හිටපු ඇමති රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයෙකු වන රෙජිනෝල්ඩ් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 74 වන වියෙහි පසුවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක, හිටපු බස්නාහිර පළාත් මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේ මහතා ඊයේ(12) රාත්‍රි වාද්දුව හෝටලයක පැවතී රැස්වීමක් අතරතුර හදිසි හෘද ආබාධයකට ලක්වී රෝහල් ගතකර ඇත.
සාකච්ඡාව අතරතුර පපුව අල්ලාගෙන සිටී හිටපු මහ අමාත්‍යවරයාව පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් ගිලන් රථයකින් කළුතර ශීක්ෂණ රෝහලට යොමුකිරීමට පියවර ගෙන තිබේ.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සහ අපේක්ෂකයන් තෝරාගැනීම සදහා සාකච්ඡාව සිදුව ඇතැයිද සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *