පොලී තවත් බසී

 

ඊයේ (11) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී සියලුම පරිණත කාණ්ඩවල පොලී අනුපාතිකයන් සැලකිය යුතු පරිදි පහළ ගොස් තිබේ.

දින 91 භාණ්ඩාගාර බිල්පත් පොලිය 32.01% සිට 31.15% ක් දක්වා පදනම් අංක 86 කින්, දින 182 බිල්පත් පොලිය 32.02% සිට 31.37% ක් දක්වා පදනම් අංක 65 කින් සහ දින 364 බිල්පත් පොලිය 29.16% සිට 29.04% ක් දක්වා පදනම් අංක 12 කින් පහළ යන ලදී.

වෙන්දේසිය සඳහා රු. මිලියන 88,000 ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ලැබී තිබුණු අතර ඊට රු. මිලියන 226,384 ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණි.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *