාමාජික හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිඥාවන්හි මෙම අයිතිවාසිකම් ඇතුළත් වී ඇත. ඉන් අදහස් කරනුයේ අපේක්ෂාවන්ගේ ක්‍රියාවලියකි. මෙම අරමුණු අවබෝධ කර ගනිමින් අමාරුවකින් තොරව නීත්‍යානුකූලභාවය ඇති කරගෙන රට ඇතුළත ජාතීන් හට බල කරමින් ව්‍යවස්ථා සම්පාදන කටයුතු ඉදිරියට කරගෙන යාමට රජය බලාපොරොත්තු වෙයි.

පුරවැසි ආරක්ෂාව දේශපාලන හා ආර්ථික නිදහස

අන්තර්ගත නව ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකාවට අවශ්‍යයි.

යුරෝපීය සමාජමය ප්‍රකාශයට සමාන වන, ශ්‍රී ලංකා ව්‍යවස්ථා සම්පාදකයන්ගේ ජනප්‍රියත්වයට පත් දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාවෙහි ඇතුළත් සාමාජික හා ආර්ථික අයිතිවාසිකම් පිළිබඳ සැලකිලිමත් වන මුත් එහි ඇති භාෂාව නීත්‍යානුකූලත්වයට වඩා අපේක්ෂා සහගත බව පිළිගෙන ඇත. ආර්ථික සහ සාමාජික අයිතිවාසිකම් පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය රජය සතු විශේෂිත බලයක් ලෙස ප්‍රකාශ කරන ඉන්දීය ව්‍යවස්ථාව එම බලයට අධිකරණයටවත් බලපෑම් කළ නොහැකි බව නිශ්චිතවම දක්වා ඇත. 1972 සහ 1978 සකස් කරන ලද ශ්‍රී ලංකා ව්‍යවස්ථාවන්හිද එම කරුණ එලෙසම දක්වා තිබේ.

ඒ ‍එසේ නම් මෙම අයිතිවාසිකම් පිළිබඳ වරද කුමක්ද? නීත්‍යනුකූල ක්‍රියාමාර්ග නොගන්නේ ඇයි? ඇත්තෙන්ම අප සෑම කෙනෙක්ගේම කැමැත්ත සහ අනුග්‍රහය සුදුසු අධ්‍යාපනයක් ලබා ගැනීමට හොඳ සෞඛ්‍ය සේවාවක්, ආහාර , ජලය, නිවාස, වැටුප් සේවා කොන්දේසි, සමාජ ආරක්ෂාව සහ පිරිසිදු පරිසරයක් ලබා ගැනීමට හිමි වේ. මෙම කරුණෙහි දෙපැත්තක් ඇත. දාර්ශනික පැත්ත සහ ප්‍රායෝගික පැත්ත යනුවෙනි. මේ දෙපැත්තටම විරුද්ධව තර්ක ඉදිරිපත් කළ හැකිය.

දාර්ශනික පැත්ත දෙස ප්‍රථමයෙන් බලමු.

නූතන මුල් යුගයේ ව්‍යවස්ථා කේන්ද්‍රීය කර ගත්තේ පුරවැසි අයිතිවාසිකම් පමණි. පුරවැසි අයිතිවාසිකම් ලෙස සඳහන් කර තිබුණේ කථා කිරීමේ නිදහස සහ සමිති සමාගම්වල රැස්වීම් පැවැත්වීමේ නිදහස වැනි කරුණු පමණකි. නිදසුන් ලෙස – 1689 ඇති වූ කීර්තිමත් විප්ලවයෙන් පසු ගෙන ආ අයිතිවාසිකම් පිළිබඳ ඉංග්‍රීසි පනත සහ ඇමෙරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාවෙහි ඇතුළත් අයිතිවාසිකම් පිළිබඳ පනත උරගල් ලෙස හැඳින්විය හැකිය. දේශපාලන අයිතිවාසිකම් සහ සියලුම වැඩිහිටියන්ට ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය පසුකාලීනව එක්කරන ලද කොටස් වෙයි. ඊටත් පසුව ආර්ථික අයිතිවාසිකම් ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලදී.

මෙසේ සහතික කරන ලද නිදහස මගින් නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතරට රජය මැදිහත් වීම තුළින් වෙළඳාමෙහි නිදහස, ගිවිසුම් පිළිබඳ නිදහස, පුද්ගල අයිතිවාසිකම් පිළිබඳ නිදහස මිලදී ගැනීමේ සහ විකිණීමේ නිදහස මූර්තිමත් විය. මෙය ඉංග්‍රීසින්ගේ පෞද්ගලිකත්වය පිළිබඳ නීතිමය අයිතිවාසිකමයි. බ්‍රිතාන්‍ය පොදු නීතිය වූ මෙය විශේෂයෙන් සංවර්ධනය කර බ්‍රිතාන්‍ය යටත් විජිතවලට අානයනය කරන ලදී. මෙය එක්තරා අනුමත ව්‍යවස්ථාමය ප්‍රතිඵලයකි.

1930 දී සිදුවූ නව ගනුදෙනුවක් හේතුකොටගෙන පෞද්ගලික දේපළ රජයට පවරා ගැනීම් වැනි කටයුතු ඇතුළත් වෙළඳාම් පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාවෙහි ඇතුලත් වගන්තිය උසාවිය මගින් තහනම් කරන ලදී.

20 වැනි සියවස දක්වා පුරවැසි සහ ආර්ථික අයිතිවාසිකම් නිදහස් අයිතියක් ලෙස සැලකීය. නූතන නිදහස්වාදයේ පියා ලෙස සැලකෙන ජෝන් ලොක් ට අනුව එවැනි අයිතිවාසිකම් ආරක්ෂා වූයේ නිදහස වැළකීමක් ලෙසිනි. නිදහස වනාහී කෙනෙකුගේ අපේක්ෂාවන් වූ මුත් අන්‍යයන්ගේ නිදහසට බාධා කිරීම තහනම් වූ ක්‍රියාවකි. ජෝන් ස්ටුවර්ට් මිල් ප්‍රතිවිරුද්ධ නීති මගින් ආරක්ෂා කරන පුද්ගලයන්ගේ නිදහස යනු පෞද්ගලික කණ්ඩායම්වල සහ රාජ්‍ය බලය සීමා කිරීමක් ලෙස විස්තරාත්මක ලෙස පැහැදිලි කර ඇත.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අයිතිවාසිකම් සහ නිදහස පිළිබඳ වෙනස් සංකල්ප ඉදිරිපත් වූ අතර එම සංකල්ප ව්‍යවස්ථාව තුළට ඇතුළත් කරනු ලැබුණි. එක්සත් ජාතීන්ගේ ලේඛනයක ඇතුළත් වගන්තියක ජාත්‍යන්තර ආර්ථික -සාමාජික සහ සහයෝගිතාවය පිළිබඳ විස්තර කෙරෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස බිහි වූ ආර්ථික සමාජ හා සංස්කෘතික අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICESCR) මගින් ආර්ථික, සාමාජික සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ නිශ්චිත තීරණයකට එළඹීම සඳහා අවශ්‍ය දොරවල් විවෘත විය.

මෙහිදී අයිතිවාසිකම් යන්න පිළිබඳ නිශ්චිත වූත්, නිවැරැදි වූත්,පැහැදිලි විස්තරයක් සපයා ඇත. එහිදී අයිතිවාසිකම් වළකාලී‍මට විරුද්ධ වූ අතර විශේෂිත ක්‍රියා කීපයක් පමණක් තහනම් කර ඇත. මෙම අර්ථකථනය සාමූහික ක්‍රියාවන් සඳහා පුළුල් වූ දර්ශනයක් ඉදිරිපත් කළේය. එම දර්ශනයට අනුව රජය ස්ථිර වශයෙන්ම සැපයිය යුතු අධ්‍යාපනය, ආහාර, ජලය, සෞඛ්‍ය සේවා, නිවාස, ප්‍රමාණවත් වැටුප් , කම්කරු සහ පාරිසරික තත්ත්වයන් පමණක් නොව වෙනත් දේද ඇතුළත්ව ඇත. ඉහත සඳහන් ලේඛනයෙහි අඩංගු නාම ලැයිස්තුව කිසිදා අවසන් නොවන්නකි.

රජය විසින් සපයනු ලබන අයිතිවාසිකම් සීමා කිරීම වෙනුවට නිශ්චිත අයිතිවාසිකම් රැසක් සියලු බාධා ඉවත් කරන මන්තරයක් සේ දීර්ඝ කිරීමක් සිදුකර ඇත. නිශ්චිත අයිතිවාසිකම් පිළිබඳ නූතන න්‍යායයන් ඉදිරිපත් කිරීමේදී අමර්ත්‍යාසෙන් සහ ජෝන් රෝව්ල්ස් ගේ බලපෑම් ඉදිරියෙන් සිටී. ලොකින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්ප්‍රදාය නිදහස් මතධාරී සම්භාවනීය වූවකි. නමුත් සෙන් සහ රෝව්ල්ස් අයත්වන්නේ සාමූහික සමාජීය ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකටය. ඒ අනුව යුක්තිය පසිඳලීම ඇරිස්ටෝටල් යුගය දක්වා දිවෙයි.

මේ පිළිබඳ මගේ මතය දැන් ඉදිරිපත් කරමි. මමද නිදහස් මතධාරී සම්භාවනීය මතවාදියෙක්මි. මම නිශේධාත්මක අයිතිවාසිකම් උසස්කොට අගය කරමි. ඒ සඳහා පුරවැසි, දේශපාලනික සහ ආර්ථික අයිතිවාසිකම් ඇතුළත් වෙයි. ස්වකීය රාජ්‍ය තුළ මෙන්ම ජාත්‍යන්තරය තුළ ද වෙළඳාම් කිරීම, ගිවිසුම් කඩකිරීම සහ දේපළ අයිතිය සහ අයිතිය ඉවත් කර ගැනීම පිළිබඳ නිදහස අධිකරණ ක්‍රියාමාර්ගයන්ගෙන් විය යුතු බව පරමාදර්ශී ව්‍යවස්ථාවක ඇතුළත් විය යුතුය යනු මගේ අදහසයි.

ඇත්තෙන්ම ඒ මගින් රාජ්‍ය බලය දැඩි ලෙස සීමා කෙරෙයි. මෙම අදහස ලොව පුරා විසිරී සිටින ගණනින් අඩු පිරිසකගේ ඇගයීම වන අතර මමද එය අගය කරමි. එවැනි බලකිරීම් වැඩි දෙනෙකුගේ කැමැත්ත මෙන්ම නීත්‍යානුකූලත්වයන් හීන කරයි. ඒ නිසා ආර්ථික නිදහස දීර්ඝ කිරීම පිළිබඳ ප්‍රතිපත්ති සහ නීතිමය රාමුව ගැන ප්‍රසිද්ධ වේදිකාවේ මා හට තර්ක කිරීමට සිදුව ඇත.

මෙය ව්‍යවස්ථා සංශෝධනයක් නොව ඡන්ද විමසීම හා සම්බන්ධ දේශපාලන කරුණකි. ව්‍යවස්ථා සංශෝධනය සඳහා ප්‍රමාණවත් සහයෝගයක් වැඩි දෙනෙක්ගෙන් ලැබෙයි. ඒ එසේ වුවද ප්‍රජාතන්ත්‍රවාදී නිදහසෙහි ඇති නෛසර්ගිකභාවය මගින් නිදහස් අයිතිවාසිකම් සමග ජනප්‍රිය අපේක්ෂාවන් සමනය කරගත හැකිය.

නිශ්චිත අයිතිවාසිකම්

නිශ්චිත අයිතිවාසිකම් පිළිබඳව දැන් සාකච්ඡා කරමු. මෙහිදී මම දාර්ශනික අදහස් සමග ක්‍රියාත්මක වීමේදී අපේක්ෂා කරන අරමුණු ඒ හා සම්බන්ධ කරමි. බොහෝ දෙනෙකුගේ කැමැත්ත සේම මමද සියලුම දෙනාට විශේෂයෙන් හොඳ අධ්‍යාපනයක්, සෞඛ්‍ය සේවාවක්, සුදුසු වැටුප් තලයක්, නිවාස ආදිය ලැබෙනවාට කැමැත්තෙමි. විශේෂයෙන් ඉහත සඳහන් අයිතිවාසිකම්වලින් තොරව ජීවත්වන පිරිසට ලැබෙනවාට කැමැත්තෙමි.

මෙම අයිතිවාසිකම් සැපයීමට ඇති හොඳම සහ සුදුසුම මාර්ගය වන්නේ නිදහස් වෙළඳ ආර්ථිකය, ඉතිරි කිරීම් සහ ආයෝජනයන්ට ඉහළම නිදහස, මහාපරිමාණ ව්‍යාපාර සහ රැකියා සහ ධනවත් බව නිර්මාණය කිරීම හරහා යැයි මම සිතමි. සෞඛ්‍ය සම්පන්න ජනතාව, පහසුකම් සහිත නිවාස, හොඳ අධ්‍යාපනයක් සහ තිරසාර ඉහළ ආදායම් මාර්ග තුළින් පමණක් සමෘද්ධිමත්භාවයට ඉඩ ලැබේ. බටහිර සහ පෙරදිග ආසියාතික ව්‍යඝ්‍ර ආර්ථිකයෙන් දෙනු ලබන පාඩම එයයි

නිශ්චිත අයිතිවාසිකම් යනු ගැටලු සහගත කරුණකි. මන්ද යත්, ඒවා විෂය පථයට අන්තර්ගතව ඇතුළත් වන හෙයිනි. මෙහිදී ජීවත්වීමට ප්‍රමාණවත් සාධාරණ වැටුප කොපමණද? සුදුසු අධ්‍යාපනය යනු කුමක්ද? සුදුසු නිවාස සහ සෞඛ්‍ය ආරක්ෂණය කුමක්ද? පිරිසිදු පරිසරය යනු කුමක්ද යන ගැටලු මතුවෙයි. මේ සියල්ල අපි සැවොම අපේක්ෂා කරන්නෙමු. නමුත් මේ සඳහා වෙනස් නොවන ස්ථිරව ගත හැකි විෂය මූලික නිර්නායකයන් පිළිබඳ ක්‍රමවේදයක් නොමැත.

ඒ සඳහා දැඩි නීති රීති සාදමින් ව්‍යවස්ථාවෙහි මූලික අයිතිවාසිකම්වලට ඇතුළත් කරමින් රජය මගින් බේරුම් කිරීමට සහ අධිකරණයේ මැදිහත්වීමට ආරාධනා කරමි. මේ තත්ත්වය ආර්ථික නිදහසට බාධා පමුණුවන අතර ආර්ථික සුබසාධන කටයුතුවලට විනාශය ළං කරයි.

නිෂ්පාදන මට්ටම් ගැන තැකීමක් නොකර ඉහළ වැටුප් සහ අධ්‍යාපනය සඳහා ඉහළ වැය කිරීම් සෞඛ්‍ය සේවාවන් මෙන්ම අනෙකුත් ජනතා සේවාවන් ව්‍යවස්ථාගත කිරීමෙන් වෙළඳ පොළෙහි මතය උපයන එන්ජින්වල ක්‍රියාකාරිත්වය හීන වී යාම වැළැක්විය නොහැකිය. සිය ලාභය ගැන පමණක් සිතන කණ්ඩායම් තව තවත් අයිතිවාසිකම් ඉල්ලමින් දේශපාලකයන්,නිලධාරීන් සහ විනිසුරුවරුන් පසුපස රංචු වශයෙන් සැරි සරන්නේ වලසුන් මීවද සොයා යන්නා සේය.

මෙන්න මේ නිසා අසීමිත මැදිහත්වීම්, ආදායම් බදු වැඩිකිරීම්, වැඩිපුර ණයගැනීම්, මිල පාලනය කිරීම් සහ වෙ‍ළඳාම ආරක්ෂා කිරීම වැනි කටයුතු ඇතිවීම වැළැක්විය නොහැකිය. මේ ක්‍රමය තුළින් හොඳින් සංවිධානය වූ දේශපාලනමය සම්බන්ධතා ඇති ඉතා සුළු කණ්ඩායම් ප්‍රයෝජන සහ වාසි ලබන අතර අනෙකුත් සියලු දෙනාට එනම් බහුතරයක් වූ සාමාන්‍ය ජනතාවට කිසිදු සේවයක් සිදු නොවෙයි.

මෙම අයිතිවාසිකම් කාණ්ඩය තුළින් වෙ‍ෙළඳාම ඉවත් කරනු ලැබු‍වහොත් තත්ත්වය කෙසේ ද? උපදේශකයෝ නිශ්චිත අයිතිවාසිකම් (කෙළවරක් නොමැති) නොමිලේය යැයි උපකල්පනය කරති. ඇත්තෙන්ම එය එසේ නොවිය යුතුය. ඒ සියල්ලකටම ආර්ථික වශයෙන් මිලක් ඇත. ඒ නිසා ලංකාව වැනි දුප්පත් රටක් හොඳ අධ්‍යාපනයක්, අසමාන වැටුප් තල හා නිවාස යන කටයුතු වලින් ඉවත්වීම වඩා යහපත් වේද? නැතිනම් එවන් කටයුතු ඉටු කිරීම යහපත් වේද? නැවතද සිහිපත් කරනුයේ මෙම කරුණු විෂයානුගත තීරණයන්හි ඇතුළත් වන බවයි.

මෙම කරුණු විෂය මත රඳා පවතිනාමුත් බලාපොරොත්තු වන අන්දමින් පාලනය කළ නොහැක. ඒ අනුව මෙහි අවසානය කොතැනද? අයිතිවාසිකම් පිළිබඳ සතුට ඇති කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කෙළවරක් නොමැති අයිතිවාසිකම් ඇතුළත් නොකළ යුතුයි. එසේ සිදු කළහොත් එය සියලුම කටයුතු සඳහා අවසානයක් නොමැති රාජ්‍ය මැදිහත්වීම්වලට ආරාධනා කිරීමකි. ස්වකීය යහපත සඳහා පුද්ගල නිදහස සීමා කිරීම එහි අන්තර්ගත අදහස වෙයි. එය හරියට වහල්භාවයට ගෙනයන හයික්ගේ පාර මෙන් ලිස්සන සුළු බෑවුමක් වෙයි. එසේම එය සාමූහික දිළිඳුභාවයට මාර්ගයද වෙයි.

වෙනත් ප්‍රායෝගික බාධක

ප්‍රායෝගික බාධක තවත් ඇත. ආර්ථික හා සාමාජික ප්‍රතිපත්ති නිශ්චිත කිරීමට විනිශ්චයකාරවරු අදක්ෂවෙති. කුමන වැටුපක් නියම කරන්නද? කුමන අන්දමේ අධ්‍යාපනයක් මෙන්ම නිවාස සහ පාරිසරික තත්ත්වයන් පිළිබඳ තීරණ තීන්දු දීමට මේ මිහිපිට ඔවුන් දන්නේ මොනවාද? එසේම ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඡන්ද පැවැත්වීම, ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයන් ගනු ලබන තීරණ පිළිබඳ ජනතාවට තර්ක විතර්ක කිරීමට කරුණු කාරණා ඇත. අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදයට ඒ තුළම අනතුරු කරනවා යැයි පැවසිය හැකිය.

ආර්ථික සහ සාමාජික අයිතිවාසිකම් ව්‍යවස්ථාපිත කිරීමෙන් අවසානයේ බලය තවදුරටත් මධ්‍ය ගත වෙයි. පළාත් සභා ඇතුළු පළාත් පාලන ආයතනයන්හි බලය තවදුරටත් හීන කරයි. මේ අවස්ථාවෙහි ශ්‍රී ලංකාවට ඉතා නිවැරිදි නව ව්‍යවස්ථාවක් අවශ්‍යය. ඒ තුළින් ජනතාවට සමීප වන සේ බලය විමධ්‍යගත විය යුතුය.

ආර්ථික, සාමාජික, දේශපාලනික සහ පුරවැසි නිදහස ආරක්ෂා කිරීම්වස් ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් අවශ්‍යය. ව්‍යවස්ථා කෙටුම්පත සැකසීමේදී බොහෝ දෙනෙක් දායක වී ඇත. සමහරෙක් දේශපාලනික සහ නීති විශාරදයෝ වෙති. නමුත් ආර්ථික විද්‍යාව පිළිබඳ බුද්ධිමතුන්ගේ දායකත්වය කැපී පෙනෙන අන්දමින් හීන වී ඇත. ව්‍යවස්ථා සම්පාදකයින්ගෙන් සමහරෙක් දේශපාලනික වශයෙන් නිදහස් මතධාරීන් බව ප්‍රකාශ කරති.

සුළුවෙන් හෝ යමෙක් සිටිය නම් ඔව්හු ආර්ථික නිදහස් මතධාරීන් විය යුතුය. ඇත්තෙන්ම බොහෝ දෙනෙක් සාමුහික අයිතිය පිළිගත් අය වෙති. නව ව්‍යවස්ථාවට උපදෙස් දෙන ඇතැම් උපදේශකයෝ නිදහස් වෙළෙඳපොළ පිළිකුල් සහගත ලෙස බැහැර කරමින් ඒ සඳහා බාධා පමුණුවන සමාජවාදීහු වෙති. ඒ අය ඉල්ලුම් කරන්නේ පාලනය කරන ලද ආර්ථිකයකි. තවත් සමහරෙක් හොඳින් ක්‍රියාත්මක වන ආර්ථික වෙළඳ පොළ කෙරෙහි ඇලුම් කරති. මේ සියලු දෙනාම යහපාලනය නම් ගීතය ගායනා කරති.

යහපාලන ක්‍රියාකාරීන්ට සහ නිදහස් මතධාරීන් යැයි ප්‍රසිද්ධියේ කියා ගන්නා පිරිසට නැවතත් සිතා බලන්න කියා මම කියමි. පහසුවෙන් අදහස් වෙනස් නොකරන සාමුහික අයිතිවාසිකම් ගැන කථා කරන ප්‍රයෝජනවත් මෝඩයින්ට අනෙක් අය යන මග නොයන ලෙස දන්වමි. ජීවන තත්ත්වයන් ප්‍රපාතය කරා හෙළනු ලැබූ පාන් පෝලිම් සහ බඩගිනි හමුදාවන්ගේ ආචාර පෙළපාලි වලින් සමන්විත වූ 1970 දශකය වෙත මේ රට ආපසු ගෙන නොයන ලෙස ඉල්ලමි.

ආර්ථික හා සාමාජික අයිතිවාසිකම් නව ව්‍යවස්ථාවෙහි ඇතුළත් කිරීම භයානක අදහසකි. ඉහත සඳහන් කරුණු නව ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම තුළින් අයහපත් පාලනය ඉහළ දැරීමට හේතුවන වෙනත් මගක් ගැන මට සිතා ගත නොහැකිය.

එහෙයින් පැහැදිලි පිරිසිදු සිතුවිලිවලින් යුක්ත උත්සාහවන්ත පුරවැසියන් ඒ සඳහා විරුද්ධත්වය ප්‍රකාශ කළ යුතුය.

 

රසීමි සාලි
ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ සභාපති ,
සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ලී ක්වාන් යු පාසලේ සහය මහාචාර්ය 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *